Tuesday, January 1, 2013

දූෂණයට ලක්ව මියගිය ඉන්දියානු තරුණිය වෙනුවෙන් තවදුරටත් උද්ඝෝෂණ

DJ Avantha Creations

මීට දෙසතියකට පෙර ඉන්දියාවේ බස්රථයක් තුළදී සමූහ දූෂණයට ලක්ව මියගිය තරුණිය වෙනුවෙන් නවදිල්ලි නුවර තවදුරටත් දැවැන්ත උද්ඝෝෂණ සිදුකෙරෙමින් පවතියි. මියගිය තරුණිය වෙනුවෙන් ශෝක පැවැත්වීම සඳහා 2013 නව අවුරුදු උදාවේ සැමරුම් උත්සව රාශියක් අවලංගු කිරීමටද පියවර ගෙන තිබිණ. මෙම යුවතියගේ සිරුර පසුගිය ඉරිදා නවදිල්ලි නුවරදී ආදාහනය කරන ලදී. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වන ඇය බරපතළ තත්ත්වයේ පසුවෙද්දී සිංගප්පූරුවේදී රෝහල්ගත කරන ලද අතර එහිදී මියගියාය. ඇය මියගිය බවට සැළවූ 29 වන සෙනසුරාදා දින ඉන්දියාව පුරා පැවැති සාමකාමී විරෝධතාවයකට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වූයේ කාන්තාවන් උදෙසා වඩාත් දැඩි රැකවරණයක් අවශ්‍ය බව අවධාරණය කරමිනි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........