DJ Avantha Creations
සරල විනෝදාත්මක සිනමාව, ටෙලිනාට්‍ය කලාව සේම ගුණාත්මක ගැඹුරු කලා නිර්මාණ කරාද විහිදිය හැකි රංගන පරාසයක් ඇති නළු නිළියන් අල්පය.මේ
අප කතා කරන්නට සැරසෙන්නේ එවැන්නකු පිළිබඳවය. වාණිජ සිනමාව තුළ ඔහුට ලැබුණු
චරිත බොහොමයක් තුළ දුෂ්ටයා සැඟවී තිබුණද තමා සතු
රංගන ප්‍රතිභාවයත් තමාටම ආවේණික දඟකාරී කඩවසම් පෙනුමත් නිසාම ඒ චරිත පවා
වෙනස්ම අයුරකින් මවන්නට ඔහුට හැකි විය. දශක එකහමාරකට ආසන්න කාලයක් කලා
ක්‍ෂේත්‍රයේ රැඳී සිටින බුද්ධික ජයරත්න නම් මෙම රංගන ශිල්පියා කලකට පසු
“රිද්ම” හා එක් විය.
මේ දවස්වල නම් “සෙනසුරු මාරුව“ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “ආදරියේ”සහ “ඉටිමල්” ටෙලිනාට්‍යවලටත් හොඳ ප්‍රේක්ෂක අවධානයක් තියෙනවා. චිත්‍රපට දෙකක් සහ ටෙලිනාට්‍ය තකී හිපයක් විකාශය වීමටත් නියමිතයි.
බුද්ධික මේ දවස්වල මොනවද කරන්නේ.....?
මේ දවස්වල නම් “සෙනසුරු මාරුව“ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “ආදරියේ”සහ “ඉටිමල්” ටෙලිනාට්‍යවලටත් හොඳ ප්‍රේක්ෂක අවධානයක් තියෙනවා. චිත්‍රපට දෙකක් සහ ටෙලිනාට්‍ය තකී හිපයක් විකාශය වීමටත් නියමිතයි.
ඔය කතා කරන්නේ බුද්ධික ජයරත්න කියන නළුවා ගැන, බුද්ධික ජයරත්න කියන අධ්‍යක්ෂවරයාට මොකද වුණේ..?
බුද්ධික ජයරත්න කියන අධ්‍යක්ෂකගේ තොරතුරු කියන්න දවසක් එයි. එදාට ඒ ගැන කතා කරමු..

ඇයි ඒ?.
අධ්‍යක්ෂවරයෙකු වීම සුළුපටු දෙයක් නෙවෙයි. තව අත්දැකීම් රාශියක් එකතු කරගෙන තමයි ඒ කටයුත්තට එකතු විය යුත්තේ.

එතකොට “දේදුණු වැස්ස“ අධ්‍යක්ෂණය කළේ අත්දැකීම් නැතුවද?
අධ්‍යක්ෂණය කරන්න ආශා හිතුණා. කළා. එච්චරයි.

බැරි වැඩ කරන්න ගිහින් ඇනගත්ත කියල පස්සෙ හිතුණද?
කවමදාවත් එහෙම හිතුණෙ නැහැ. මට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් බව වටහා ගත්තා. ඒක වඩා හොඳින් කරන්න තව අත්දැකීම් අවශ්‍ය බවත් වටහා ගත්තා.

හිතන හිතන දේ කරන්නේ හිතුවක්කාරයින්.......
දන්න කියන වයසේ ඉඳන් ඔය චරිත සහතිකය මට ලැබුණා. පාසල් යන කාලේ සම්මාන. සහතික පදක්කම් මට ලැබිල නැති තරම්. හැබැයි ගුරුවරුන්ගෙ දඬුවම්, පංති තහනම් කිරීම් අනන්තවත් ලැබිල තියෙනවා. ගෙදරිනුත් තාත්තගෙන් ගුටිකාපු අවස්ථා රාශියක් තියෙනවා.

බුද්ධික තවමත් ඒ වගේද?
ඉස්කෝලෙ යන දවස්වල කරපු කියපු විදිය හිතන පතන විදිය අද වෙනස් වෙලා. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. සිනමාව තුළ මට අසාධාරණ කම් වූ අවස්ථා තිබුණා. ඒත් මම ඒවාට ගැටුනෙ නැහැ. මගහැරියා.

බුද්ධිකගෙ ඔය ගතිගුණ හිංද ඒ කාලෙ ගෑනු ළමුන්ගෙ ආකර්ෂණය ලැබෙන්නෙ නැතුව ඇති......?
ඒ කාලේ විතරක් නෙමෙයි අදත් ඒ ආකර්ෂණයෙන් නම් අඩුවක් නැහැ.

එහෙම නම් වාණිජ සිනමාවේ පෙම්වතා වන්න ජනප්‍රිය තරුව වන්න බුද්ධිකට බැරි වුණේ ඇයි.......?
මට තියෙන්නෙ සුන්දර අහිංසක මුහුණක් නෙමෙයි.

දඩබ්බරයින්ට වඩා අහිංසකයින්ට කාන්තාවන් අතර ජනප්‍රිය වන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද?
ඔයා ඔය කියන දේ ඇත්ත. ඒත් ඇත්තම ඇත්ත තියෙන්නෙ එතැනින් එහා. ගැහැනුත් කැමති බව හඟවන්නෙ කුමාරයට . ඒත් ගැහැනුන්ගේ යටිහිත ඉල්ලන්නෙ වැද්දව. මම අයිතිවන්නේ වැද්දට. (හිනැහේ)

බුද්ධිකගෙ බිරිඳ මේ පුවත් පත් ලිපිය කියෙව්වොත් මොනවායින් මොනවා වෙයිද දන්නැහැ
(හිනැහී) මගෙ ප්‍රථම පෙම්වතිය දැන් ඉන්නෙ විදේශයේ. ඇය හදිසියේම ලංකාවට ආවා. ඒ ආරංචිය මට කිවුවේ මගෙ බිරිඳ. ඒ වගේම තිරගත වීමට නියමිත “ස්වර” චිත්‍රපටයේ මම රඟපාන්නේ සමලිංගික චරිතයක්. සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනකු දෙතොල් සිපගන්නා දර්ශනයක් රඟපාන්නෙ මම. ඒ චිත්‍රපටය තිරගත වනතුරු මගෙ බිරිඳ හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ මගෙ රඟපෑම් දැකගන්න. අන්න ඒ වගෙ බිරිඳක් මට ඉන්නේ. මේ පුවත් පත් ලිපියේ සඳහන් නොවූ මගෙ තොරතුරු ගොඩක් ඇය දන්නවා. ඒ නිසා ඇය මං ගැන මොනවා අහන්න ලැබුණත් කලබල වෙන්නෙ නැහැ. ඇය හරිම බුද්ධිමත් කෙනෙක්. ඇය මගෙ ජීවිතේ ඉන්න තැනට ළංවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නැති බව ඇය දන්නවා.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........