DJ Avantha Creations
මේ වෙද්දී
මැද පෙරදිගට උදා වී ඇත්තේ ඉතා අසුබ කල දසාවකි. රටවල් බොහොමයක රාජ්‍ය
විරෝධී යුද ගිනිදැල් ඇවිළ යද්දී ඊශ්‍රායලය හා පලස්තීනය යුද්ධයකට අරඅඳියි.
ගාසා තීරය වෙත නොකඩවා එල්ලවන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල දෝංකාරය ලොවට
කියාපාන්නේ කුරිරු යුද්ධයක සේයාවයි. මේ නිසා ලෝකයාම දැන් ඒ දෙස බලා සිටියි.
අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ වරින් වර මතුවන ඊශ්‍රායල-පලස්තීන විරසකයේ
කතාව මෙවර දේශපාලන ලිපිය තුළින් කියවා බලමු.
ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර වූ මේ විරසකය අද ඊයෙක ඇරඹුණක් නොවේ. කලක පටන්ම ඔවුන් පස මිතුරෝයි. 1948-49 කාලයේදී සිදු වූ අරාබි-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ සිටි පලස්තීනුවෝ මිලියනයක පමණ ජනතාවක් සරණාගතයෝ වූහ. 1948 සහ 1967 දක්වා කාලය තුළ ගාසා තීරයේ පාලනය ඊජිප්තුව විසින් ගෙන ගියද දින හයක යුද්ධයකින් එහි පාලන බලය අල්ලා ගැනීමට ඊශ්‍රායලයට හැකි විය. ඒ අනුව ගාසා තීරයේ වැඩි කොටසක බලය ඇත්තේ ඊශ්‍රායලය සතුවයි. ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශයේ බලය පමණක් ඊජිප්තුව සතුවේ. ඊශ්‍රායලය සතු මේ පාලන බලයේ ප්‍රතිවිපාකයන්ට ගොදුරුව ඇත්තේ අහිංසක පලස්තීනුවෝයි. ඉකුත් දශකය තුළ ගාසා වැසියෝ දැඩි සමාජ ආර්ථික පීඩාවකට ලක් වූහ. එහි සිටින ජනතාගෙන් සියයට අසූවක්ම යැපුණේ ජාත්‍යන්තර ආධාර මතයි. ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය කර තිබූ අවහිර කිරීම් ඊට හේතු විය. බටහිර ඉවුරේ හා නැගෙනහිර ජෙරුසෙලමේ ඊශ්‍රායලය සිදු කළ ජනාවාස පිහිටුවීම් කවදත් මතභේදයට තුඩු දෙන්නක් විය. මේ හමුවේ වරින් වර ගාසා තීරයේ සිටින සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයටත් ඊශ්‍රායලයෙන් ගාසා තීර සටන්කාමීන් වෙතටත් ප්‍රහාර එල්ල විය. එහෙත් දෙපිරිස එල්ල කරන මෙ ප්‍රහාරවලට නිරන්තරයෙන්ම සිවිල් වැසියන් ගොදුරු වීම මෙහි ඇති ඛිෙදනීය තත්ත්වයයි. සිය ජනතාවගේ ආරක්ෂාව සැලසීමත් ගාසා තීරයේ ඇති ත්‍රස්තවාදීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීමත් මේ යුද මෙහෙයුමේ මූලික ඉලක්කවන බව නෙතන්යාහු කියයි. ත්‍රස්තවාදීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීම කෙසේ වුවත් එල්ලවන ප්‍රහාරවලින් සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් විනාශ වන බව නම් පෙනේ. එසේම ඊශ්‍රායලය කියන්නේ සිවිල් වැසියන් මගහැර ත්‍රස්ත ඉලක්ක කරා පමණක් ප්‍රහාර සිදු කරන බවයි. එහෙත් ලැබි ඇති වාර්තාවලින් නම් කියවෙන්නේ ප්‍රහාර හමුවේ මිය ගිය භාගයකටත් වැඩි දෙනා කාන්තාවන් හා ළමුන් වන බවයි. තත්ත්වය මෙසේ වුවද යුද මෙහෙයුම් තවත් පුළුල් කිරීම නෙතන්යාහුගේ අදහසයි. ඊශ්‍රායලය එසේ ක්‍රියා කරයි නම් හමාස් සංවිධානයද ඊට නොදවෛනි වනු ඇත. එවිට උදාවන තත්ත්වයේ බරපතළකම අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ජාත්‍යන්තරයේ මැදිහත් වීමක් මීට අවශ්‍යව ඇත. ඊශ්‍රායලය සමග ඇති මිත්‍ර සබදකම් හමුවේ ඇතැම් රටවල් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට තරමක පසුබට වන බවක්ද පෙනෙන්නට වේ. මේ සියල්ලෙන්ම තැලෙන්නෝ පලස්තීන වැසියෝයි. ඔවුන්ට තම නිජ බිම තුළවත් නිදහසේ සිටීමට ඉඩක් නොවේ. එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ඉල්ලුවද තවමත් ඔවුන්ට එය අහිමිව ඇත. ඊශ්‍රායලය නමින් යුදෙව්වන් වෙනුවෙන් රාජ්‍යයක් බිහි වුවද පලස්තීනුවන්ට තවම ඔවුන්ටම වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් නැත. ඊශ්‍රායල-පලස්තීන දේශ සීමා තුළ පිහිටි ජෙරුසෙලමට මේ දෙගොල්ලෝම උරුමකම් කියති. ඒ අනුව මේ අර්බුදය කවදා කෙසේ නිම වේදැයි කිව නොහැක. එහෙත් මේ ගැටුම හැකි ඉක්මනින් විසඳිය යුතුව ඇත. මන්දයත් යුද ගැටුම්වලට මැදිව නිරපරාදේ මියැදෙන්නට අහිංසක පලස්තීනුවන්ට තවදුරටත් ඉඩ දිය නොහැකි බැවිනි.
මෙවර
ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව පන්දම අතට ගත්තේ ඉකුත් නොවැම්බර් 14 වනදායි.
මේ නවතම යුද ගැටුමෙන් අද වෙද්දී සිය ගණනක් මිය ගොසිනි. ඒ අතරින් වැඩි
දෙනා සිවිල් වැසියෝයි. මීට හේතු වූයේ ඊශ්‍රායලය විසින් උදුරාගෙන සිටින
පලස්තීන අයිතීන් වෙනුවෙන් හඬ නගන හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරියාගේ
මරණයයි. ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය යාමේ සිද්ධියත් සමග
මේ යුද ගැටුමේ ආරම්භය සනිටුහන් විය. ඊශ්‍රායලය කියන්නේ පසුගිය දශකයක කාලය
තුළ ගාසා තීරයෙන් ඊශ්‍රායලයට එරෙහිව සිදු වූ ත්‍රස්ත ක්‍රියාකාරකම්
සියල්ලෙහි වගකිව යුත්තා හමාස් අණ දෙන නිලධාරී අහමඩ් ජබාරි බවයි. හමාස්
සංවිධානය
දුර්වල කිරීමත් ගාසා තීරයේ සිටින සටන්කාමීන්ගෙන් එල්ලවන මෝටාර්
හා රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් ආරක්ෂා කර ගැනීමත් මෙම යුද
මෙහෙයුමේ අරමුණ වී තිබේ. මෙහිදී හමාස් සංවිධානය කියන්නෙ ජබාරිව ඝාතනය කිරීම
අපායට දොරගුළු විවෘත කර ගැනීමක් වූ බවය. කොහොමටත් ඊශ්‍රායලය සිදු කළ
ජබාරිගේ ඝාතනය ගාසා යුද මෙහෙයුම් ඇරඹෙන බවට දුන් ඉඟියකි. ඊශ්‍රායල මහ
මැතිවරණයට සති නවයක පමණ කාලයක් තිබියදී මේ මෙහෙයුම් ඇරඹීම තවත් විශේෂත්වයක්
වේ. ඇතැම් විචාරකයින් කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂකත්වය
සම්බන්ධයෙන් පලස්තීනය ඉදිරිපත් කිරීමට සිටින සැලසුම කඩාකප්පල් කිරීමේ
අදහසින් යුද මෙහෙයුම් අරඹා ඇති බවයි. 2007 සිට ගාසා තීරයේ පාලනය ගෙන
යන්නේ හමාස් සංවිධානයයි. ඔවුන්ව ඉන් එලවීමට නම් යුද්ධයක් කරා යා යුතු බව
දැන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ මතය වී ඇති බව පෙනේ.ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර වූ මේ විරසකය අද ඊයෙක ඇරඹුණක් නොවේ. කලක පටන්ම ඔවුන් පස මිතුරෝයි. 1948-49 කාලයේදී සිදු වූ අරාබි-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ සිටි පලස්තීනුවෝ මිලියනයක පමණ ජනතාවක් සරණාගතයෝ වූහ. 1948 සහ 1967 දක්වා කාලය තුළ ගාසා තීරයේ පාලනය ඊජිප්තුව විසින් ගෙන ගියද දින හයක යුද්ධයකින් එහි පාලන බලය අල්ලා ගැනීමට ඊශ්‍රායලයට හැකි විය. ඒ අනුව ගාසා තීරයේ වැඩි කොටසක බලය ඇත්තේ ඊශ්‍රායලය සතුවයි. ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශයේ බලය පමණක් ඊජිප්තුව සතුවේ. ඊශ්‍රායලය සතු මේ පාලන බලයේ ප්‍රතිවිපාකයන්ට ගොදුරුව ඇත්තේ අහිංසක පලස්තීනුවෝයි. ඉකුත් දශකය තුළ ගාසා වැසියෝ දැඩි සමාජ ආර්ථික පීඩාවකට ලක් වූහ. එහි සිටින ජනතාගෙන් සියයට අසූවක්ම යැපුණේ ජාත්‍යන්තර ආධාර මතයි. ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය කර තිබූ අවහිර කිරීම් ඊට හේතු විය. බටහිර ඉවුරේ හා නැගෙනහිර ජෙරුසෙලමේ ඊශ්‍රායලය සිදු කළ ජනාවාස පිහිටුවීම් කවදත් මතභේදයට තුඩු දෙන්නක් විය. මේ හමුවේ වරින් වර ගාසා තීරයේ සිටින සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයටත් ඊශ්‍රායලයෙන් ගාසා තීර සටන්කාමීන් වෙතටත් ප්‍රහාර එල්ල විය. එහෙත් දෙපිරිස එල්ල කරන මෙ ප්‍රහාරවලට නිරන්තරයෙන්ම සිවිල් වැසියන් ගොදුරු වීම මෙහි ඇති ඛිෙදනීය තත්ත්වයයි. සිය ජනතාවගේ ආරක්ෂාව සැලසීමත් ගාසා තීරයේ ඇති ත්‍රස්තවාදීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීමත් මේ යුද මෙහෙයුමේ මූලික ඉලක්කවන බව නෙතන්යාහු කියයි. ත්‍රස්තවාදීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීම කෙසේ වුවත් එල්ලවන ප්‍රහාරවලින් සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් විනාශ වන බව නම් පෙනේ. එසේම ඊශ්‍රායලය කියන්නේ සිවිල් වැසියන් මගහැර ත්‍රස්ත ඉලක්ක කරා පමණක් ප්‍රහාර සිදු කරන බවයි. එහෙත් ලැබි ඇති වාර්තාවලින් නම් කියවෙන්නේ ප්‍රහාර හමුවේ මිය ගිය භාගයකටත් වැඩි දෙනා කාන්තාවන් හා ළමුන් වන බවයි. තත්ත්වය මෙසේ වුවද යුද මෙහෙයුම් තවත් පුළුල් කිරීම නෙතන්යාහුගේ අදහසයි. ඊශ්‍රායලය එසේ ක්‍රියා කරයි නම් හමාස් සංවිධානයද ඊට නොදවෛනි වනු ඇත. එවිට උදාවන තත්ත්වයේ බරපතළකම අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ජාත්‍යන්තරයේ මැදිහත් වීමක් මීට අවශ්‍යව ඇත. ඊශ්‍රායලය සමග ඇති මිත්‍ර සබදකම් හමුවේ ඇතැම් රටවල් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට තරමක පසුබට වන බවක්ද පෙනෙන්නට වේ. මේ සියල්ලෙන්ම තැලෙන්නෝ පලස්තීන වැසියෝයි. ඔවුන්ට තම නිජ බිම තුළවත් නිදහසේ සිටීමට ඉඩක් නොවේ. එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ඉල්ලුවද තවමත් ඔවුන්ට එය අහිමිව ඇත. ඊශ්‍රායලය නමින් යුදෙව්වන් වෙනුවෙන් රාජ්‍යයක් බිහි වුවද පලස්තීනුවන්ට තවම ඔවුන්ටම වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් නැත. ඊශ්‍රායල-පලස්තීන දේශ සීමා තුළ පිහිටි ජෙරුසෙලමට මේ දෙගොල්ලෝම උරුමකම් කියති. ඒ අනුව මේ අර්බුදය කවදා කෙසේ නිම වේදැයි කිව නොහැක. එහෙත් මේ ගැටුම හැකි ඉක්මනින් විසඳිය යුතුව ඇත. මන්දයත් යුද ගැටුම්වලට මැදිව නිරපරාදේ මියැදෙන්නට අහිංසක පලස්තීනුවන්ට තවදුරටත් ඉඩ දිය නොහැකි බැවිනි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........