Sunday, December 2, 2012

අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් කැපවුණු “නාසා”

DJ Avantha Creations


samu-14වර්තමාන අභ්‍යවකාශ      ගවේෂණයේ ඇති වී තිබෙන සුවිශාල දියුණුව අති විශාලය. අභ්‍යවකාශ ගවේෂණ කටයුතු එතරම්ම දියුණු වූයේ මිනිසා නමැති බුද්ධිමත් ජීවියාගේ ක්‍රියා කලාපයන් හේතුවෙනි. ඔවුන් එහි දියුණුව තකා විවිධ සංවිධාන මෙන්ම ආයතන පිහිටුවාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධානතම ආයතනය   ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ “නාසා” (NASA) ආයතනයයි.   
කිසියම් අභ්‍යවකාශ  යානයක් ගුවන් ගතවීමත්
සමගම ජනමාධ්‍ය තුළින් වැඩි වශයෙන්ම ප්‍රචාරය වන්නේ නාසා නමැති නාමයයි. දැනට අභ්‍යවකාශය පිළිබඳ මිනිසා දැනසිටින තොරතුරු සංඛ්‍යාවන් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන  ඇත්තේ නාසා  ආයතනය විසිනි. වර්තමාන ලෝකය තුළ නාසා ආයතනය වැනි තවත් ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටා තිබුණද ඒවා අතරින්  වැඩිම ධනස්කන්දයක් හිමි ආයතනය ලෙස වරම් ලබා ඇත්තේද නාසා ආයතනයයි.
National Aeronautics and Space Administration යනු නාසා යන්නෙහි දීර්ඝ නාමයයි. මෙයින් NASA යන  නාමය සැකසී ඇත්තේ National  යන කොටසින් “N”      අකුරද Aeronautics යන කොටසින් “S” අකුරද Administation යන කොටසින්  “ඉ” අකුරද, ඒඤථඪදඪඵබචබඪධද යන කොටසින් “ඒ” යන අකුරද  එකතු වීමෙනි.
මිනිසා විසින් කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් පිහිටුවා ගනු ලබන්නේ කිසියම් අරමුණක් හා කාර්යභාරයක් සිදු කිරීමට ඇප කැප වීමෙනි.  නාසා ආයතනයද එවැනි විශාල කාර්ය භාරයක් සිදු කිරීමට ඇප කැප වී සිටී.  එම ආයතනයේ ප්‍රධානම කාර්ය භාරය ලෙස නම් කොට ඇත්තේ ඇමරිකානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යවකාශය පිළිබඳ ගවේෂණවලට සහයදීම සහ ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට සහය දීමත්ය.
පාලනය
කිසියම් ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කරනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ තවත් එවැනිම  මව් ආයතනයක් මගිනි. නාසා ආයතනයෙහි ප්‍රධානතම පාලකයා ලෙසට කටයුතු කරනු ලබන්නේ ඇමෙරිකානු ජනාධිපති-    වරයාය. මෙම ආයතනය මගින් ක්‍රියාත්මක කරන සියලුම අභ්‍යවකාශ ව්‍යාපෘතිවලට අවශ්‍ය මිල මුදල් හා උපකරණ  සපයා දෙමින් ජනාධිපතිවරයා නාසාහි  පාලන කටයුතුවලට සෘජුවම මැදිහත් වේ.
නාසා ආයතනයට අයත් විවිධ අංශ
ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ කාර්යාලය, ජීව විද්‍යාව හා ඒ  පිළිබඳ අධ්‍යයන කටයුතු පිළිබඳ   කාර්යාලය, පෘථිවි  කටයුතු සොයා බැලීමේ කාර්යාලය, අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ කාර්යාලය, අභ්‍යවකාශ යානා පිළිබඳ කාර්යාලය, ජෝන්. එෆ්. කෙනඩි මධ්‍යස්ථානය, ගොඩාර්ඩ් මධ්‍යස්ථානය, හුස්ටන්හි ලින්ඩන් බි. ජොන්සන් මධ්‍යස්ථානය සහ ජෝර්ජ් ඩී. මාෂල්  මධ්‍යස්ථානය යනු නාසා ආයතනයට අයත් විවිධ අංශ වේ.
ඉතිහාසය
නාසා ආයතනය උපත ලැබුවේ 1958 දී ඇමෙරිකාවේදීය. එම ආයතනය උපත ලැබිමට තුඩු දුන් ප්‍රධානතම හේතුව වූයේ එකල සෝවියට් දේශයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර පැවති අභ්‍යවකාශ තරගයයි. නාසා ආයතනය ඇරඹී මුල් අවධියේදී එයට රාජ්‍ය  අනුග්‍රහය නොලැබිණි. පසුව එවකට ඇමෙරිකානු  ජනාධිපතිවරයාව සිටි ජෝන්. එෆ්. කෙනඩි නාසා ආයතනය වෙනුවෙන් විශාල  වශයෙන් මුදල් වැය කළේය.  ඔහුගෙන් පසුව ඇමෙරිකාවේ  ජනාධිපති ධුරයට පත්වූ සියලුම පුද්ගලයින් නාසා ආයතනය සඳහා මුදල්  ප්‍රතිපාදන ලබාදුන්නේය. මේ මගින් නාසා ආයතනයේ කටයුතු දියුණු කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........