Thursday, August 23, 2012

ගෝඨාට හමුදා කරණවෑමියා හමුවේ                                     

ගජබා රෙජිමේන්තුවේ කරණවෑමියා වූ පීටර් ප‍්‍රනාන්දු (75) මහතාට අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.
ආරක්ෂක ලේකම්වරයා එහි සේවය කරන සමයේ දී එහි කොණ්ඩා රැවුල් කැපුවේ පීටර් ප‍්‍රනාන්දු මහතාය.
ඔහු එක්වරම හඳුනාගත් ආරක්‍ෂක ලේකම්වරයා ”ආ කොහොමද?” කියා උරහිසට අත තබා සුහදව විමසීය. ඔහු කිසිත් නොකියා සතුටින් හිස වැනීය.
”මේ ලොකු මහත්තුරු දකිද්දී මට හරි සතුටුයි. අද මගේ ජීවිතයේ වටිනාම දවස” යයි පීටර් මහතා පැවසීය.

 

[From : Lankadeepa]

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........