82 හැවිරිදි වූ ඔහු මෙම මස මුලදී හෘද ශල්‍යකර්මයකට බඳුන් විය. ඉන් අනතුරුව හටගත් සංකූලතා ආම්ස්ට්‍රෝං ගේ අභාවයට හේතුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.
එඩ්වින් ඔල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන සෙසු ගගනගාමීන් හා එක්ව නීල් ආම්ස්ට්‍රෝං සඳ තරණයේ යෙදිණ.
ඇපලෝ 11 යානයේ අණදෙන නිලධාරී ද වූ ආම්ස්ට්‍රෝං මානව සංහතියේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් 1969 ජූලි 20 වැනිදා ප්‍රථම වරට සඳ මත පා තැබීය.
සඳ පරිසරය ඡායාරූපයට නගමින් පර්යේෂණවල යෙදෙමින් ඔහු චන්ද්‍රයා මත ගත කළ කාලය පැය 3 කි.
1971 වසරේදී සිය අභ්‍යවකාශ මෙහෙයුම් නිමා කළ නීල් ආම්ස්ට්‍රෝං අභ්‍යවකාශ විද්‍යාව උගැන්වීමෙහි යෙදිණ.
1950 කොරියානු යුද සමයේදී නාවික ප්‍රහාරක ජෙට් නියමුවකු වූ නීල් ආම්ස්ට්‍රෝං 1962 දී අමෙරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙල සමග එක් විය.
අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් ශ්‍රේෂ්ඨත ම වීරයකු ලෙස හඳුන්වා දෙනු ලැබූ නීල් ආම්ස්ට්‍රෝං අමෙරිකානු සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළ ම සම්මානයක් වන කොංග්‍රස් සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........