Thursday, August 23, 2012

පානදුර මුහුදේ තිබු නැව මුහුදු බත් වේයි






පානදුරයට ඔබ්බෙන් වු මුහුදේ නැංගුරම්ලා තිබු නෞකාව මුහුදුබත්වී තිබේ.

වෙළඳ නැව අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අදාළ නෞකාව පානදුරට නාවික සැතපුම් තුනක් දුරින් නැංගුරම් දමා තිබූ බවයි.

සයිප්‍රසයට අයත්  නෞකාවක් වන එය භාණ්ඩ ප්‍රවාහනයේදී ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් 2007 වසරේදී එම නෞකාව වානිජ මහාධිකරණ අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණි.

වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, නැව මුහුදුබත්වීමෙන් සිදුවන සමුද්‍ර හානිය වැළැක්වීම සඳහා එහි තිබු දැවි තෙල් ටොන් 207 ක් ඉවත් කළ බවය.

එහෙත් නෞකාවේ ටැංකිය පතුලේ තවත් දැවිතෙල් ටොන් 10-20 ත් අතර ප්‍රමාණයක් ඇති බවත් එම ප්‍රමාණය ඉවත් කිරීමට නොහැකිවී ඇති බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

පසුගියදා වානිජ මහාධිකරණය විසින් එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යන ලෙසට නියෝග කළත් නෞකාවේ හිමිකරු සහ නීතිඥයින් අධිකරණය කළ අභියාචනයක් සලකා බලා එය ත්‍රිකුණාමලයට රැගෙන යාම අත්හිටවු බව ද වෙළඳනැව් අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී රියර් අද්මිරාල් එස්.ආර්.සමරතුංග මහතා සඳහන් කළේ, අදාළ නෞකාවෙන් තෙල් විසිරීමක් සිදුවුව හොත් එවා ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගනිමින් සිටින බවය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........