Thursday, August 30, 2012

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්....

DJ Avantha Creations


DJ Avantha Creations


 


ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් - වැටහුණේ
ඔබ වෙන් වී ගියදා
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
මේ තරම් ආදරේ
 
රැය පුරා - ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා - මැවෙනවා
ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්
 
තනි වෙලා - මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවි තුරා - විඳවමී
අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්
 
පද රචනය - ඩිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා
ගායනය - තීක්ෂණ අනුරාධ

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........