Thursday, August 30, 2012

නැගෙනහිර අවසන් සටනට සුදුසුකම් ලබයි

DJ Avantha Creations

SLPL-NEW--Logo
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඳුරට සහ නැගෙනහිර අතර ඊයේ (29දා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය අධික වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

මේ අනුව මූලික වටයේදී කඳුරට පරාජය කළ නැගෙනහිර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. නැගෙනහිර සහ ඌව අතර අවසන් මහ තරගය හෙට (31දා) ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත් වේ.

විවිධ රටවල පෙම්වතුන් පෙම්වතියන් ආදරය ප්‍රකාශ කරගන්නා අපූරු ක්‍රම ගැන

DJ Avantha Creations


DJ Avantha Creationsආදරය ප්‍රකාශ කිරීම සමහර රටවල් කරන්නේ ඔවුන්ටම ආවේණික වූ ආකාරයකටයි. එබඳු ආදරය ප්‍රකාශ කිරීමේ අපූරු විධි කිහිපයක් ගැනයි මේ.
චීනය
ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයේ ආදරය පිළිබඳව ඉතා ‍පොහොසත් සම්ප්‍රදායන් පවතිනවා. අද ජනප්‍රියව පවතින “වැලන්ටයින්” දිනයටත් කලින් චීනයේ ආදරය ප්‍රකාශ කිරීම සඳහා දින දෙකක් වෙන්ව තිබුණා.
ඉන් පළමුවැන්න හැඳින්වෙන්නේ “කුයිකුයාවෝ ජි” නමිනුයි. “චීනයේ ආදරයේ දිනය” ලෙස හැඳින්වෙන මෙය යෙදෙන්නේ චීන කැලැන්ඩරයේ හත්වෙනි මාසයේ හත්වෙනි දවසේයි. ඊට පාදක වූ සිද්ධිය පිළිබඳව අපූරු ජනකතාවක්ද තිබෙනවා. නූල් කටින යුවතියක හා ප්‍රධාන වැඩ පරීක්ෂකවරයකු අතර තදබල ප්‍රේම සම්බන්ධයක් පැවැති අතර ඔවුන්ට මුණ ගැසීමට අවකාශ ලැබි ඇත්තේ කුරුල්ලන් නිමවූ පාලමක් මතදී වසරකට වතාවක් පමණයි

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්....

DJ Avantha Creations


DJ Avantha Creations


 


ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් - වැටහුණේ
ඔබ වෙන් වී ගියදා
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
මේ තරම් ආදරේ
 
රැය පුරා - ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා - මැවෙනවා
ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්
 
තනි වෙලා - මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවි තුරා - විඳවමී
අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්
 
පද රචනය - ඩිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා
ගායනය - තීක්ෂණ අනුරාධ

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිලේ අංක 3 පිතිකරු සංගක්කාර

DJ Avantha Creations
 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළෙලට සමගාමීව වාර්ෂිකව නම් කරන අයි.සී.සී. ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංග්කකාර ඇතුළත්ව සිටියි. ලෝක ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටින සංගක්කාරට ලෝක ටෙස්ට් පිලේ ද අංක තුන පිතිකරු ස්ථානය හිමිව තිබේ.
වසරේ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනුපිළිවෙල අනුව)
ඇලෙස්ටියාර් කුක් (එංගලන්තය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව - නායක), ශිවනරින් චන්ද්‍රපෝල් (බ.ඉ.කො.), මැට් ප්‍රෙයර් (එංගලන්තය - කඩුලූ රකින්නා), ස්ටුවට් බ්‍රෝඞ් (එංගලන්තය), සයිඞ් අජ්මාල් (පාකිස්තානය), වර්නන් පිලෙන්ඩර් (දකුණු අප‍්‍රිකාව) සහ ඬේන් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව)
අතිරේක ක‍්‍රීඩක: ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව)
 

උද්ඝෝෂණයෙන් පසු පොලීසියේ 6ක් රෝහලේ

DJ Avantha Creations


සරසවි සිසු උද්ඝෝෂණය අතරතුර ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් පොලිස් නිලධාරින් 6 දෙනෙකු තුවාල ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ කොළඹදී සංවිධානය කළ පා ගමන අතරතුරදී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවය.

එම ගල්මුල් ප්‍රහාරවලට ලක්ව මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකු තුවාල ලැබු බව රෝහණ මහතා සඳහන් කළේ ය.

තුවාල ලැබුවන්ගෙන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

එක් පොලිස් නිලධාරියෙකු නේවාසික ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ ය.

අජිත් රෝහණ මහතා පැවසූවේ, ගල්මුල් ප්‍රහාර එල්ල කළ පිරිස් හඳුනා ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බවය.

Sunday, August 26, 2012

බස්නාහිර ඩන්ඩි ලකුණු 123 යි

බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 123 ක් රැස්කළේය.
කැමරන් බෝර්ගස් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් වූ අතර ලසිත් මාලිංගගේ පන්දුවක් මුහුණේ වැදීම නිසා රිලී රූසෝ ලකුණු 31 ක් ලබා සිටියෙදී පිටියෙන් ඉවත්ව ගියේය.
බස්නාහිර පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 123 (තිලකරත්න ඩිල්ෂාන් 15, රිලි රොසොව් 31, කැමරොන් බෝර්ගස් 40, වහබ් රියාස් 19/2)

සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා විශ්වයෙන් නික්මෙයි


 සඳ මිනිස් ස්පර්ශයට නතු කරමින් ප්‍රථම වරට ඒ මත පා තැබූ අමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං අභාවප්‍රාප්ත විය.

82 හැවිරිදි වූ ඔහු මෙම මස මුලදී හෘද ශල්‍යකර්මයකට බඳුන් විය. ඉන් අනතුරුව හටගත් සංකූලතා ආම්ස්ට්‍රෝං ගේ අභාවයට හේතුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.

එඩ්වින් ඔල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන සෙසු ගගනගාමීන් හා එක්ව නීල් ආම්ස්ට්‍රෝං සඳ තරණයේ යෙදිණ.

ඇපලෝ 11 යානයේ අණදෙන නිලධාරී ද වූ ආම්ස්ට්‍රෝං මානව සංහතියේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් 1969 ජූලි 20 වැනිදා ප්‍රථම වරට සඳ මත පා තැබීය.

සඳ පරිසරය ඡායාරූපයට නගමින් පර්යේෂණවල යෙදෙමින් ඔහු චන්ද්‍රයා මත ගත කළ කාලය පැය 3 කි.
1971 වසරේදී සිය අභ්‍යවකාශ මෙහෙයුම් නිමා කළ නීල් ආම්ස්ට්‍රෝං අභ්‍යවකාශ විද්‍යාව උගැන්වීමෙහි යෙදිණ.

1950 කොරියානු යුද සමයේදී නාවික ප්‍රහාරක ජෙට් නියමුවකු වූ නීල් ආම්ස්ට්‍රෝං 1962 දී අමෙරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙල සමග එක් විය.

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් ශ්‍රේෂ්ඨත ම වීරයකු ලෙස හඳුන්වා දෙනු ලැබූ නීල් ආම්ස්ට්‍රෝං අමෙරිකානු සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළ ම සම්මානයක් වන කොංග්‍රස් සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.

Friday, August 24, 2012

ශ්‍රී ලංකා 19 න් පහළ ක‍්‍රිකට් පිලට 9 වැනි ස්ථානය


ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හි අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 7 කින් ඇෆ්ගනිස්තාන් පිල පරාජය කිරීමට සමත්විය. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරගාවලියට සහභාගි වු කණ්ඩායම් 16 න් නව වැනි ස්ථානය ලැබීය.
තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 87 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේය.
ඇෆ්ගනිස්තාන් යොවුන් පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 194 (ජාවඞ් අහ්මඩි 23, හස්මතුල්ලා සායිදි 27, මොහිබුල්ලා පාක් 44, ළහිරු මධුෂංක 34/3, අමිල අපොන්සු 19/2)
ශ්‍රී ලංකා යොවුන් පිල  ඕවර 39 කදී කඩුලූ 3 ට 196 (පබසර වඩුගේ 33, ෂෙහාන් ප‍්‍රනාන්දු 19, නිරෝෂන් දික්වැල්ල නොදැවී 76, ඇන්ජලෝ ජයසිංහ 23, සඳුන් වීරක්කොඩි නොදැවී 23)

Thursday, August 23, 2012

පානදුර මුහුදේ තිබු නැව මුහුදු බත් වේයි






පානදුරයට ඔබ්බෙන් වු මුහුදේ නැංගුරම්ලා තිබු නෞකාව මුහුදුබත්වී තිබේ.

වෙළඳ නැව අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අදාළ නෞකාව පානදුරට නාවික සැතපුම් තුනක් දුරින් නැංගුරම් දමා තිබූ බවයි.

සයිප්‍රසයට අයත්  නෞකාවක් වන එය භාණ්ඩ ප්‍රවාහනයේදී ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් 2007 වසරේදී එම නෞකාව වානිජ මහාධිකරණ අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණි.

වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, නැව මුහුදුබත්වීමෙන් සිදුවන සමුද්‍ර හානිය වැළැක්වීම සඳහා එහි තිබු දැවි තෙල් ටොන් 207 ක් ඉවත් කළ බවය.

එහෙත් නෞකාවේ ටැංකිය පතුලේ තවත් දැවිතෙල් ටොන් 10-20 ත් අතර ප්‍රමාණයක් ඇති බවත් එම ප්‍රමාණය ඉවත් කිරීමට නොහැකිවී ඇති බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

පසුගියදා වානිජ මහාධිකරණය විසින් එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යන ලෙසට නියෝග කළත් නෞකාවේ හිමිකරු සහ නීතිඥයින් අධිකරණය කළ අභියාචනයක් සලකා බලා එය ත්‍රිකුණාමලයට රැගෙන යාම අත්හිටවු බව ද වෙළඳනැව් අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී රියර් අද්මිරාල් එස්.ආර්.සමරතුංග මහතා සඳහන් කළේ, අදාළ නෞකාවෙන් තෙල් විසිරීමක් සිදුවුව හොත් එවා ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගනිමින් සිටින බවය.

දක්ෂතම ක‍්‍රීඩකයා - සමීර / දක්‍ෂතම ක‍්‍රීඩිකාව - එරන්දි

රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 71 වැනි ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2012) දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමීර කරුණාරත්න සම්මාන ලැබීය.
සිවු දිනක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලිය පෙරේදා (21) අවසන්විය. ක‍්‍රීඩා සමාජ 21 කින් ක‍්‍රීඩකයෝ 115 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 41 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගිවුහ.
කිලෝග‍්‍රෑම් 60 ට අඩු ලයිට් බර පංතියෙන් තරග කළ සමීර, අවසන් තරගයේදී ලීනියා ක්ලෝතින් පිලේ සමන් සිල්වා පරාජය කිරීමට සමත්විය. එහිදී සමීර ලකුණු 26-18 ක ජයක් ලැබීය. කරුණාරත්න හමුවේ ලයිට් බර පංතියේ පරාජය ලැබු සමන් සිල්වා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා විය.
පිරිමි තරගාවලියේ යුද හමුදාව බර පංති 10 යෙන් බර පංති පහකම රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය රන් පදක්කම් තුනක් ද, ගුවන් හමුදාව සහ පොලිසිය රන් පදක්කම බැගින් ද හිමිකර ගත්තේය.
කාන්තා අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතිය ජයගත් මාස් සදර්න් ක‍්‍රීඩා සමාජයේ බී. එන්. එරන්දි සම්මාන දිනා ගත්තාය. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී බැන්ටම් බර පංතියේ ශූරිය වු පොලිසියේ එස්. ගුනෙත්ති පරදවා එරන්දි ලකුණු 13-8 කින් අවසන් තරගය ජය ගත්තාය.
ලයිට් ෆ්ලයි බර පංතියේ අවසන් තරගයේදී ඒ. ඞී. ජයසිංහ හමුවේ තියුණු තරගයකින් පසුව ලකුණු 22-17 කින් පරාජය වු මාස් සදර්න් ක‍්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණී දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස තේරී පත්වුවාය.
මාස් සමුහ ව්‍යාපාරයේ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් කාන්තා බර පංති අටෙන් හයකම රන් පදක්කම් දිනා ගත්තේය.
හිටපු පොලිස් බොක්සිං සංගමයේ ලේකම් සහ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආනන්ද ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි තරගාවලිය
x කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය
ආර්. බී. තිලකරත්න (යුද හමුදාව) විසින් ඩබ්. එස්. එරංග (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය
අයි. එච්. අබේසිංහ (ස්ලිම්ලයින්) විසින් එන්. එස්. සම්පත් (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
ඒ. ඞී. පී. ඉන්දික (යුද හමුදාව) විසින් ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
එම්. ඒ. දිව්‍යරත්න (යුද හමුදාව) විසින් ආර්. එස්. නවරත්න (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය
පී. ජී. චන්ද්‍රකුමාර (යුද හමුදාව) විසින් එන්.එම්.හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
ඞී. ඩිල්ෂාන් (ගුවන් හමුදාව) විසින් ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
පී. එස්. කරුණාරත්න (පොලිසිය) විසින් එන්. එස්. පී. සිල්වා (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින්)විසින් ඞී. ආර්. වීජේරත්න (ගන්දර) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය
පී.ඞී.සුරේෂ් (ස්ලිම්ලයින)විසින් ආර්. එස්. බණ්ඩාර (යුද හමුදාව ‘රතු’) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
සී.අයි.පෙරේරා (යුද හමුදාව) විසින් එස්.ජී.කුමාර (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී.
කාන්තා තරගාවලිය
x කි.ග‍්‍රෑ. 81 ට වැඩි සුපර් හෙවි බර පංතිය
ටී.එම්.වීරසිංහ (යුද හමුදාව) විසින් අයි.එම්.රාජපක්‍ෂ (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
එස්. වීරරත්න (පොලිසිය) විසින් ටී.එන්.ධර්මසේන (මාස් සදර්න්) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
සී.කේ.ජයසේකර (මාස් සදර්න්) විසින් සී.එස්.සිරිවර්ධන (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
එල්.උදයංගනී (මාස් සදර්න්) විසින් කේ.ආර්. අලූත්ගම (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය
එල්.එස්.සඳරේඛා (මාස් සදර්න්) විසින් පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය
බී. එන්. එරන්දි (තුරුලිය) විසින් එස්. පී. ගුනෙත්ති (පොලිසිය) විසින් පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය
ජී. ද. සිල්වා (මාස් සදර්න්) විසින් ඞී. අයි. මධුෂිකා (නාවික හමුදාව) පරාජය කරන ලදී.
x කි.ග‍්‍රෑ. 48 ට අඩු ෆ්ලයි බර පංතිය
ඒ. ඞී. ජයසිංහ (ලීනියා) විසින් කෝසලා නිල්මිණී (මාස් සදර්න්) පරාජය කරන ලදී.

ගෝඨාට හමුදා කරණවෑමියා හමුවේ                                     

ගජබා රෙජිමේන්තුවේ කරණවෑමියා වූ පීටර් ප‍්‍රනාන්දු (75) මහතාට අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.
ආරක්ෂක ලේකම්වරයා එහි සේවය කරන සමයේ දී එහි කොණ්ඩා රැවුල් කැපුවේ පීටර් ප‍්‍රනාන්දු මහතාය.
ඔහු එක්වරම හඳුනාගත් ආරක්‍ෂක ලේකම්වරයා ”ආ කොහොමද?” කියා උරහිසට අත තබා සුහදව විමසීය. ඔහු කිසිත් නොකියා සතුටින් හිස වැනීය.
”මේ ලොකු මහත්තුරු දකිද්දී මට හරි සතුටුයි. අද මගේ ජීවිතයේ වටිනාම දවස” යයි පීටර් මහතා පැවසීය.

 

[From : Lankadeepa]