Sunday, September 30, 2012

උඩරටදි බසයක් ගිනිගනී

DJ Avantha Creations


                                                                               
  බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බවසයක් උඩුවරදී ගිනි ගත්තේය. මගීහු බසයෙන් පැණ දිවි බේරා ගත්හ.



අදහස්(4) බැලූවෝ (2616)

Saturday, September 29, 2012

සිරිපා හිමයේ සැඟවුණු දිවාගුහාව සොයන්න අංජනමක්

DJ Avantha Creations

                                                              AdamsPeak

                                             

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අපරිමිත භක්ත්‍යාදරයට පත් සොලොස්මස්ථාන පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. නමුත් මේ සොලොස්මස්ථාන අතුරින් විශේෂිත වූ එක් පූජනීය ස්ථානයකුත් තිබෙනවා. ඒ තමයි දිවා ගුහාව; ශ්‍රීපාදස්ථානය පිහිටුවීම පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය, හෙවත් දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානයයි දිවා ගුහාව වශයෙන් සැලකෙන්නේ.
අප හමුවේ ඇති මුලාශ්‍ර අනුව මෙම දිවාගුහාව ශ්‍රීපාද පද්මයට මඳක් හෝ සමීපව පිහිටා තිබිය යුතුයි. නමුත් එය පිහිටි ස්ථානය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලැබි නැහැ. සිරිපා මළුව සමීපයේ ඇති භගවා ලෙන, කුරුවිට වලදුරේ බටතොට ලෙන සහ බලංගොඩ කූරගල පිහිටි පර්වත ස්ථානයක් මෙම දිවා ගුහාව විය හැකිබවට අනුමාන කෙරෙනවා. නමුත් ඒවා දිවා ගුහාව වශයෙන් නිශ්චිත ලෙස පිළිගැනීමට තරම් හේතු සාධක මතෛක් ඉදිරිපත් වී නැහැ. මේ අතර වර්තමානයේ බගවන්තලාව යනුවෙන් හැඳින්වෙන තේ වතු රාජධානිය ආශ්‍රිතව මතෛක් හඳුනා නොගැනුණු ගල්ලෙනක් මේ දිවා ගුහාව විය හැකි බවට තවත් පිරිසක් අනුමාන කරනවා. නමුත් ඒ පිළිබඳව ද නිවැරදි නිශ්චයක් නැහැ. Read More..

මුස්ලිම් ලෝකයම කුපිත කළ චිත්‍රපටය

DJ Avantha Creations

Muslim2

ලිබියාවේ ඇමරිකන් තානාපති ඇතුළු 4ක් මරු දුටුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි
ඉස්ලාම් දහමට නිගා වෙතැයි කියන “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” (මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය) නම් සිනමා නිර්මාණයකට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරය මේ වන විටත් අවසන් වීමේ ලකුණකුදු පල කර නැත. මෙම චිත්‍රපටයේ සමහර දර්ශන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකාශය වීමත් සමග ඊට විරෝධතා දැක්වීම ඇරඹුණි. කෙසේ වුව ද එම විකාශනය සිදුවූයේ ජූලි මස වුව ද නිල වශයෙන් විරෝධතාව ඇරඹුණේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්-කයිඩා ප්‍රහාරය එල්ල වූ සැප්තැම්බර් 11 වන දින වීම ද විශේෂත්වයකි.

බස්නාහිර පළාතේ පමණක් ළමා මව්වරුන් 3892ක්

DJ Avantha Creations

Motherතමන්ගේ බිලිඳාට මව්කිරි දී පාසල් යන ළමා මව්වරුනුත් අපේ රටේ සිටින බව ඇසුවොත් ඔබ තුළ මහත් පුදුමයක් ඇති වනු නොඅනුමානය. නමුත් එය ඇත්තකි. බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසන අන්දමට 2011.12.31 වන විට බස්නාහිර පළාතේ පමණක් අවුරුදු දහඅටට අඩු ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව 3892 කි. නමුත් මෙයින් අදහස් කරන්නේ මේ සියලුම ළමා මව්වරුන් තම දරුවන්ට මව් කිරි දී පාසල් යන තත්ත්වයේ පසුවන අය යන්න නොවේ.

මෙම ළමා මව්වරුන්ගේ ගණයට වැටෙන්නේ වයස 18ට අඩු මව්වරුන්ය. බස්නාහිර පළාත තුළ කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු දාහතරේ සිටම ළමා මව්වරුන් දැකිය හැකිය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා විවිධ හේතු බලපායි.

ගලකින් පහරදී තරුණයකු ඝාතනය කෙරේ

DJ Avantha Creations


මීරිගම, ලෝලූවාගොඩ ප්‍ර‍දේශයේදී ගලකින් හිසට පහර දී 26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ බීමත්ව කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇති වු ගැටුමක් දුරදිගයාමෙන් එම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

Sunday, September 23, 2012

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?

DJ Avantha Creations

1මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ.  මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.
මෙයින් කියවෙන ආකාරයට  2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි. එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි. ඇතැම් ඊමේල් පණිවුඩවලට අනුව මෙහි දී සිදුවන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක්  දිගේ පිහිටීමයි. ඉතා විරල සිදුවීමක් වන මේ සිද්ධිය නිසා පෘථිවිය මත අවුල් සහගත තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කරයි. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ (3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් zero dimension තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4rd dimension  තත්ත්වයක්  දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. මෙම කාලය තුළ සමස්ත විශ්වයම විශාල විපර්යාසයකට බඳුන් වන බවද, ඉන්පසු උදාවනු ඇත්තේ අලුත්ම ලෝකයක් බවද වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
දෙසැම්බර් අවසාන සතියේ විශේෂ වැඩකටයුතු යොදා නොගන්නා  ලෙසද, නිවෙස්වලින් බැහැර නොයන ලෙසද මෙම විද්‍යුත් පණිවුඩ අනතුරු අඟවයි. දුරකතන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන සබඳතා බිඳ වැටෙනු ඇති බවද පැවසේ.
ඇතිවිය හැකි අවුල් සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්ව සිටිය යුතු බවද, එසේ දැනුම්වත් නොවුවහොත් බොහෝ දෙනෙකු මේ අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත්ව මිය යනු ඇති බවද සඳහන් කර ඇත.
පසුගිය සතිය තුළ මෙම විද්‍යුත් පණිවුඩය ලොව පුරා සංසරණය වීමට පටන් ගැනීමත් සමග බොහෝ දෙනෙකු ඒ ගැන සොයා බලන්නට පටන්ගත් අතර මෙය සත්‍යයක්ද යන කුතුහලය විශාල පිරිසක් තුළ ඇති විය.
කෙසේ වෙතත් අවසානයේ අනාවරණය වූයේ මෙය මුළුමනින්ම සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියක් බවයි. නාසා ආයතනය මෙවැනි කිසිදු අනාවැකියක් පළ කර නොමැති බව එහිදී වාර්තා විය. මෙහි සඳහන් තුන්වැනි මානය, සිව් වැනි මානය වැනි යෙදුම් පවා විද්‍යාත්මක වශයෙන් කිසිදු අර්ථයක් නැති යෙදුම් බවද විද්‍යාඥයන් පවසා තිබිණ.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ මෙහි සඳහන් වන දිනවල අප ජීවත් වන පෘථිවිය අයත් වන ක්ෂීරපථය (milkyway) චක්‍රාවාටයේ හෙවත් ගැලැක්සියේ කිසියම් විශේෂ සිද්ධියක් සිදුවන බව නම් තාරකා විද්‍යාඥයෝ පිළිගනිති. (ගැලැක්සියක් යනු සූර්යයා වැනි තවත් තාරකාද ග්‍රහ මණ්ඩල ද කෝටි ප්‍රකෝටි ගණනක් ඇති අතිවිශාල පද්ධතියකි-ඡායාරූපය බලන්න)
2මෙහිදී සිදුවන්නේ පෘථීවියේ සිට බලන විට අපගේ ගැලැක්සියේ කේන්ද්‍රය හරහා සූර්යයා, ගමන් කරන ආකාරයක් පෙනී යාමයි. එය පෘථිවියේ සිට බලන විට පෙනෙන ආකාරය විනා එහිදී ඇත්ත වශයෙන් සූර්යයා ගැලැක්සියේ කේන්ද්‍රය හරහා ගමන් කිරීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන් සිදුවන්නේ පෘථීවියත්, ගැලැක්සියේ කේන්ද්‍රයත් ඒ මැදින් සූර්යයාත් එකපෙළට පිහිටීමයි.
ඉහත කී ආකාරයේ ව්‍යාජ විද්‍යුත් පණිවුඩයකට තුඩු දෙන්නට ඇත්තේ විශ්වයේ මෙකී සිදුවීම විය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කරති. අප ජීවත් වන ක්ෂීර පථය නම් ගැලැක්සියේ කේන්ද්‍රයේ කළු කුහරයක් (black hole) පිහිටා ඇති අතර කළු කුහරයක් යනු තවමත් සියයට සියයක් පැහැදිලි කිරීමක් කර නැති බොහෝ දුරට ගුප්ත සංසිද්ධියකි.
අන්තර්ජාලයේ සැරිසරන බිය උපදවන විද්‍යුත් පණිවුඩය බිහි වන්නට ඇත්තේ මේ සියලු තත්ත්වයන් පසුබිම් කරගෙන විය හැකිය යන්න තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් ඔවුන් ස්ථිර වශයෙන්ම පවසන්නේ දෙසැම්බර් අවසන් සතියේ මේ කියන විදියේ අන්ධකාරයක් විසින් ලෝකය බිලි නොගනු ඇති බවයි.
සූර්යයා අප ගැලැක්සියේ කේන්ද්‍රය ඉදිරියෙන් ගමන් කරන බව පෙනෙන අවස්ථාවේ සූර්යයාත් එම කේන්ද්‍රයත් අතර දුර ආලෝක වර්ෂ 28,000 ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 165,000 ක් වීම ඊට හේතුවයි.

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?

DJ Avantha Creations

1මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ.  මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.
මෙයින් කියවෙන ආකාරයට  2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි. එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි. ඇතැම් ඊමේල් පණිවුඩවලට අනුව මෙහි දී සිදුවන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක්  දිගේ පිහිටීමයි. ඉතා විරල සිදුවීමක් වන මේ සිද්ධිය නිසා පෘථිවිය මත අවුල් සහගත තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කරයි. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ (3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් zero dimension තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4rd dimension  තත්ත්වයක්  දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. මෙම කාලය තුළ සමස්ත විශ්වයම විශාල විපර්යාසයකට බඳුන් වන බවද, ඉන්පසු උදාවනු ඇත්තේ අලුත්ම ලෝකයක් බවද වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
දෙසැම්බර් අවසාන සතියේ විශේෂ වැඩකටයුතු යොදා නොගන්නා  ලෙසද, නිවෙස්වලින් බැහැර නොයන ලෙසද මෙම විද්‍යුත් පණිවුඩ අනතුරු අඟවයි. දුරකතන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන සබඳතා බිඳ වැටෙනු ඇති බවද පැවසේ.
ඇතිවිය හැකි අවුල් සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්ව සිටිය යුතු බවද, එසේ දැනුම්වත් නොවුවහොත් බොහෝ දෙනෙකු මේ අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත්ව මිය යනු ඇති බවද සඳහන් කර ඇත.
පසුගිය සතිය තුළ මෙම විද්‍යුත් පණිවුඩය ලොව පුරා සංසරණය වීමට පටන් ගැනීමත් සමග බොහෝ දෙනෙකු ඒ ගැන සොයා බලන්නට පටන්ගත් අතර මෙය සත්‍යයක්ද යන කුතුහලය විශාල පිරිසක් තුළ ඇති විය.
කෙසේ වෙතත් අවසානයේ අනාවරණය වූයේ මෙය මුළුමනින්ම සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියක් බවයි. නාසා ආයතනය මෙවැනි කිසිදු අනාවැකියක් පළ කර නොමැති බව එහිදී වාර්තා විය. මෙහි සඳහන් තුන්වැනි මානය, සිව් වැනි මානය වැනි යෙදුම් පවා විද්‍යාත්මක වශයෙන් කිසිදු අර්ථයක් නැති යෙදුම් බවද විද්‍යාඥයන් පවසා තිබිණ.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ මෙහි සඳහන් වන දිනවල අප ජීවත් වන පෘථිවිය අයත් වන ක්ෂීරපථය (milkyway) චක්‍රාවාටයේ හෙවත් ගැලැක්සියේ කිසියම් විශේෂ සිද්ධියක් සිදුවන බව නම් තාරකා විද්‍යාඥයෝ පිළිගනිති. (ගැලැක්සියක් යනු සූර්යයා වැනි තවත් තාරකාද ග්‍රහ මණ්ඩල ද කෝටි ප්‍රකෝටි ගණනක් ඇති අතිවිශාල පද්ධතියකි-ඡායාරූපය බලන්න)
2මෙහිදී සිදුවන්නේ පෘථීවියේ සිට බලන විට අපගේ ගැලැක්සියේ කේන්ද්‍රය හරහා සූර්යයා, ගමන් කරන ආකාරයක් පෙනී යාමයි. එය පෘථිවියේ සිට බලන විට පෙනෙන ආකාරය විනා එහිදී ඇත්ත වශයෙන් සූර්යයා ගැලැක්සියේ කේන්ද්‍රය හරහා ගමන් කිරීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන් සිදුවන්නේ පෘථීවියත්, ගැලැක්සියේ කේන්ද්‍රයත් ඒ මැදින් සූර්යයාත් එකපෙළට පිහිටීමයි.
ඉහත කී ආකාරයේ ව්‍යාජ විද්‍යුත් පණිවුඩයකට තුඩු දෙන්නට ඇත්තේ විශ්වයේ මෙකී සිදුවීම විය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කරති. අප ජීවත් වන ක්ෂීර පථය නම් ගැලැක්සියේ කේන්ද්‍රයේ කළු කුහරයක් (black hole) පිහිටා ඇති අතර කළු කුහරයක් යනු තවමත් සියයට සියයක් පැහැදිලි කිරීමක් කර නැති බොහෝ දුරට ගුප්ත සංසිද්ධියකි.
අන්තර්ජාලයේ සැරිසරන බිය උපදවන විද්‍යුත් පණිවුඩය බිහි වන්නට ඇත්තේ මේ සියලු තත්ත්වයන් පසුබිම් කරගෙන විය හැකිය යන්න තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් ඔවුන් ස්ථිර වශයෙන්ම පවසන්නේ දෙසැම්බර් අවසන් සතියේ මේ කියන විදියේ අන්ධකාරයක් විසින් ලෝකය බිලි නොගනු ඇති බවයි.
සූර්යයා අප ගැලැක්සියේ කේන්ද්‍රය ඉදිරියෙන් ගමන් කරන බව පෙනෙන අවස්ථාවේ සූර්යයාත් එම කේන්ද්‍රයත් අතර දුර ආලෝක වර්ෂ 28,000 ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 165,000 ක් වීම ඊට හේතුවයි.
DJ Avantha Creations

 

මාතරට ගංවතුර

DJ Avantha Creations


අධික වැසි සමග ඇතිවූ ජල ගැලීම් වලින් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 75 දෙනෙකු පිඩාවට පත්ව සිටී.


ආපදා කරමණාකරණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේජර් සමන් බාලසූරිය මහතා පැවසුවේ දික්වැල්ල ප්‍රදේශයට මින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බව ඔහු සදහන් කළේය.

මේ අතර ඉදිරි පැය කිහිපය තුලද අධික වැසි ඇති වුවහොත් නිල්වලා ගග පහල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව මේජර් සමන් බාලසූරිය මහතා පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, දකුණ හා සබරගමුව පලාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි.

රිය අනතුරකින් මන්ත්‍රී ෆාරුක් ඇතුළු 6 කට තුවාල

DJ Avantha Creations


හලාවත - කොළඹ මාර්ගයේ මුන්දලම, බත්තුළුඔය පාලම අසල අද උදෑසන සිදුවූ අනතුරකින් පාර්ලිමේන්තු මන්ත්‍රී හුවයිස් ෆාරුක් මහතා ඇතුළු 6 දෙනෙක් තුවාල ලැබූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
DJ Avantha Creations

T20 World Cup 2012 Schedule & Results

DJ Avantha Creations


Australia beat Windies by 17 runs (D/L)

සුපිරි අටේ සටන මෙන්න!

DJ Avantha Creations



විස්‌සයි විස්‌ස සිව්වැනි ලෝක ක්‍රිකට්‌ මහා සංග්‍රාමයේ උණුසුම දැන් තීව්‍ර වී තිබේ. පළමු අදියරෙන් සුපිරි අට වටයට පැමිණීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් වීම මත යළිත් ලෝක ශූරතාවක්‌ ශ්‍රී ලංකාව දිනනු ඇතැයි සුවහසක්‌ වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.

1996 වසරේදී විල්ස්‌ ලෝක කුසලාන දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව යළිත් ලෝක ක්‍රිකට්‌ කිරුළ දිනා ගැනීම සඳහා අවස්‌ථා කිහිපයකදීම අතපොවන මායිමටම පැමිණියද එම තීරණාත්මක අවස්‌ථාවන්වලදී වාසනාව ශ්‍රී ලංකාවට අහිමි විය. 2003 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකාව 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහා සටනට පැමිණීමට සමත් විය. එම අවසථා දෙකෙහිදීම ශ්‍රී ලංකා ඉරණම තීන්දු කළ ප්‍රතිවාදියා වූයේ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමයි. යළිත් 2009 වසරේදී 20-20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහා සටනේදී පාකිස්‌තානය හමුවේ ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්විය. අනතුරුව 2011 වසරේ යළිත් 20-20 මහා සංග්‍රාමයේ අවසන් පූර්ව තරගයට පැමිණි ශ්‍රී ලංකාව එම වසරේම පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය විය. එබැවින් ලෝක ක්‍රිකට්‌ මහා සංග්‍රාමවල අවසන් සටනේ පරිණත කණ්‌ඩායම වන්නේද ශ්‍රී ලංකාවයි.

ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකදී අවසන් සටනේදී අනුශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර එම කඩඉම පණිනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකිවන්නේ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්‌වු දක්‍ෂතාව සහ සුපිරි අට වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියන් පිළිබඳව අවධානය යොමු කිරීමේදීය. එහිදී සත්කාරකත්වයේ වාසියද ශ්‍රී ලංකාව සතුවීම ඒ සඳහා තවත් පිටිවහලක්‌ වේ.

'මම ලෝක කුසලාන තරගාවලි දෙකක අවසන් මහා සටන ක්‍රීඩා කර තිබෙනවා. ඒත් කුසලාන දිනා ගන්න බැරි වුණා. නමුත් මම තදින්ම විශ්වාස කරනවා මෙවර අපිට කුසලාන දිනන්න පුලුවන් කියලා. ඒ සඳහා මම උපරිමයෙන් කණ්‌ඩායමට දායකත්වය ලබාදෙනවා' යනුවෙන් සිම්බාබ්වේට එරෙහිව ලෝක වාර්තාගත පන්දු යෑවීමක යෙදුණු අජන්ත මෙන්ඩිස්‌ පැවසීය. 20-20 තරගයකදී ලකුණු 8 කට කඩුලු 6 ක්‌ දවා ගැනීම යනු ආශ්චර්යකි. එවැනි වික්‍රමයක්‌ කිරීමට හැකියාව ඇති පන්දු යවන්නන් සිටියදී දේශීය තණතීරුවල ශ්‍රී ලංකාවට ප්‍රතිවාදියාව මෙල්ල කරමින් කුසලාන දිනා ගැනීමට මෙවර වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී තිබේ.

මෙතෙක්‌ පැවැති 20-20 ලෝක කුසලාන ත්‍රිත්වයේදීම සත්කාරකයන්ට කුසලාන දිනා ගැනීමට නොහැකි වුවද එය මෙවර වෙනස්‌ කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. 'සත්කාරකත්වය දැරූ කිසිදු රටකට පසුගිය 20-20 ලෝක කුසලාන දිනා ගැනීමට නොහැකි වුණා. මෙවර අපිට එය වෙනස්‌ කරන්න පුලුවන් වෙයි. අපි සතුව හොඳ සංයුතියක්‌ ඉන්නවා.' යනුවෙන් මහේලද සිය ජයග්‍රාහී මානසිකත්වය මාධ්‍යවේදීන් හමුවේ පසුගියදා පැවසීය.

ජයග්‍රහණයට අවශ්‍ය මානසික සහ කායික ශක්‌තිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ දැනටමත් ස්‌ථාපිත වී හමාරය. ඒ සඳහා සුපිරි තුරුම්පුවලින් ශක්‌තිමත්ව ඇති ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේදී හමුවන්නේ ආසියාවෙන් පිට කණ්‌ඩායම් බැවින් සුපිරි අට වටයෙන් අවසන් පුර්ව තරගයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවට වැඩි අවස්‌ථාවක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

ලබන 27 වැනිදා ආරම්භ වන සුපිරි අට වටයේ පළමු සටනට ශ්‍රී ලංකාව සහභාගි වේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ නවසීලන්ත කණ්‌ඩායමයි. යම් හෙයකින් නවසීලන්තය සුපිරි අට වටයට පැමිණීමට නොහැකි වුවහොත් බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාව සුපිරි අට වටයේ පළමු තරගයට සහභාගි වනු ඇත. එම වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැත්වීමට නියමිතය. යම් හෙයකින් කොදෙව්වන් සුපිරි අට වටයෙන් ඉවතට විසි වුවහොත් පමණක්‌ අයර්ලන්තය සමග ශ්‍රී ලංකාව එම සටනට සහභාගි වනු ඇත. සුපිරි අට වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය එංගලන්තය සමගින් පැවැත්වීමට නියමිතය. එංගලන්තය සුපිරි අට වටයෙන් ඉවතට විසිවුවහොත් පමණක්‌ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ ඇµaගනිස්‌ථානයයි. ඒ අනුව සුපිරි අට වටයෙන් අවසන් පූර්ව සටනට පිවිසීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී ඇත. සුපිරි අට වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වීමට නියමිත ඇති කණ්‌ඩායම් අතරින් එංගලන්තය හැරුණු විට සෙසු සියලු කණ්‌ඩායම් වත්මන් 20-20 ශ්‍රේණිත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටී.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට පැමිණියොත් එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා කවුරුන්ද යන්න නිශ්චිතවම සටහන් කිරීමට නොහැකි වුවද ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව හෝ පාකිස්‌තාන කණ්‌ඩායම් අතරින් කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. යම් හෙයකින් අයර්ලන්තය, ඇµaගනිස්‌ථානය සහ බංග්ලාදේශය පෙරළිකාර ජයග්‍රහණයක්‌ වාර්තා කරමින් අවසන් පුර්ව වටයට පැමිණියහොත් තත්ත්වය වෙනස්‌ වනු ඇත.

'20-20 තරගවලදී ඕනෑම කණ්‌ඩායමකට ජයග්‍රහණය ලබා ගන්න අවස්‌ථාව තියෙනවා. කොතරම් හොඳ කණ්‌ඩායමක්‌ වුවත් දුර්වල කණ්‌ඩායමකට පරදින්න පුලුවන්. එම නිසා හැම තරගයක්‌ම තීරණාත්මකයි.' යනුවෙන් දකුණු අප්‍රිකානු නායකයාද තරගාවලිය පිළිබඳව අදහස්‌ දක්‌වමින් කියා සිටියේය. 20-20 තරග අවදානම් බව සියලු කණ්‌ඩායම් නායකයන් හිස මත දරා ගනිමින් තරග වදින බව සැබෑවකි. එහිදී අත්දැකීම් බහුලකම සහ තණතීරු පිළිබඳ අවබෝධය ජයග්‍රහණයට අමතර වාසියක්‌ වනු ඇත.

7th T20: South Africa beat Sri Lanka by 32 runs | Cricket News

DJ Avantha Creations

7th T20: South Africa beat Sri Lanka by 32 runs | Cricket News

Saturday, September 22, 2012

මැකලම් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

DJ Avantha Creations


20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති නවසීලන්තය සහ බංගලිදේශය අතර තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ලොව 20-20 වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිඳ දැමීමට නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් සමත් විය.
මීට පෙර දකුණු අප්‍රිකාවේ රිචඩ් ලෙවී ලබා තිබූ නොදැවී ලකුණු 117 වාර්තාව බිඳහෙලූ මැකලම් පන්දු 58 දි හයේ පහර 11 ක් සහ හයේ පහර 7 ක් සහිතව ලකුණු 123 ක් ලබා ගත්තේය. මැකලම් 20-20 ශතක 2 ක් ලැබූ ලොව එකම පිතිකරුවාද වෙයි.



macullam

Thursday, September 20, 2012

රී ලංකාව - දකුණු අප‍්‍රිකාව ‘සුපිරි අට’ වටයට

DJ Avantha Creations




සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවිය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව ‘සී’ කාණ්ඩයේ තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය.
 ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර

ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (22) පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.







ඉන්දියාවෙන් රෙදි : ලංකාවෙන් රත්තරන්

DJ Avantha Creations


තවත් ජාවාරමක් කටුනායකදී අල්ලයි
ඉන්දියාවේ චෙන්නායි නුවරින් රෙදිපිළි ගෙනවුත් එහි මිලට ලංකාවෙන් රත්තරන් ගෙනයමින් සිටි ඉන්දියා ජාතිකයකු කටුනායකදී අද අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඔහු ළඟ තිබූ රන් වල වටිනාකම ලක්ෂ 34කි.
ග්‍රෑම් 500ක් බර රන් බිස්කට් පහ ගුද මාර්ගයේ සඟවාගෙන යද්දී රේගු අධිකාරී යාපා පියසේන, සහකාර රේගු අධිකාරීවරුන් වන අමල් අබේවීර, නුවන් අබේනායක, චන්දන රත්නායක, කසුන් ගමගේ, චන්දිම කරුණානායක සහ ඩබ්. ප්‍රේමජයන්ත නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන් ජාසන්තක කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැනිල් සේනාරත්න මහතා සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කළේය.


Monday, September 17, 2012

ශ්‍රී ලංකාව පුහුණු තරඟයෙන්ම වැඩ අරඹයි

DJ Avantha Creations


ලබන 17 වැනි දින ආරම්භවීමට නියමිත ‘ 20-20’ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පුහුණු තරඟ ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු පුහුණු තරඟය අද කොළඹ එන්. සී. සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණ අතර, පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුළු 6 ක් දැවී ලකුණු 133 ක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 134 ක ජයග්‍රාහී ඉලක්කය හබාගිය ශ්‍රී ලංකාව කඩුළු 9 ක පහසු ජයක් ලබාගත් අතර, ඡායාරූප වලින් දැක්වෙන්නේ ලකුණු 57 ලබා මහේල ජයවර්ධන සහ ලකුණු 50 ක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් සහ තරඟයේ උණුසුම් අවස්ථාවන්ය.


DJ Avantha Creations



Sunday, September 16, 2012

මලක මෙජෙර් ප්‍රශ්නය

DJ Avantha Creations

DJ Avantha Creations
DJ Avantha Creations



 

සංගක්කාර - මාලිංග ලෝක එක්දින පිලට

DJ Avantha Creations


ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංග්කකාර සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. ලෝක එක්දින පිලේ නායකත්වයට නම්කර සිටින ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත් වූ පස්වැනි වසර මෙය වේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වසරේ එක්දින කණ්ඩායම අද (14) රාත‍්‍රි කොළඹදී පැවැති උත්සවයකදී නිවේදනය කළේය.
වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනු පිළිවෙල අනුව)
ගෞතම් ගාම්බීර්, ඇලෙස්ටියාර් කුක්, කුමාර් සංගක්කාර, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි (නායක), මයිකල් ක්ලාක්, සයිඞ් අෆ්රිඩි, මෝනි මොර්කල්, ස්ටීවන් ෆින්, ලසිත් මාලිංග, සයිඞ් අජ්මාල්
12 වැනි ක‍්‍රීඩක: ෂේන් වොට්සන්
Dj Avantha Creations
Dj Avantha Creations

Friday, September 14, 2012

‘මෙතනට ආවෙ සෑහෙන්න කට්ට කාලා’

DJ Avantha Creations

නිතරම පියකරු සිනහවකින් මුහුණ සරසාගෙන සිටින මේ රූබර නිළියගේ වයස දැන් අවුරුදු 30ක්. ඇය පසුගියදා තමන්ගේම ගීත එකතුවක් ශ්‍රාවකයන් වෙත තිළිණ කළා. ළඟදීම තිරගතවීමට නියමිතව තිබෙන අලුත් චිත්‍රපට කිහිපයකට ප්‍රධාන චරිත නිරූපණය කරන්නේත් ඇයයි. ඇය, පි‍්‍රයංකා චොප්රා
මීට සතියකට පමණ පෙර ප්‍රියංකා සිනමා මාධ්‍යවේදියකු සමඟ පුංචි කතාබහක නියැළුණා. ඒ කතා බහේදී ඇය පැවසුවේ මොනවාදැයි අපි බලමු.....
මුලින්ම ඒ මාධ්‍යවේදියා ප්‍රියංකාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක මතක සටහන් පෙළගස්වන්නට සමත් වුණා...
ඔබ ‘අවිවාහක ලෝක රූ රැජන’ ට හිමිවන කිරුළ දිනා ගත්තා. ඒ මතකය පොඩ්ඩක් අවදි කළොත්...
මගේ පවුලේ ඉන්නෙ වෘත්තීයවේදීන්. අම්මත් තාත්තාත් වෛද්‍ය වෘත්තිකයන්. ඒ නිසා මම විද්‍යා විෂයයන් ඉගෙනගත්තා. ඉංජිනේරුවරියක් වෙන්නයි මම ඉගෙනගත්තේ. ඒත් මම ‘මිස් වර්ල්ඩ්’ හැටියට කිරුළු පැලඳුවාම තත්ත්වය වෙනස් වුණා. එදා ඒ මොහොතේදී මගේ අම්මා ස්ටේජ් එකට ඇවිත් මාව බදාගත්තා. ‘දැන් කොහොමද ඉගෙන ගන්නෙ?’ කියල අම්මා මගෙන් රහසින් ඇහුවා!”

ධර්මපාලතුමාගේ 148 වැනි ජන්ම සැමරුම බුද්ධගයාවේ දී

DJ Avantha Creations 


අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ජන්ම දින සැමරුම හෙට (15) ඉන්දියාවේ බුද්ධගයාවේදී සැමරේ. සෙත්සිරි ලංකා ට්‍රැවල්ස් ආයතනය මෙවරත් මේ උත්සවය සංවිධානය කරන අතර, දහම් පාසල් දරුවන් හය දෙනකුට මේ උත්සවයට සහභාගිවීම සඳහා විශේෂ ශිෂ්‍යත්ව ලබාදීමට මේ ආයතනය කටයුතු කරයි.
ලෝකවාසී බෞද්ධ ජනතාව මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.



Thursday, September 13, 2012

කොළඹ නගරයේහිඟාකාලා මම ජීවිතයට බොහෝ දේවල් එක්කර ගත්තා

DJ Avantha Creations [from : lakbima]

- ජනප්‍රිය යොවුන් නළු පුබුදු චතුරංග

Pubudu-Chathuranga2
  පුබුදු - දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඒ ගැන කතා කරන්න   කැමති කෙනෙක්ලු ?
  එක අතකින් බලනකොට ලෝකේ හැම මනුෂ්‍යයම දේශපාලන   
  චරිතයක්. ඒක සංකීර්ණව විග්‍රහ කළ යුතුයි. හැබැයි පක්ෂ පාටවලින්
  දේශපාලනය ගැන නමෛයි මම කියන්නේ. ඒත් දේශපාලනය කීව
  හැටියේ මිනිස්සු හිතන්නේ පාටවලින් බෙදුණු දේශපාලනය. ඒ
  හින්දයි සමහරු ඔය විදියට හිතනවා ඇත්තේ.
  පක්ෂ දේශපාලනයේ දි පුබුදුටත් පාටක් ඇති
  කිව්වට විශ්වාස කරයිද දන්නෙ නැහැ. මේ වෙනතුරු මම කවදාවත්
  මගෙ ඡන්දය පාවිච්චි කරල නැහැ.
  ඇයි ඒ ?
  මගෙ මනාපය දෙන්න සුදුසු කෙනෙක් නොමැති වීම.
මොනවද ඒ සුදුසුකම්
තමා ගැන නමෛයි රට ගැන හිතන කෙනෙකු වීම.
ජනප්‍රිය චරිත දේශපාලනයට එනවා.  පුබුදුටත් දවසක ඒ විදියේ ආරාධනාවක් ලැබුණොත් ?
එක දවසක් එක උත්සවයකට මමයි දේශපාලනඥයෙකුයි ආරාධිතයන් විදියට සහභාගි වුණා. එතැනට ආ සාමාන්‍ය මිනිස්සු මාව වටකරගත්තා. අර දේශපාලනඥයා වටකරගත්තේ එයාට අදාළ කිහිප දෙනෙක් විතරයි. මම දේශපාලනයට ගියොත් මටත් වෙන්නේ ඒ ටික. ඒ හින්දා මම අද දවසේ නම් එවැනි ආරාධනයක් ලැබුණොත් භාරගන්නේ නැහැ.
හෙට ලැබුණොත් භාර ගන්නවා
හෙට වනවිට මම කී විදියේ දේශපාලන පක්ෂයක් බිහිවී තිබුණොත්, එහෙම නැතිනම් පවතින පක්ෂයක් ඒ විදියට වෙනස් වී තිබුණොත් මම ඊට එකතු වනවා.
හෙට දේශපාලන පක්ෂයකට එකතු වුණොත් නිදහසට කරුණක් විදියට ඉදිරිපත් කරන්න ඔය විදියේ කපටි ප්‍රකාශයක් කළා කියලා මම චෝදනා කරනවා.

නැහැ නැහැ මම ඒ විදියේ අදහසක් ඇතුව කළ ප්‍රකාශයක් නමෛයි. ලෝකය දවසින් දවස වෙනස් වෙනවා. කියන පදනමේ ඉඳගෙනයි ඔය ප්‍රකාශය කළේ. 
 Pubudu-Chathuranga

පුබුදු හිතුවක්කාරයෙක්ලු නේද ?
ඔව්, හැබැයි ඒ හිතුවක්කාරකම සමාජ විරෝධී එකක් නමෛයි. අලුත්විදියට ලෝකය දකින්න තියෙන ඕනෑකමක් නිසා ඇතිවුණ එකක්.
පුබුදු කොළඹට හුරුවුණේ කොහොමද ?
මම නළුවෙක් වෙන්න හිතාගෙන ගාල්ලෙන් කොළඹට ආවේ හිතුවක්කාරකමින්. ඒ ඇවිත් බොහොම පුංචි තැනකින් ජීවිතය පටන් ගත්තා. චිත්‍රපටවල නවක නළුවන් තෝරන සම්මුඛ පරීක්ෂණවලට ගියා. පුස්තකාලයට ගිහින් ‍පොතපත කියවලා දැනුම වැඩිකරගත්තා. පාරවල් දිගේ ඇවිද ඇවිද මිනිසුන්ගේ චර්යා රටා නැරඹුවා.
එතකොට කොළඹ හිඟා කෑවේ ?
ඔය අතර තමයි දවසක් බොරැල්‍ලේ හිඟන්නෙක් විදියට හිඟා කෑවේ. මට සල්ලිත් ලැබුනා. නමුත් මට උවමනා වුණේ  සමාජය ගැන ජීවිතය ගැන යමක් ඉගෙන ගන්න; ඒ තුළින් මම ජීවිතයට බොහෝ දේවල් එකතු කරගත්තා.
පැතූ ජීවිතය ගොඩනගා ගත්තද ?
ඔව්, බොහෝ දුරට
 ඒ ජීවිතය සම්පූර්ණ වෙන්නේ තවත් කෙනෙක් එකතු වූ දාට
එයාවත් මට හමුවුණා. දෙපැත්තේම ආශීර්වාද ලැබුනා. එයාගේ උසස් අධ්‍යාපන කටයුතු නිමාවුණාම අපි විවාහ වෙනවා.
තමන්ට වඩා වයසින් ගොඩක් බාල කෙනෙක් තෝරා ගැනීම හරිද?
මහා දාර්ශනිකයෙකු ලෝකය විනිවිද දකිනවා. හැබැයි එයා  බස් එකේ යද්දී මාරු සල්ලි හොයාගන්න වුණොත් ඒ පුද්ගලයාට වඩා සාර්ථකව ඒ දේ කරන්නේ බිරිඳ... ගැහැනිය ලෝකය දකින්නේ පිරිමියා දකින දේ තුළින්. මට වඩා වයසින් ගොඩක් අඩු කෙනෙකුට මම දකින ලෝකය කියල දීලා එයා එක්ක ජීවිතය ගෙනියන්න පහසුයි.
පුරුෂාධිපත්‍ය තදින්ම පුබුදුගෙ හිතේ තියෙන පාටයි
අතීතයේ මිනිසා දඩයමේ ගියා. ගැහැනිය ගල්ගුහාවේ හිටියා. පිරිමියා ඇවිත් කියන දේ තුළින් තමයි ගැහැනිය ලෝකය මවා ගත්තේ. බුදුරජාණන් වහන්සේ වුණත් කාන්තාවට පැවිද්ද දෙන්න මුලදී ප්‍රතික්‍ෂේප කළා. පුරුෂාධිපත්‍යයට තියෙන නිවස හා ස්ත්‍රියගේ ආධිපත්‍යයට තියෙන නිවස  බැලුවොත් සාර්ථක කොයි එකද කියල තේරේවි. සත්‍යය ඒකයි.
කාන්තාවට සමතැන දෙනවට පුබුදු විරුද්ධද ?
කාන්තාවට සමතැන තියෙනවා. මම කලින් උදාහරණයක් ගත්තා නේද දාර්ශනිකයකු බස් එකේ යන සිදුවීමක් ගැන. එදිනෙදා ගෘහ ජීවිතය තුළ කාන්තාවගේ හයිය සිතුවිලි තීන්දු තීරණ පිරිමියාට ගන්න බැහැ. පිරිමියා කරන දේ ගැහැනියට කරන්න බැහැ. ඒ විදියට බැලුවොත් ස්වභාව ධර්මය දෙදෙනාටම නිසි තැන්දීලා තියෙනවා.
එතකොට ඇතැම් කාන්තාවෝ සමතැන ඉල්ලලා හඬ නගන්නේ ?
යුරෝපයේ නම් ඔය දේ වුණේ පදනමක්  මත. ඒ රටේ කාන්තාවන්ට දැඩි පීඩනයක් තිබූ යුගයක. ‍පොදුවේ ඒ පීඩනය තමයි ස්ත්‍රීවාදය විදියට මතුවුණේ. ඒකයි ඒ අයගේ ඉල්ලීම් දිනාගන්න ඒ අයට හැකිවුණේ. ඒත් තමන්ට තියන මොකක් හරි පීඩනයක් වහගෙන ඒ විදියේ ඉන්න පිරිසක් තමා වටා එකතුකරගෙන ඒකට බොරු ස්ත්‍රීවාදයන් දීලා සමතැන ඉල්ලලා නගන හඬට මම විරුද්ධයි. ඒ අය ඉල්ලන දේ ඒ අයවත් දන්නෙ නැහැ. ඒකයි ඒ හඬ නැගීම්වල ප්‍රතිඵල නැත්තේ.

ආරියවංශ කුලතිලක

උස හින්දා හැමෝම මාව අඳුනාගෙන

DJ Avantha Creations

  • ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා තර්ජනී සිවලිංගම්
thar2ඇය අටවන ආසියා දැල්පන්දු ශූරතාවයේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙහෙය වූ නායිකාවයි. ආසියා දැල්පන්දු කිරුළ අවසන් මහා තරගයේදී අපෙන් ගිලිහුණද තර්ජනී සිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම විදින්නිය විය. එසේම ඇය ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වැඩියෙන්ම ලකුණු රැස් කළේ ද ඇගේ දෑතිනි. අවසන් තරගය එක් ලකුණකින් පරාද වී ඉතා කනගාටුවෙන් සිටින මොහොතක අපි ඇය හා කතාබහකට පිවිසුණෙමු.
ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාව දක්වා ආපු මග මතකද ?
අ‍පොයි ඔව්. ඇයි අමතක වෙන්නේ. මගේ ගම යාපනය වසාවිලන්. වසාවිලන් ගමේ ඉඳන් මම ඒ ලෙවල් කරනකම් යාපනයට ආවෙත් ඇඟිලි ගාණට අඩුවෙන්. ඒ මගේ උස හින්දා හැමෝම බලන එක මට වදයක් වෙච්ච නිසා. ඒත් කැම්පස් තේරුණාම මට ගම දාලා එන්න වුණා. ඊට පස්සේ කැම්පස් එකේ නෙට්බෝල් ටීම් එකට ගැහුවා. කැම්පස් එකෙන් නෙට්බෝල් සංගමය වවුනියාවේ තිබ්බ තරගයකට ගිහින් තමයි ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට මම ආවේ.
ආසියානු තරගාවලිය නරඹන්න ගෙදර කට්ටිය  ආවද ?
දෙවනි අයියා විතරයි ආවේ. අම්මටයි අප්පටයි එන්න අමාරුයි. ඒගොල්ලෝ දැන් ටිකක් වයසයි. ඒත් අම්මයි අප්පයි ටී.වී. එකෙන් බැලුවා කිව්වා.
අපි පැරදුණාම මොකද කිව්වේ ?
අයියෝ ... ඒගොල්ලන්ට හරිම දුකයි. මටත් ඊට වඩා දුකයිනේ. එගොල්ලෝ හම්බු වුණාම මටත් දුක නිසා මම යාපනේ ගියේ නෑ. මැච් ඉවර වෙලා දිනලම  යන්න හිටියේ.
thar3පවු‍ලේ විස්තර ටිකක් කිව්වොත් ?
අයියලා දෙන්නයි. අක්කලා දෙන්නයි. මල්ලියි මට ඉන්නවා. අපේ පවුල කොච්චර ලොකු වුණත් අම්මයි, අප්පයි යාපනේ තනියෙන් ඉන්නේ. අයියලා අක්කලා කසාද බැඳලා. මල්ලී ඉගෙන ගන්න පිටරට ගිහින්. මම කොළඹනේ.
දැන් කල වයසත් හරි නිසා ඔබේ විවාහය ළඟදී ගන්න අදහසක් නැද්ද ?
විවාහය ගන්න කලින් විවාහ වෙන්න කෙනෙක් ඉන්න ඕනනේ (සිනාසෙයි)
ඇයි තාම කෙනෙක් හම්බු වුණේ නැද්ද ?
අම්මලා හොයනවා. ඒත් මට හරියන කෙනෙක් හම්බු වුණේ නෑ.
 මොනවද ඔයා හොයන සුදුසුකම් ?
ලොකු සුදුසුකම් නෙමේ. යාපනේ කෙනෙක් නම් හොඳයි. හින්දු නම් ගොඩක් හොඳයි.
තර්ජනීගේ උස කොච්චර ද ?
අඩි හයයි අඟල් නවයයි.
මනමාලයා ඔයාගේ උසට හරියන්න ඕනේ නැද්ද?
ඒක මට ප්‍රශ්නයක් නමෛයි. මට වඩා උස කෙනෙක් නම් ගොඩක් හොඳයි තමයි. ඒත් මට වඩා ටිකක් මිටි වුණත් එයා හොඳ කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ.
thar4
එහෙම හිත ගිය කෙනෙක් හිටියෙම නැද්ද ?
තාම නෑ. හිත ගියත් අම්මා අප්පා කැමැති වෙන්න ඕනනේ.
අම්මා අප්පා කැමැති ඕනම කෙනෙක් එක්ක විවාහ වෙනවද?
ඒගොල්ලෝ මට නරකක් කරන් නෑනේ. ඉතින් මට හොඳ කෙනෙක් තමයි ඒගොල්ලොත් හොයන්නේ.
දැන් හොඳට සිංහලත් කතා කරන්න පුළුවන් එකේ කොළඹ පැත්තෙන් කෙනකුට කැමැති වෙන්න බැරිද ?
ඒ ගැන හිතුවේ නෑ. යාපනයට තමයි ගොඩක් කැමැති.
ආසියානු ශූරතාවට ශ්‍රී ලංකාවේදීම ක්‍රීඩා කළාට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
මම වැඩ කරන සෙලාන් බැංකුවේ ජී.එම්. ගේ ඉඳන් ඔක්කොම ආවා. මගේ බෝඩිමේ යාළුවෝ ඔක්කෝම ආවා. ඒගොල්ලෝ ආපු නිසා මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මාව නෙට්බෝල්වලට ගෙනාපු ට්‍රික්සි මිස් වගේම මං වටේ හිටපු හැමෝම වගේ ආවා.
ඒ අය මොකද කිව්වේ ?
ඔක්කොම කිව්වේ අපි පැරදුණේ බොරුවට කියලා. මටත් හරිම දුකයි. මං උස හින්දා හැමෝම මාව අඳුර ගෙන පාරට බැහැපු ගමන් අහන්නේ ඇයි පැරදුණේ අපරාදෙනේ කියලා. මට හරිම දුකයි. හැමෝටම පැරදුණු හැටි කියන්න ගියාම මටත් ඇඬෙනවා. ඒ හින්දා මම මේ දවස්වල වැඩියේ එළියට බහින්න ගියෙත් නෑ. බෝඩිමේම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ.

ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ

ශ්‍රී ලංකා පිලට කඩුලූ 9 ක ජයක්

DJ Avantha Creations

විස්සයි/20 ලෝක කුසලාන පුහුණු තරග
2012-09-13 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.60 , විකුණුම් මිල රු.133.52 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.209.89 , විකුණුම් මිල රු.215.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.167.82 , විකුණුම් මිල රු.173.11 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.138.47 , විකුණුම් මිල රු.143.51 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.133.01 , විකුණුම් මිල රු.137.58 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.135.90 , විකුණුම් මිල රු.140.87 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.76 , විකුණුම් මිල රු.109.24 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6702 , විකුණුම් මිල රු.1.7279
ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති විස්සයි/20 ලෝක කුසලාන පෙර පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබුහ. බටහිර ඉන්දිය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ජොන්සන් චාර්ල්ස් 30, ඩැරන් බ‍්‍රාවෝ 29, කිරාන් පොලාඞ් නොදැවී 28, නුවන් කුලසේකර 35/2, ඇන්ජලෝ මැතිව්ස් 7/1)
ශ්‍රී ලංකා පිල ඕවර 15.4 කදී කඩුලූ 1 ක් දැවී 135 (ඩිල්ෂාන් මුණවීර 24, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 50, මහේල ජයවර්ධන නොදැවී 57, රවී රාම්පල් 24/1)

Sunday, September 9, 2012

VW 'to make 300,000 fewer cars this year'

Photo: DPA


German car maker Volkswagen is expecting to sell 300,000 fewer vehicles this year than initially planned, largely due to European economic difficulties, sources at the firm say

Giant catfish empty rivers, turn cannibal

DJ Avantha Creations

A German fisherman and his 2.5-metre catfish in Italy last year. Photo: DPA


Giant catfish are becoming an increasing problem in German rivers and lakes, with one monstrous 2.5-metre specimen even said to be eating swans in a river it has emptied of all other fish. Some are even becoming cannibals.

Police warn of neo-Nazi terror assassins

DJ Avantha Creations

Photo: DPA


A secret report from Germany’s police warns of neo-Nazi attacks, even assassination attempts, on foreigners, prominent politicians and police officers.

New challenge filed to stop euro rescue

DJ Avantha Creations

Photo: DPA


A prominent German eurosceptic Sunday filed a complaint against the European Central Bank's new bond-buying programme at the country's top court in a fresh bid to block the eurozone's rescue fund

නිල්වලා ග‍ඟේදී කිඹුලෙක් දරුවකු ඩැහැ ගනී

DJ Avantha Creations


අකුරැස්ස, පරදුව ප්‍රදේශයේ නිල්වලා ගඟේ අනාරක්ෂිත තොටුපළක දිය නාමින් සිටි දොළොස් හැවිරිදි පිරිමි ළ‍මයෙකු, කුඹුලෙකු විසින් ඩැහැගනු ලැබ තිබේ.
 
පොලීසිය පැවසුවේ තම සීයා සමග දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ එම දරුවා එලෙස ඩැහැගෙන ගොස් ඇති බවය.

දරුවා සෙවීම සඳහා නාවික හමුදාවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ලබා ගෙන ඇති බව පොලීසිය  පැවසීය.

පළාත් සභා මැතිවරණය 2012

DJ Avantha Creations

DJ Avantha creations

DJ Avantha Creations
හඳුනාගැනීම හිසෙන් පමණයි
එක සමාන හැඩරුව ඇති චීනයේ සිවු නිවුන්දරුවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මවුපියෝ උපක‍්‍රමයක් යෙදුහ. එම දරුවන් පාසලට ඇතුළු කරන්නට පෙර ඔවුහු කරණවෑමියකු ළඟට රැගෙන යනු ලැබූහ.
ඔවුන්ගේ හිසේ වෙන් වෙන් වශයෙන් අංක පෙනෙන සේ කෙස් කැපූහ.