Saturday, September 29, 2012

සිරිපා හිමයේ සැඟවුණු දිවාගුහාව සොයන්න අංජනමක්

DJ Avantha Creations

                                                              AdamsPeak

                                             

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අපරිමිත භක්ත්‍යාදරයට පත් සොලොස්මස්ථාන පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. නමුත් මේ සොලොස්මස්ථාන අතුරින් විශේෂිත වූ එක් පූජනීය ස්ථානයකුත් තිබෙනවා. ඒ තමයි දිවා ගුහාව; ශ්‍රීපාදස්ථානය පිහිටුවීම පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය, හෙවත් දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානයයි දිවා ගුහාව වශයෙන් සැලකෙන්නේ.
අප හමුවේ ඇති මුලාශ්‍ර අනුව මෙම දිවාගුහාව ශ්‍රීපාද පද්මයට මඳක් හෝ සමීපව පිහිටා තිබිය යුතුයි. නමුත් එය පිහිටි ස්ථානය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලැබි නැහැ. සිරිපා මළුව සමීපයේ ඇති භගවා ලෙන, කුරුවිට වලදුරේ බටතොට ලෙන සහ බලංගොඩ කූරගල පිහිටි පර්වත ස්ථානයක් මෙම දිවා ගුහාව විය හැකිබවට අනුමාන කෙරෙනවා. නමුත් ඒවා දිවා ගුහාව වශයෙන් නිශ්චිත ලෙස පිළිගැනීමට තරම් හේතු සාධක මතෛක් ඉදිරිපත් වී නැහැ. මේ අතර වර්තමානයේ බගවන්තලාව යනුවෙන් හැඳින්වෙන තේ වතු රාජධානිය ආශ්‍රිතව මතෛක් හඳුනා නොගැනුණු ගල්ලෙනක් මේ දිවා ගුහාව විය හැකි බවට තවත් පිරිසක් අනුමාන කරනවා. නමුත් ඒ පිළිබඳව ද නිවැරදි නිශ්චයක් නැහැ. Read More..

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........