Monday, October 8, 2012

සාමාන්‍ය මිනිසකු ඉක්මවා ගිය සුපිරි බලවේගය - ලියනාඩෝ ඩාවින්චි

DJ Avantha Creations

  උපේක්ෂාවෙන් හා මන්දස්මිතයෙන් (මඳ සිනාවෙන්) මුව සරසා ගත්       ඇගේ මුව කමල පිරුණු සඳක් මෙන් විරාගීය.                                
  ඈ දුටු පමණින් දැවෙන සියලු දුක්ඛ දෝමනස්සයන් පහව, සිත් සතන්       නිවී සැනහෙන්නේය. දයාව, ප්‍රේමය උතුරා හැලෙන දෙනෙතට පෙම්         නොබඳින කිසිවකු නොමැති ලිසාගේ රූප සම්පත්තිය සිතුවමට               නැගුනේ ක්‍රි.ව. 1504 දීය.
  පිරුණු දෙකම්මුල් සහිත මන්දස්මිතයෙන් සැරසුණු ඈ පහළොස් විය        සපිරීමත් සමග ක්‍රි.ව. 1479 ජූනි 15 විවාහ වූවාය. රෙදිපිළි ව්‍යාපාරිකයකු   වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝ කොන්ඩෝට දාව දරුවන් පස් දෙනෙකු      වැදූ ලිසා සිය රූපකාය වියැකී යා නොදී රැකගත්තාය.
  මොනාලිසාගේ සියලු යහපත් ගුණාංග සමග නොවියැකුනු රූ සිරිය          තෙලි තුඩක රඳවා වර්ණ ගැන්වූ සිත්තම ලෝක පූජිත නිර්මාණයක් විය.
  ලියනාඩෝ ඩාවින්චි නම් වූ චිත්‍ර ශිල්පියෙකු ෆ්ලොරන්ස් ගමේ වෙසෙන   ලිසා ගොර්දිනි පවු‍ලේ සමීප හිතවතකු විය. 
 ඇගේ ස්වාමියාගෙන් ලබාගත් නිසි අවසරය මත ලියනාඩෝ විසින්           ලිසාගේ රූ සපුව කටුසටහනකට නැගුවේය.

ඇඳගත් කටුසටහන් සිව් වසරක් පමණ පසෙක දමා තිබිණි. ඒ ක්‍රි.ව. 1503 වසරේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ සුන්දර අත්දැකීමක අංශු මාත්‍රයක් පමණි.
එවන් කටුසටහන්වලින් ලියනාඩෝගේ නිදන කුටිය අක්‍රමවත් ලෙස පිරී ඉතිරි තිබුණි.
එම චිත්‍ර අතරිනුත් ලියනාඩෝ විසින් වැඩි කාලයක් වැය කර තිබෙන්නේ භෞතික විද්‍යාව, ස්වභාවික සෞන්දර්යය, සතුන්ගේ අඟපසඟවල හරස් කැපුම් හා යාන්ත්‍රික මෙවලම් ආදී වෙනස් සංකල්පනාවන්ගෙන් පිරුණු කටුසටහන් ඇඳ ගැනීම සඳහාය.
ලියෝ තෝල්ස්තෝයි, චාල්ස් ඩිකන්ස්, සර් ආතර් කොනන් ඩොයිල්, ඇලෙක්සැන්ඩර් දියුමාස් වැනි මහා චින්තකයින්, මහා පුරුෂයින් මෙන් ඩාවින්චිද ‘තාවකාලික අවාසනාවේ උරුමය’ අතමිට මොලවා මෙලොව බිහි වූ තවත් විශිෂ්ට යුග පුරුෂයෙකි. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට මායිම්ව පිහිටි වින්චි ගමේ මධ්‍යම පාන්තිකයකු වූ පියරෝ ඩාවින්චිට දූ පුතුන් 17 දෙනෙකු ලබා දුන් කාන්තාවන් ගෙන් තුන් වැන්නා වූ කැතරිනා සැබෑ රූප කායකට හිමිකම් කී මැදිවිය ඉක්මවූ කාන්තාවක වූවාය. 06-6
සුවිශේෂ වූ ප්‍රාථමික අධ්‍යාපනයක් නොලැබුවද දැනුම සොයා යෑමේ අධික පිපාසාවකින් පෙළුණු ලියනාඩෝ අසල්වැසියන්ගේ ගේ දොරින් සොයාගත් ‍පොත් පත් කියවා වැඩි දියුණු කරගත් දැනුමින් සැඟවගත් හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට වෙර දැරීය.
ගෙයි බිත්ති පුරා අඟුරු කෑලිවලින් ඇඳි කටුසටහන් දුටු පියා එම සිතුවම් බලි රූප ලෙස බැහැර කළේ  නැත. පුතුගේ හැකියාවට අගයක් ලබාදීමේ අටියෙන් ෆ්ලොරන්ස් නගරයේ සුප්‍රසිද්ධ චිත්‍රාගාරයක් පවත්වාගෙන යන “අන්ඩ්‍රියා ඇඩෙල් වෙරෝචියෝ” නම් චිත්‍ර ශිල්පාධිපතිවරයාට හඳුන්වා දෙනු ලැබිය.
ක්‍රි.ව. 1470 සිට 1475 දක්වා පස් වසරක් තුළ ආධුනික චිත්‍ර ශිල්පියෙකු ලෙස දැක්වූ හපන්කම් ගුරු භවතුන්ගේ මවිතයට හේතු වන්නට තරම් ඔහුගේ ආධුනික නිර්මාණ විශිෂ්ට මට්ටමක පැවතිණි.
තම ගුරුවරයා විසින් ඇඳි ක්‍රිස්තුස් වහන්සේගේ බෞතීස්මය නම් චිත්‍රයේ පසෙකින් අඳින ලද දේවදූතයන් දෙදෙනා ලියනාඩෝගේ පළමු නිර්මාණය විය.
ආධුනිකයකුට නොතරම් වූ විශිෂ්ට හැඩත06-1ල හා වර්ණ සංයෝජනය දුටු ගුරුතුමාට සිය ආත්ම ගෞරවය පිළිබඳව ගර්වයක් හා ලැජ්ජාවක් දැනෙන්නට විය.
අභියෝගය බාරගත් තරුණ ලියනාඩෝ ඩාවින්චි ගුත්තිල - මූසිල අරගලයකට මුල පිරුවේ නැත. අධිෂ්ඨානයේ යෂ්ටිය ලියනාඩෝගේ අතින් ගිලිහුනේ නැත. සැඟවුණු හැකියාවන් සඳහා ඔවුන්ගේ කෙනෙහිලිකම් ලියනාඩෝ ඩාවින්චිට අත්වැලක් මිස මරුවැලක් නොවීය.
වයසට වඩා මුහුකුරා වැඩුණු මහා ඥාන ශක්තියකින් හෙබි ලියනාඩෝ ඩාවින්චි අනාගත විශ්වයේ හැඩරුව පිළිබඳ හේතු පාඨ සිතුවම් මගින් ප්‍රකාශ කිරීමට තරම් මහා විදග්ධයකු විය.
නිර්මාංශිකයකු වූ ලියනාඩෝගේ විවිධ ඉසව් ඔස්සේ පැතිරී ගිය හැකියාවන් විශ්මය දනවන්නක් බැව් පසුකාලීන විචාරකයන්ගේ මතය විය.
මූර්ති ශිල්පය, චිත්‍ර ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, භෞතික විද්‍යාව, කාර්මික ශිල්පය, ගණිතය, ‍ජ්‍යොතිෂය විද්‍යාව ආදී විෂය ක්ෂේත්‍රයන්හි පැතිරුණු කල්පනා ශක්තියක් ලියනාඩෝ සතු බැව් ඔහුගේ සුප්‍රසිද්ධ “කටුසටහන් ‍පොත” සාක්ෂි දරයි.
ඔහුගේ නව නිපැයුම් ඔස්සේ ගලාගිය චින්තන ධාරාවන් සමකාලීන විද්වතුන්ගේ නිර්මාණාත්මක බුද්ධිය සමතික්‍රමණය කිරීමට සමත් විය.
ක්‍රි.ව. 1481 දක්වා වසර පහක අධ්‍යයන කාල පරිච්ජේදයක් පසු කළ ලියනාඩෝ ඩාවින්චිගේ හැකියාවන් අබියස විවිධ මුහුණුවරින් පැමිණි “දිය සුලි“ වලට ගසාගෙන ගියද ලියනාඩෝ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී යළි නැගී සිටියේය.
ජීවිතය රැක ගැනීමට වඩා සිය නිර්මාණ රැක ගැනීමේ මෙහෙයුමක්06-2 සඳහා සිත දැඩි කොටගත් ලියනාඩෝ “වෙරොච්චියෝගේ”  සෞන්දර්ය නිකේතනයෙන් පිටමන් විය.
කලාකාමියකු වූ මිලාන් නගරයේ ලුඩෝවිකෝ ෆෝර්සා  නම් ධනවත් ආදිපාදවරයාට ලියනාඩෝ ඩාවින්චි නම් සිතුවම් කෙටුම්පත්කරුවකු  පිළිබඳ අසන්නට ලැබිණි. සිය නිවසට කැඳවාගත් ලියනාඩෝගෙන් ඔහු ආගිය තොරතුරු විමසීය.
ආදිපාදවරයාගේ නිල “චිත්‍ර ශිල්පියා” ලෙස ලියනාඩෝට පත්වීම ලැබිණි. කිසිදු සිතුවමක් ඇඳ අවසන් කිරීමේ පුරුද්දක් නොතිබූ ලියනාඩෝ ක්‍රි.ව. 1482 සිට 1499 දක්වා වසර 17 ක් මිලාන් නගරයේ ඩියුක් ආදිපාදවරයාගේ නිල චිත්‍ර ශිල්පියා ලෙස සේවය කළේය.  විවිධාකාර වූ කටුසටහන් අතර විද්‍යාත්මක නිර්මාණ, මිනිස් සිරුරේ විවිධ අවයවයන්හි හරස් කැපුම්, බඹර පෙති යෙදූ අහසින් යා හැකි හෙලිකොප්ටර් වැනි කාර්මික උපකරණවල කටුසටහන්, යුද උපකරණ, සූර්ය තාපයෙන් ක්‍රියාත්මක විදුලි මෝටර් වැනි දෑ ලියනාඩෝ ඩාවින්චිගේ පරිඥානයට පමණක් විෂය වන නිර්මාණ රැසක් කටුසටහන් ‍පොතේ දැක ගත හැකි විය.
මෙම දහහත් වසරට ඔහු චිත්‍ර හයක් ඇඳීමට මුල පුරා තිබිණි. එයින් කිසිදු චිත්‍රයක් අවසන් කොට නොතිබිම විශේෂත්වයකි.
ක්‍රිස්තුස් වහන්සේගේ06-3 අවසන් රාත්‍රී භෝජනය සහ  The Virgin Of The Rocks එසේ අවසන් නොකළ චිත්‍ර අතරට ගැනෙන මුල් පෙළ සිතුවම් යුගල පූජනීය චිත්‍ර ලෙස ඉමහත් කීර්තියක් අත්කරගෙන සිටියි.
ආදිපාදවරයාගේ අභාවයත් සමග ලියනාඩෝගේ හපන්කම් පිළිබඳ අසා පැහැදුණු ප්‍රංශයේ පළමුවන ෆ්‍රැන්සිස් රජතුමා ) සිය රජ මාලිගයේ රාජකීය චිත්‍ර ශිල්පියා තනතුරේ ලියනාඩෝ අභිෂේක කරනු ලැබිය. චිත්‍ර ශිල්පියෙකුට වඩා ඉංජිනේරු ශිල්පීය දැනුම ඇත්තෙකු රජුට වැදගත් විය. අඩක් නිම කොට තිබූ ලිසාගේ දළ කටුසටහනද ඔහු සමග ප්‍රංශයට රැගෙන යන ලදී. ලද අවසරයෙන් හා ලැබෙන විවේකයෙන් ලියනාඩෝ ලිසාගේ චිත්‍රය මදින් මද ජීවමාන කිරීමේ කාර්යයේ නිරත වූයේය.
ලිසාගේ සිතුවම දුටු ෆ්‍රැන්සිස් රජතුමා ඒ කෙරේ ලොබ බැඳ ගත්තේය.
පහළොස් වසරකට පසු නිමා කළ ලිසා සිතුවම ප්‍රංශ රජතුමාගේ බාරයට ගැනිණි. ලියනාඩෝ ඩාවින්චිට රජතුමා විසින් ෆ්රෑන්ක් 4000 ක ගෙවීමක්ද කරන ලදී.
ලිසාගේ සිතුවම “මොනාලිසා” ලෙස නම් කෙරිණි. මොනා යනු ඉතාලි භාෂාවෙන් “ආර්යාව“ යන අරුත් දෙන්නකි. මා ඩොන්නා  යන්න “මගේ ආර්යාව“  යනුවෙන් අරුත් දැක්වෙන අතර “මොනා” යන්න මා ඩොන්නා යන වචන දෙක එක්කොට සාදාගත් ආදරණීය ඇමතුමක් ලෙස සැලකේ.
ලීසා “මොනාලිසා” යනුවෙන් ප්‍රකට විය.
ලියනාඩො ඩා වින්චිගේ කටුසටහන්වල සුවිශේෂී වූ නිර්මාණශීලී සම්භාවනීය බවක් පසුකාලීනව දුටුවෝ බොහෝ වෙති.
21 වැනි ශත වර්ෂයේ මහා ධන කුවේරයකු වූ “බිල් ගේට්ස්” 15 වන ශතවර්ෂයේ ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍ර කටුසටහන් ‍පොත ඉවෙන් මෙන් හඳුනාගනු ලැබිය.
ඩොලර් මිලියන 30 මුදලක් ගෙවා ඇතැම් කටුසටහන් ඔහු සන්තක කර ගැනීමට තරම් අමිල වටිනාකමක් බිල් ගේට්ස්  විසින් හඳුනා ගනු ලැබිණි.
ලියනාඩෝ ඩාවින්චිගේ සම්පූර්ණ කළ සිතුවමක් මිලට ගැනීමට සිදු වුවහොත් බිල් ගේට්ස්ට බැංකු අයිරාවකට පවා යෑම අනිවාර්ය06-4 වන බැව් ඔහු විසින් පවසා ඇත.
චිත්‍ර ශිල්පය පිළිබඳ විශේෂඥ දැනුමෙන් පිරිපුන් ඉතිහාසඥවරියක වූ ඇමරිකානු ජාතික හෙලන් ගාර්ඩ්නර්, ලියනාඩෝ ඩාවින්චි පිළිබඳ මෙසේ සටහනක් තැබුවාය.
“ලියනාඩෝ ඩාවින්චිගේ මනෝභාවයන්ගේ ක්‍රියාකාරිත්වය හා මහා පෞරුෂය සාමාන්‍ය මිනිසා ඉක්මවා ගිය සුපිරි බලවේගයක් සහිත                  සුවිශේෂී ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ලක්ෂණ හෙළි කරන්නක්ය.”

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........