Tuesday, October 16, 2012

මෙන්න සහල් අයිස් ක්‍රීම්

DJ Avantha Creations

ice1දේශිය සහල් ආශ්‍රිතව අයිස් ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ නව පර්යේෂණයක් අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණ ආයතනය මගින් හදුන්වාදී ඇත. සෝයා පිටි ආශ්‍රයෙන් දැනට නිපදවන අයිස් ක්‍රීම් නිෂ්පාදනයට බෙහෙවින්ම සමාන තාක්ෂණයකින් නව සහල්පිටි අයිස් ක්‍රීම් නිෂ්පාදනය හදුන්වා දුන් බව පර්යේෂණය සිදුකළ පර්යේෂණ නිලධාරිනී හේමන්තිකා ජයවර්ධන මහත්මිය ලක්බිමට ප්‍රකාශ කළාය. 





ice2
නව පර්යේෂණය පිළිබදව ප්‍රජාව දැනුවත් කරමින්
සහල් ආශ්‍රිත අධිශීත අතුරුපසක් ලෙස හදුන්වා දුන් නව නිෂ්පාදනය නම් කර ඇත්‍තේ රයිස් ක්‍රීම් (Rice Cream) නමිනි. මෙහිදී වැලි, වී ආදියෙන් තොරව පිරිසිදු කර ගත් සහල්, ජලයෙන් පොගවා වේලා පිටි බවට පත් කොට ඊට සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කර දියර කිරි බවට සකස් කර ගත යුතු බව හේමන්තික ජයවර්ධන මහත්මිය පැවසූවාය.
බටර් මිශ්‍ර කර එය උකු දියරක් වන තුරු රත් කර නියම පදම පැමිණි පසු කාමර උෂ්ණත්වයේ සිසිල් කර ගනිමින් අයිස් ක්‍රීම් නිපදවා ගත හැකිය. අධිශීත ගත කරනයෙන් සාමාන්‍ය අයිස් ක්‍රීම් මෙන් පරිභෝජනය කළ හැකි මෙම නව නිෂ්පාදනය සදහා අනුමත රසකාරක, කිරි රසකාරකය, ස්ට්‍රොබරී, වැනලා, චොකලට් ආදිය අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කර ගත යුතු යැයි ඇය සදහන් කළාය.
ice3
පරිභෝජනයට සකස් කළ සහල් අයිස් ක්‍රීම්
සහල් අයිස් ක්‍රීම් සෙසු අයිස් ක්‍රීම් මෙන් කෝනයකට (Corn) දමා පරිභෝජනය කළ හැකි අතර එක් කෝනයකට වැය වන පිරිවැය රුපියල් 8.00ක් පමණ වේ. සහල් කිලෝ ග්රැමයකින් දියර අයිස් ක්‍රීම් ලීටර දහයක් නිපදවා ගත හැකි බැවින් කර්මාන්තයක් වශයෙන් මෙය සෙසු අයිස් ක්‍රීම්වලට සාපේක්ෂව ලාභ දායක වන බව පර්යේෂණ නිලධාරිනී හේමන්තිකා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ ක‍ළාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වාදී ඇති නව පර්යේෂණය සදහා නිෂ්පාදන අයිතිය සහිත පේටන් බලපත්‍රයක් ලබා ගැනීමට අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ස්වර්ණශිකා තිලකරත්න මහත්මිය මගින් කටයුතු යොදා ඇතැයි පර්යේෂණ නිලධාරී හේමන්තිකා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........