Saturday, September 29, 2012

බස්නාහිර පළාතේ පමණක් ළමා මව්වරුන් 3892ක්

DJ Avantha Creations

Motherතමන්ගේ බිලිඳාට මව්කිරි දී පාසල් යන ළමා මව්වරුනුත් අපේ රටේ සිටින බව ඇසුවොත් ඔබ තුළ මහත් පුදුමයක් ඇති වනු නොඅනුමානය. නමුත් එය ඇත්තකි. බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසන අන්දමට 2011.12.31 වන විට බස්නාහිර පළාතේ පමණක් අවුරුදු දහඅටට අඩු ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව 3892 කි. නමුත් මෙයින් අදහස් කරන්නේ මේ සියලුම ළමා මව්වරුන් තම දරුවන්ට මව් කිරි දී පාසල් යන තත්ත්වයේ පසුවන අය යන්න නොවේ.

මෙම ළමා මව්වරුන්ගේ ගණයට වැටෙන්නේ වයස 18ට අඩු මව්වරුන්ය. බස්නාහිර පළාත තුළ කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු දාහතරේ සිටම ළමා මව්වරුන් දැකිය හැකිය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා විවිධ හේතු බලපායි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........