Thursday, September 13, 2012

උස හින්දා හැමෝම මාව අඳුනාගෙන

DJ Avantha Creations

  • ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා තර්ජනී සිවලිංගම්
thar2ඇය අටවන ආසියා දැල්පන්දු ශූරතාවයේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙහෙය වූ නායිකාවයි. ආසියා දැල්පන්දු කිරුළ අවසන් මහා තරගයේදී අපෙන් ගිලිහුණද තර්ජනී සිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම විදින්නිය විය. එසේම ඇය ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වැඩියෙන්ම ලකුණු රැස් කළේ ද ඇගේ දෑතිනි. අවසන් තරගය එක් ලකුණකින් පරාද වී ඉතා කනගාටුවෙන් සිටින මොහොතක අපි ඇය හා කතාබහකට පිවිසුණෙමු.
ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාව දක්වා ආපු මග මතකද ?
අ‍පොයි ඔව්. ඇයි අමතක වෙන්නේ. මගේ ගම යාපනය වසාවිලන්. වසාවිලන් ගමේ ඉඳන් මම ඒ ලෙවල් කරනකම් යාපනයට ආවෙත් ඇඟිලි ගාණට අඩුවෙන්. ඒ මගේ උස හින්දා හැමෝම බලන එක මට වදයක් වෙච්ච නිසා. ඒත් කැම්පස් තේරුණාම මට ගම දාලා එන්න වුණා. ඊට පස්සේ කැම්පස් එකේ නෙට්බෝල් ටීම් එකට ගැහුවා. කැම්පස් එකෙන් නෙට්බෝල් සංගමය වවුනියාවේ තිබ්බ තරගයකට ගිහින් තමයි ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට මම ආවේ.
ආසියානු තරගාවලිය නරඹන්න ගෙදර කට්ටිය  ආවද ?
දෙවනි අයියා විතරයි ආවේ. අම්මටයි අප්පටයි එන්න අමාරුයි. ඒගොල්ලෝ දැන් ටිකක් වයසයි. ඒත් අම්මයි අප්පයි ටී.වී. එකෙන් බැලුවා කිව්වා.
අපි පැරදුණාම මොකද කිව්වේ ?
අයියෝ ... ඒගොල්ලන්ට හරිම දුකයි. මටත් ඊට වඩා දුකයිනේ. එගොල්ලෝ හම්බු වුණාම මටත් දුක නිසා මම යාපනේ ගියේ නෑ. මැච් ඉවර වෙලා දිනලම  යන්න හිටියේ.
thar3පවු‍ලේ විස්තර ටිකක් කිව්වොත් ?
අයියලා දෙන්නයි. අක්කලා දෙන්නයි. මල්ලියි මට ඉන්නවා. අපේ පවුල කොච්චර ලොකු වුණත් අම්මයි, අප්පයි යාපනේ තනියෙන් ඉන්නේ. අයියලා අක්කලා කසාද බැඳලා. මල්ලී ඉගෙන ගන්න පිටරට ගිහින්. මම කොළඹනේ.
දැන් කල වයසත් හරි නිසා ඔබේ විවාහය ළඟදී ගන්න අදහසක් නැද්ද ?
විවාහය ගන්න කලින් විවාහ වෙන්න කෙනෙක් ඉන්න ඕනනේ (සිනාසෙයි)
ඇයි තාම කෙනෙක් හම්බු වුණේ නැද්ද ?
අම්මලා හොයනවා. ඒත් මට හරියන කෙනෙක් හම්බු වුණේ නෑ.
 මොනවද ඔයා හොයන සුදුසුකම් ?
ලොකු සුදුසුකම් නෙමේ. යාපනේ කෙනෙක් නම් හොඳයි. හින්දු නම් ගොඩක් හොඳයි.
තර්ජනීගේ උස කොච්චර ද ?
අඩි හයයි අඟල් නවයයි.
මනමාලයා ඔයාගේ උසට හරියන්න ඕනේ නැද්ද?
ඒක මට ප්‍රශ්නයක් නමෛයි. මට වඩා උස කෙනෙක් නම් ගොඩක් හොඳයි තමයි. ඒත් මට වඩා ටිකක් මිටි වුණත් එයා හොඳ කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ.
thar4
එහෙම හිත ගිය කෙනෙක් හිටියෙම නැද්ද ?
තාම නෑ. හිත ගියත් අම්මා අප්පා කැමැති වෙන්න ඕනනේ.
අම්මා අප්පා කැමැති ඕනම කෙනෙක් එක්ක විවාහ වෙනවද?
ඒගොල්ලෝ මට නරකක් කරන් නෑනේ. ඉතින් මට හොඳ කෙනෙක් තමයි ඒගොල්ලොත් හොයන්නේ.
දැන් හොඳට සිංහලත් කතා කරන්න පුළුවන් එකේ කොළඹ පැත්තෙන් කෙනකුට කැමැති වෙන්න බැරිද ?
ඒ ගැන හිතුවේ නෑ. යාපනයට තමයි ගොඩක් කැමැති.
ආසියානු ශූරතාවට ශ්‍රී ලංකාවේදීම ක්‍රීඩා කළාට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
මම වැඩ කරන සෙලාන් බැංකුවේ ජී.එම්. ගේ ඉඳන් ඔක්කොම ආවා. මගේ බෝඩිමේ යාළුවෝ ඔක්කෝම ආවා. ඒගොල්ලෝ ආපු නිසා මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මාව නෙට්බෝල්වලට ගෙනාපු ට්‍රික්සි මිස් වගේම මං වටේ හිටපු හැමෝම වගේ ආවා.
ඒ අය මොකද කිව්වේ ?
ඔක්කොම කිව්වේ අපි පැරදුණේ බොරුවට කියලා. මටත් හරිම දුකයි. මං උස හින්දා හැමෝම මාව අඳුර ගෙන පාරට බැහැපු ගමන් අහන්නේ ඇයි පැරදුණේ අපරාදෙනේ කියලා. මට හරිම දුකයි. හැමෝටම පැරදුණු හැටි කියන්න ගියාම මටත් ඇඬෙනවා. ඒ හින්දා මම මේ දවස්වල වැඩියේ එළියට බහින්න ගියෙත් නෑ. බෝඩිමේම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ.

ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........