DJ Avantha Creations [from : lakbima]
- ජනප්‍රිය යොවුන් නළු පුබුදු චතුරංග
- ජනප්‍රිය යොවුන් නළු පුබුදු චතුරංග
පුබුදු - දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඒ ගැන කතා කරන්න කැමති කෙනෙක්ලු ?
එක අතකින්
බලනකොට ලෝකේ හැම මනුෂ්‍යයම දේශපාලන
චරිතයක්. ඒක සංකීර්ණව විග්‍රහ කළ
යුතුයි. හැබැයි පක්ෂ පාටවලින්
දේශපාලනය ගැන නමෛයි මම කියන්නේ. ඒත් දේශපාලනය
කීව
හැටියේ මිනිස්සු හිතන්නේ පාටවලින් බෙදුණු දේශපාලනය. ඒ
හින්දයි සමහරු
ඔය විදියට හිතනවා ඇත්තේ.
පක්ෂ දේශපාලනයේ දි පුබුදුටත් පාටක් ඇති
කිව්වට විශ්වාස කරයිද දන්නෙ නැහැ. මේ වෙනතුරු මම කවදාවත්
මගෙ ඡන්දය පාවිච්චි කරල නැහැ.
ඇයි ඒ ?
මගෙ මනාපය දෙන්න සුදුසු කෙනෙක් නොමැති වීම.
මොනවද ඒ සුදුසුකම්
තමා ගැන නමෛයි රට ගැන හිතන කෙනෙකු වීම.
ජනප්‍රිය චරිත දේශපාලනයට එනවා. පුබුදුටත් දවසක ඒ විදියේ ආරාධනාවක් ලැබුණොත් ?
එක දවසක්
එක උත්සවයකට මමයි දේශපාලනඥයෙකුයි ආරාධිතයන් විදියට සහභාගි වුණා. එතැනට ආ
සාමාන්‍ය මිනිස්සු මාව වටකරගත්තා. අර දේශපාලනඥයා වටකරගත්තේ එයාට අදාළ කිහිප
දෙනෙක් විතරයි. මම දේශපාලනයට ගියොත් මටත් වෙන්නේ ඒ ටික. ඒ හින්දා මම අද
දවසේ නම් එවැනි ආරාධනයක් ලැබුණොත් භාරගන්නේ නැහැ.
හෙට ලැබුණොත් භාර ගන්නවා
හෙට වනවිට මම කී විදියේ දේශපාලන පක්ෂයක් බිහිවී තිබුණොත්, එහෙම නැතිනම් පවතින පක්ෂයක් ඒ විදියට වෙනස් වී තිබුණොත් මම ඊට එකතු වනවා.
හෙට දේශපාලන පක්ෂයකට එකතු වුණොත් නිදහසට කරුණක් විදියට ඉදිරිපත් කරන්න ඔය විදියේ කපටි ප්‍රකාශයක් කළා කියලා මම චෝදනා කරනවා.
නැහැ නැහැ මම ඒ විදියේ අදහසක් ඇතුව කළ ප්‍රකාශයක් නමෛයි. ලෝකය දවසින් දවස වෙනස් වෙනවා. කියන පදනමේ ඉඳගෙනයි ඔය ප්‍රකාශය කළේ.
පුබුදු හිතුවක්කාරයෙක්ලු නේද ?
ඔව්, හැබැයි ඒ හිතුවක්කාරකම සමාජ විරෝධී එකක් නමෛයි. අලුත්විදියට ලෝකය දකින්න තියෙන ඕනෑකමක් නිසා ඇතිවුණ එකක්.
පුබුදු කොළඹට හුරුවුණේ කොහොමද ?
මම නළුවෙක් වෙන්න හිතාගෙන ගාල්ලෙන් කොළඹට
ආවේ හිතුවක්කාරකමින්. ඒ ඇවිත් බොහොම පුංචි තැනකින් ජීවිතය පටන් ගත්තා.
චිත්‍රපටවල නවක නළුවන් තෝරන සම්මුඛ පරීක්ෂණවලට ගියා. පුස්තකාලයට ගිහින්
පොතපත කියවලා දැනුම වැඩිකරගත්තා. පාරවල් දිගේ ඇවිද ඇවිද මිනිසුන්ගේ චර්යා
රටා නැරඹුවා.
එතකොට කොළඹ හිඟා කෑවේ ?
ඔය අතර
තමයි දවසක් බොරැල්‍ලේ හිඟන්නෙක් විදියට හිඟා කෑවේ. මට සල්ලිත් ලැබුනා.
නමුත් මට උවමනා වුණේ සමාජය ගැන ජීවිතය ගැන යමක් ඉගෙන ගන්න; ඒ තුළින් මම
ජීවිතයට බොහෝ දේවල් එකතු කරගත්තා.
පැතූ ජීවිතය ගොඩනගා ගත්තද ?
ඔව්, බොහෝ දුරට
ඒ ජීවිතය සම්පූර්ණ වෙන්නේ තවත් කෙනෙක් එකතු වූ දාට
එයාවත් මට හමුවුණා. දෙපැත්තේම ආශීර්වාද ලැබුනා. එයාගේ උසස් අධ්‍යාපන කටයුතු නිමාවුණාම අපි විවාහ වෙනවා.
තමන්ට වඩා වයසින් ගොඩක් බාල කෙනෙක් තෝරා ගැනීම හරිද?
මහා
දාර්ශනිකයෙකු ලෝකය විනිවිද දකිනවා. හැබැයි එයා බස් එකේ යද්දී මාරු සල්ලි
හොයාගන්න වුණොත් ඒ පුද්ගලයාට වඩා සාර්ථකව ඒ දේ කරන්නේ බිරිඳ... ගැහැනිය
ලෝකය දකින්නේ පිරිමියා දකින දේ තුළින්. මට වඩා වයසින් ගොඩක් අඩු කෙනෙකුට මම
දකින ලෝකය කියල දීලා එයා එක්ක ජීවිතය ගෙනියන්න පහසුයි.
පුරුෂාධිපත්‍ය තදින්ම පුබුදුගෙ හිතේ තියෙන පාටයි
අතීතයේ
මිනිසා දඩයමේ ගියා. ගැහැනිය ගල්ගුහාවේ හිටියා. පිරිමියා ඇවිත් කියන දේ
තුළින් තමයි ගැහැනිය ලෝකය මවා ගත්තේ. බුදුරජාණන් වහන්සේ වුණත් කාන්තාවට
පැවිද්ද දෙන්න මුලදී ප්‍රතික්‍ෂේප කළා. පුරුෂාධිපත්‍යයට තියෙන නිවස හා
ස්ත්‍රියගේ ආධිපත්‍යයට තියෙන නිවස බැලුවොත් සාර්ථක කොයි එකද කියල තේරේවි.
සත්‍යය ඒකයි.
කාන්තාවට සමතැන දෙනවට පුබුදු විරුද්ධද ?
කාන්තාවට
සමතැන තියෙනවා. මම කලින් උදාහරණයක් ගත්තා නේද දාර්ශනිකයකු බස් එකේ යන
සිදුවීමක් ගැන. එදිනෙදා ගෘහ ජීවිතය තුළ කාන්තාවගේ හයිය සිතුවිලි තීන්දු
තීරණ පිරිමියාට ගන්න බැහැ. පිරිමියා කරන දේ ගැහැනියට කරන්න බැහැ. ඒ විදියට
බැලුවොත් ස්වභාව ධර්මය දෙදෙනාටම නිසි තැන්දීලා තියෙනවා.
එතකොට ඇතැම් කාන්තාවෝ සමතැන ඉල්ලලා හඬ නගන්නේ ?
යුරෝපයේ
නම් ඔය දේ වුණේ පදනමක් මත. ඒ රටේ කාන්තාවන්ට දැඩි පීඩනයක් තිබූ යුගයක.
පොදුවේ ඒ පීඩනය තමයි ස්ත්‍රීවාදය විදියට මතුවුණේ. ඒකයි ඒ අයගේ ඉල්ලීම්
දිනාගන්න ඒ අයට හැකිවුණේ. ඒත් තමන්ට තියන මොකක් හරි පීඩනයක් වහගෙන ඒ විදියේ
ඉන්න පිරිසක් තමා වටා එකතුකරගෙන ඒකට බොරු ස්ත්‍රීවාදයන් දීලා සමතැන ඉල්ලලා
නගන හඬට මම විරුද්ධයි. ඒ අය ඉල්ලන දේ ඒ අයවත් දන්නෙ නැහැ. ඒකයි ඒ හඬ
නැගීම්වල ප්‍රතිඵල නැත්තේ.
ආරියවංශ කුලතිලක
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........