Sunday, September 23, 2012

මාතරට ගංවතුර

DJ Avantha Creations


අධික වැසි සමග ඇතිවූ ජල ගැලීම් වලින් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 75 දෙනෙකු පිඩාවට පත්ව සිටී.


ආපදා කරමණාකරණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේජර් සමන් බාලසූරිය මහතා පැවසුවේ දික්වැල්ල ප්‍රදේශයට මින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බව ඔහු සදහන් කළේය.

මේ අතර ඉදිරි පැය කිහිපය තුලද අධික වැසි ඇති වුවහොත් නිල්වලා ගග පහල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව මේජර් සමන් බාලසූරිය මහතා පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, දකුණ හා සබරගමුව පලාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........