Wednesday, January 16, 2013

කලා‍පොළ 2013 - ජනවාරි 26-27 කොළඹ නෙළුම් ‍පොකුණ මාවතේදී

DJ Avantha Creations

14-1වාර්ෂිකව පැවැත්වෙන “කලා ‍පොළ” එළිමහන් කලා සල්පිල මෙවර 20 වැනි වරටත් කොළඹ නෙළුම් ‍පොකුණ මාවත පදික වේදිකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කලා ‍පොළ 2013 සමාරම්භය ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති ක්‍රිස්ටීන් රොබිෂොන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය. ජනවාරි මස අවසාන සති අන්තය වන ජනවාරි 26 හා 27 දෙදින පුරා මෙම අසිරිමත් කලා සැණකෙළිය පැවැත්වේ.
මෙවර කලා‍පොළ තුළ නව අංග ගණනාවක්ම දක්නට ලැබිම විශේෂත්වයකි. කලා වෙන්දේසිය (ඉරිදා උදේ 10.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා), කලාව පිළිබඳ මහජන දේශන මාලාව (සෙනසුරාදා පස්වරු 2.00 සිට 6.00 දක්වා) ළමුන්ගේ කලා වැඩමුළු (සෙනසුරාදා උදෑසන) සහ
සංස්කෘතික විනෝද උළෙල (සෙනසුරාදා පස්වරු 7.00 සිට 9.00 දක්වා) මේ අතර වේ. එසේම විශේෂ අවශ්‍යතා ඇති දූ දරුවන් වෙනුවෙන්ද ඔවුන්ගේ චිත්‍රණ හැකියාවන් වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ද මෙහිදී පවත්වනු ලැබේ.
1993 වසරේ පටන් ජෝර්ජ් කීට් පදනම විසින් පවත්වනු ලබන මෙම කලා‍පොළ, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ සවිමත් හවුල්කාරිත්වයකින් යුතුව සංවිධානය වන්නකි.
පෙර වසරවලදී මෙන්ම මෙවරද කලා‍පොළ නොමි‍ලේ ප්‍රදර්ශනය කෙරේ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........