Wednesday, January 16, 2013

පැරකුම් රජ මුහුණ ලක්‍ෂ හතලිහකට විකුණලා

DJ Avantha Creations


 
parakrama-bahu
නිධානයකින් ලැබුණු බව කියා ව්‍යාජ ලෙස සකසූ රන් කහවනු තොගයක් රුපියල් ලක්‍ෂ හතලිහකට අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී වංචාවට හසුවූ ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයෙකු විසින් 15 වැනිදා හඳුනා ගත්හ. සැකකරුවන් යාපනය දකුණ පලෛයි ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවෙකුට පරාක්‍රමබාහු යුගයට අයත් නිධානයකින් ලැබුණු බව කියන පරාක්‍රමබාහු රජතුමාගේ
මුහුණට සමාන ලෝහ කැබලි කිලෝ ග්රෑම් 1,700 ක රන් ආලේප කර රුපියල් හතලිස් ලක්‍ෂයකට අලෙවි කර තිබූ අතර පසුව වංචාවකට හසුවූ බව දැනගත් ව්‍යාපාරිකයා හා අනෙක් පුද්ගලයා මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පිහිටි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණි. ඉන් අනතුරුව සිදුකළ පරික්‍ෂණවලදී සැකකරුවන් අනුරාධපුර සහ නි‍දෝගම ප්‍රදේශවලදී අත්අඩංගුවට පත්වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියා සිටියේ මොවුන් බැංකුවක් තුළදී මුදල් ලබා ගෙන ගනුදෙනු සිදුකළ ආකාරය ඇතුළත් සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ රූපරාමු සහිත ‍වීඩියෝපට පොලිස් භාරයේ තිබෙන බවත්, දුරකථන විශ්ලේෂණ වාර්ථාවලද මොවුන් පැමිණිලිකරුවන්ගේ දුරකථනවලට ඇමතුම් ලබාගෙන ඇති බවට තොරතුරු තිබෙන බවත්ය
. තවදුරටත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර ඉදිරි දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරනලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිදෝගම අනුරාධපුර පදිංචි පී.චන්ද්‍රසේකර හ එම්.ඩබ්.නිශාන්ත විජේසේකර යන සැකකරුවන් දෙදෙනායි

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........