Wednesday, January 16, 2013

යතුරුපැදි අනතුරුවලින් දෙනෙක් මරුට

DJ Avantha Creations

mortar-bick වෙන්නප්පුව සහ මාරවිල ප්‍රදේශවල සිදු වී ඇති යතුරු පැදි අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ (15) රාත්‍රී 7.15 ට පමණ එක් අනතුරක් සිදුවී ඇත.එම අනතුරින් වෙන්නප්පුවේ පදිංචි කුමාරසිංහ හෙට්ටිආරච්චිලාගේ සමීර අප්පුහාමි (28) යන අය මියගොස් ඇත. මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවු අය බවත්, අධික වේගයෙන් පැමිණ ඇති යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පොලීසිය කියයි. මේ අතර ඉකුත් 13 වැනි දින හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල,බෑන්ඩ්කඩ හන්දියේ සිදුවී ඇති යතුරුපැදි අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් 15 වැනි දින රාත්‍රීයේ හලාවත මහා
රෝහලේදී මිය ගොස් ඇත. මියගොස් ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අසංක සුජිත් ප්‍රනාන්දු (34) නම් අයෙකි. වෙන්නප්පුව සහ මාරවිල පොලීසි වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........