Saturday, January 12, 2013

කැට්‍රිනා කෙයිෆ් පවු‍ලේ අය නිසා ඉන්දියානු රුපියල් කෝටි තිස්හතරක් අහිමි කරගනියි

DJ Avantha


R24-2කැට්‍රිනා කෙයිෆ් රඟපාන ජබ් තක් හේ ජාන් චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙනවා.වර්තමාන බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම නිළියක වන කැට්‍රිනා කෙයිෆ් ගැන මෙවර අපි කතා කරන්න කල්පනා කලා. කැට්‍රිනා දැනට වසර හතරක් තිස්සේ  වාර්තාවක් තබා තිබෙනවා.ඒ ජංගම දුරකතනවල වැඩිපුරම රඳවාගෙන ඇති රුව බවට ඇගේ රුව පත්වීම නිසයි.අග්නිපත් චිත්‍රපටයේ ඇය කළ ආරාධිත රංගනය එනම් චික්නි චමේලී ගීතයට අනුව කල රංගනය ඇතුළත් වීඩියෝවද මෙම ජංගම දුරකතනවල වැඩිපුරම සටහන් වන වීඩියෝවක් බවත් ඉහත තොරතුරු හෙළිකළ සමීක්ෂණයේදී වාර්තා වුණා. චිත්‍රපටවල ගීතමය ජවනිකාවල ආරාධිත රංගනයන් සඳහා කැට්‍රිනාට
ලැබෙන ආරාධනාද දැන් දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.ඒ පසුගිය කාලයේ ඇය කළ එවන් රංගනයන් බෙහෙවින් ජනප්‍රිය වීම නිසයි.ඒ අතරම සංදර්ශන සඳහාද විශේෂයෙන් සම්මාන උළෙලවල රංගනයන් ඉදිරිපත්R24-3 කිරීම සඳහා ඇයට බොහෝ ආරාධනා ලැබෙනවා.කොහොම වුණත් ලබන දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන්නට නියමිත සංදර්ශන හතකට ලැබුණු ආරාධනා ඇය භාරගෙන නැහැ.හේතුව එදින නත්තල් කාලයේ සිට අලුත් අවුරුද්ද දක්වා කාලය  තම පවු‍ලේ අය සමග  ගතකිරීම ඇගේ සිරිත නිසායි.මේ සංදර්ශන ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයට අහිමිවන මුදල ඉන්දියානු රුපියල් කෝටි තිස්හතරක්ලු.
කැට්‍රිනා රඟපාන ඩූම් 3 චිත්‍රපටයේ රූපගතකිරීම් මේ දිනවල සිදුවෙනවා.ඩූම් 3 චිත්‍රපටය නිර්මාණය වන්නේ හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපටයක්වූ නයිට් ඇන්ඩ් ඩේ ඇසුරින්.මෙහි ත්‍රාසජනක ක්‍රියාරැසකට ඇය පෙනී සිටින්නට නියමිත අතර ඒ සඳහා අතිරේක නිළියක් යොදානොගෙන තමාම පෙනී සිටින්නට කැට්‍රිනා බලා‍පොරොත්තු වෙනවාලු.කොහොමටත් රාජකාරියට බෙහෙවින් කැපවන නිළියක් ලෙස කැට්‍රිනා ප්‍රකටයි.අසනීප තත්ත්වයක් වැනි පිළිගත හැකි හේතුවක් දැක්විය හැකි වුණත් ඇය නිතරම තම රාජකාරිය කරන්නට කැපවෙනවාලු.
මේ අතර ඩූම් 3 චිත්‍රපටයෙන් පසු කැට්‍රිනා චිත්‍රපට සඳහා ආරාධනා භාරගෙන නොතිබිම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී තිබෙනවා.කලක් සල්මාන් ඛාන්ගේ පෙම්වතිය වු විසිඅට හැවිරිදි කැට්‍රිනා විවාහයට සූදානම් වෙනවාදෝ යැයි සැකයක් ඇතැමුන්ට ඇතිවෙලා.කැට්‍රිනා නම් කියන්නේ වසර අටක් එක දිගටම සිනමාව තුළ කාර්යබහුලවු තමාට විවේකයක් අවශ්‍ය නිසා එසේ කළ බවයි. ඉදිරියේදී තමා කරන්නට බලා‍පොරොත්තුව සිටින වෙනත් වැඩ කටයුතු කිහිපයක් තිබෙන බවත් ඇය කියා තිබුණා. කැට්‍රිනා හා රන්බිර් කපුර් අතර පෙම් සබඳතාවයක් ගැන මේ දිනවල කටකතාවක් තිබුණත් ඇය කියන්නේ එය බොරුවක් බවයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........