Wednesday, January 16, 2013

ඩිස්කෝ රැඟුම් රඟන ගෙ

DJ Avantha Creations
 

11-1සත්ව ලොවේ නැට්ටුක්කාරයන් අතර පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තම හිතගිය කිරිල්ලියගේ  හිත දිනා ගැනීමට අපූරු විසිතුරු රංගනයන්ගේ යෙදෙන පක්ෂීන්ට අමතරව ඇතැම් සිව්පාවුන්ද, මත්ස්‍යයන්ද ඔවුන්ටම ආවේණික වූ නර්තනයන්ගේ යෙදෙන විරල සිදුවීම් අප මීට පෙර අසා තිබුණද, ඩිස්කෝ රැඟුම් රඟන ගෙම්බෙකු ඔබ මීට පෙර දැක හෝ අසා නැතිවාට සැක නැත. ‘හෙරී සොබිරාන්’ නමැති ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසු වූ මේ අපූරු ගෙම්බාගේ විශේෂ වන්නේ ඔහු දක්වන ඩිස්කෝ රංගනය නිසාම පමණක් නොව ඒ සඳහාම ඌ සැරසී සිටින වර්ණවත් දේහ ඇඟලුමද නිසාය. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ජනාකීර්ණ බවින් තොර වූ සැඟවුණු ගම් පෙදෙසකදී අහඹු ලෙස සොබිරාන්ගේ විමසිලිමත් දෙනෙතට හසු වූ මේ ගෙම්බාගේ නර්තන ඉරියව්ව හැත්තෑව දශකයේ ‘සැටර්ඩේ නයිට් ෆීවර්’ (Saturday Night Fever) වැඩසටහනේ ‘ජෝන් ට්‍රැවෝල්ටා’ විසින් ප්‍රකට කළ ඔහුට ආවේණික වූ නර්තන වින්‍යාසයට දක්වන්නේ කදිම සමානකමකි. ගස් දෙබලක් මත තම පිටුපස ගාත්‍ර යුග්මයෙන් සිට ගනිමින් සිය දෑත් ඉහළට මුදා හරිමින් සිය නර්තන දක්ෂතා ප්‍රදර්ශනය  කළ මේ ගස් ගෙම්බා නැවතත් තුරුවඳුලු අතරේ සැඟවී යාමට ප්‍රථමයෙන් ඉතා කැමැත්තෙන්ම ඡායාරූප ශිල්පියා ඉදිරියේ සිය රැඟුම රඟ දැක්වූ බවයි කියැවෙන්නේ.
 11-1

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........