Saturday, January 12, 2013

ඇත්ත වැරදි කරන අයත් ක්‍ෂේත්‍රය තුළට ඇවිත්

DJ Avantha Creations

ධනංජය සිරිවර්ධන කතා කරයි

Dananjayaපසුගිය සුමති සම්මාන උළෙ‍ලේ දී ජනප්‍රියම රංගන ශිල්පියා හැටියට ප්‍රේක්ෂක සම්මානය  ලැබුවේ ධනංජය සිරිවර්ධනයි. මේ ඉරිදා ‘රිද්ම’ අප ධනංජය එක්ක පුංචි කතා බහක පැටලුණා. ඒ ඔහු තවත් අලුත් ටෙලි නාට්‍යයක රඟපාමින්  සිටින විට.
අලුත් ටෙලි නාට්‍යය ගැන විස්තර කියලම අපි අපේ කතාබහ පටන් ගනිමු?
ෂර්ලි පී. දෙලංකාවල මහතා තමයි මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මේක බොහොම ලස්සන කතාවක්. ඒ වගේම කලාත්මක ටෙලි නාට්‍යයක්. ඇත්තම කිව්වොත් මම මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නෙත් හුඟාක් කැමැත්තෙන්.
සුමති සම්මාන උළෙ‍ලේ දී ඔබ ජනප්‍රිය නළුවා  වුණා..? ඒක ගැනත් කතා කරමු?
ඇත්තටම මම හිතනවා අවුරුදු 10 ක් වගේ කාලයක් තුළ මම රඟපෑ නිර්මාණ
දිහා බලලා මේ සම්මානය මට ලබාදෙන්න ඇති කියලා. මම පසුගිය අවුරුදු 10 තුළ බොහොම වෙහෙසකාරී ලෙස කැපවීමෙන් වැඩ කළා. හොඳ චරිත බේරාගෙන රඟපෑවා. ඒකට තමයි මේ තෑග්ග ලැබුණේ. මේ වෙලාවේ මම මගේ රසික රසිකාවියන්ට උණුසුම්  ගෞරවය පිරිනමනවා.

මේ සම්මානය ඔබට පෞද්ගලිකව වටින්නේ කොයි විදිහටද?
පෞද්ගලික වටිනාකම ගැන කතා කලොත් මීට පෙර කියූ විදිහට ගෙවී ගිය අවුරුදු 10 තුළ මා කිසියම් හෝ දෙයක් මේ ක්‍ෂේත්‍රයට කළ නිසා මෙවැනි සම්මානයක් ලැබුණා කියන සතුට ඇති වුණා. ඒක මගේ ඉදිරි රංගන ජීවිතයට ලොකු උත්තේජනයක්.
ඔබ මෙගා ටෙලි නාට්‍යවල රඟපෑ නළුවෙක්ද? (සිනාසෙමින්)
මම රඟපෑ ටෙලි නාට්‍ය ‘මෙගා’ යනුවෙන් හඳුන්වනවාට මා කැමති නැහැ. හැබැයි නියමිත කොටස් ගණනට වඩා දීර්ඝ ටෙලි නාට්‍යවල මා රඟපා තිබෙනවා. ඒවා තුළ යම් කලාත්මක වටිනාකමක් තිබුණා. ඒවා අවර ගණයේ ටෙලි නාට්‍ය නමෛයි. නමුත් පසුගිය කාලයේ දී වගේම තවමත් අවර ගණයේ මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනය වන බව මම පිළිගන්නවා.
Dananjaya1ගණිකා මඩම්වල ඉදලා අහුවෙන්නේ, පෞද්ගලික ජීවිතේ විනාශ වෙන විදිහට හැසිරෙන්නේ මේ වගේ අයද? එහෙම නැත්නම් හැමෝමද?
නැහැ. පෞද්ගලික ජීවිතේ යම් යම් ප්‍රශ්න ඇති කර ගැනීම එක්තරා කොටසකට විතරක්  හිමි වුණු කාරණයක් නමෛයි. මේක ක්‍ෂේත්‍රය තුළ පෙර සිටම තිබුණා. ප්‍රවීණ කලා ශිල්පීන් අතරත් එවැනි දේවල් අප දුටුවා. ඒක වැඩිපුර ප්‍රේක්ෂකයෝ අතරට නොආවේ අද තරම් එදා මාධ්‍ය දියුණු නැති නිසයි.
මේ නිසා අද අපි හැමෝටම ප්‍රවේශම් වෙන්න සිදු වී තිබෙන බව ඇත්තක්. යමක් කරන්න කලින් දෙවරක් හිතන්න වෙනවා.
නමුත් ඔබ අහන විදිහට මේ ක්‍ෂේත්‍රයට නොගැළපෙන බොහෝ පිරිසක් එකතු වෙලා ක්‍ෂේත්‍රය විනාශ වෙන විදිහට වැඩ කරන බවකුත් පෙනෙන්න තිබෙනවා. එවැනි අය ඔය එහෙන් මෙහෙන් මෙහාට පාත් වුණු අය. ඒ අය කොහොම එනවද කියන්නත් අපි දන්නේ නැහැ. මේ අය නිසා ක්‍ෂේත්‍රයට යම් යම් පාඩු සහ විනාශවීම් සිදුවී තිබෙන බව පිළිගන්න වෙනවා.
ජයලාල් රෝහණ කලාකරුවා පවසන ආකාරයට මෙගා කෙල්ලෝ කොල්ලෝ කියන්නේ ඔවුන්වද?
ජයලාල් රෝහණ මහතා කියන්නේ මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඒ වගේම විෂය උගන්වන ගුරුවරයෙක්. මමත් ඔහුගෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඔහු පවසන පරිදි අවරගණයේ මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්න දැන් විවිධ පිරිස් ඇවිත් තිබෙන බව ඇත්තක්. මේ අය නිසා තමයි ක්‍ෂේත්‍රය විනාශවෙමින් යන්නේ.
නමුත් විවිධ පෞද්ගලික ප්‍රශ්න නිසා එහෙමත්  නැත්නම් විවාහ ගැටලු නිසා දෙපැත්තට වුණු අපේ දක්ෂ නළු නිළියෝ කීප ‍පොලක් ඉන්නවා නම් ඔවුන්ව මේ මෙගා කොල්ලෝ කෙල්ලෝ  ගොඩට දාන්න බැහැ. ඒ වගේම ඔවුන් ගන්නා වූ පෞද්ගලික තීන්දු තීරණ හේතු කොටගෙන ඔවුන් දිහා නරක ඇහැකින් බලන්නත් එපා. ඔවුන්ගේ නිර්මාණ දිහා විතරක් බලන්න.
අපි නැවත ඔබ ගැන කතා කරමු? ඔබ දැන් පෙම්වතෙක්ද?
(සිනාසෙයි) නැහැ. පසුගිය අවුරුදු 10 තුළ මම ගත කළේ අවිවේකී ජීවිතයක්. ඒ කාලය තුළ මම ආදරය ගැන හිතුවා. ආදරය ලබන්න හැදුවා. නමුත් කාර්යබහුල ජීවිතේ නිසා ඒවා මගහැරුණා.
දැන් ආපසු හැරිලා බලද්දී මට හිතෙනවා මම ඒ දේවල් ගැන හිතුවේ නැත්තේ ඇයි කියලා. එහෙම හිතනකොට මගේ පැත්තෙනුත් යම් පසු බැස්මක් තිබෙන බව පෙනෙනවා. දැන් මමත් පිළිවෙළක් විය යුතුයි. එහෙම අදහසක් මා තුළ දැන් තිබෙනවා. මම ක්ෂණිකව ජනප්‍රියත්වය පස්සේ දුවපු නළුවෙක් නමෛයි. ඒ වගේම විවාහය වගේ දේවල් ඉදිරියේදීත් මම ක්ෂණික තීරණ ගන්නේ නැහැ. ඒවා කලයුතු පිළිවෙළක් තිබෙනවා.
කොහොම වුණත් ඉදිරියේ දී මේ දේවල් සුබවාදීව සිදුවේවි. ඒ කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ තුළත් වෙනසක් වේවි. ඒ දවස එනතුරු බලා සිටිමු නේද?

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........