Wednesday, November 21, 2012

‘සුප්‍රීම් සැට් 1′ ඔස්සේ සිදුවන ලංකා අභ්‍යවකාශ පුනරාගමනය

DJ Avantha Creations


සැබවින්ම ‘සුප්‍රීම් සැට් 1′ යනු කුමක් ද ?
 
1998 මැයි 30 වනදා චීනය විසින් ChinaSat-5A නමින් චන්ද්‍රිකාවක් කක්ෂගත කර ඇත. මේ වන විට එහි කාලය අවසන් බැවින් ChinaSat-12 නමින් වෙනත් චන්ද්‍රිකාවක් එම ස්ථාන‍යට ස්ථානගත කිරීම සැබවින්ම මෙහි දී සිදුවේ. ZX-12 හෙවත් ChinaSat-12 හෙවත් ZHONGXING-12 හඳුන්වන මෙම චන්ද්‍රිකාව අපට හඳුන්වා දෙන්නේ SuprimeSat-1 ලෙසයි.
 
‘සුප්‍රීම් සැට් 1′  චන්ද්‍රිකාව …
 
ශ්‍රී ලංකාවට ඉහළින් අහසේ අංශක 87.5ක් නැගෙනහිරට වන්නට කක්ෂගත කිරීමට සැලසුම් කර ඇත. එහි ජීව කාලය වසර පහළොවක් (15) වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව , නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.
 
‘සුප්‍රීම් සැට් 1′ කාගේ නිර්මාණයක් ද ?
 
ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම විසින් ඇමරිකන් ඩොලර් මිලියන 360 ආයෝජනය කරමින් චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත.
 
‘සුප්‍රීම් සැට් 1′ ලංකාවට ලබා දෙන ප්‍රතිලාබ කවරේද ?
  •  මෙරටට අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට හැකිවේ.
  • රූපවාහිනී, ජංගම දුරකථන හා අන්තර්ජාල කටයුතුවලට අවශ්‍ය ඩිජිටල් සේවාවන් ඉතා පහසුවෙන් හා ලාභ දායී ලෙස ලබාගත හැකිවේ.
  • විදේශ රටවලටද සේවාවන් ලබාදී එමගින් විදේශ විනිමය ඉපැයීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබේ.
  • මෙරට ඇති ස්වාභාවික සම්පත් පිළිබඳ නිවැරදිව හා විධිමත් ලෙස තාක්ෂණය භාවිතා කර තොරතුරු ලබාගැනීමට හැකි‍යාව ලැබේ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........