පැයට තැඹිලි ගෙඩි 21 බොන්නැ,යි භූතාත්මය ලෙඩාට කියලා
DJ Avantha Creations
භූතාරූපයෙන්
රෝග සුවකරන බව කියන ස්ථානයකට පැමිණි කාන්තාවකට එක් පැයක් තුළදී තැඹිලි
ගෙඩි 21පානය කිරීමට සිදුවී ඇත. භූත අතින් තැඹිලි පානය කළ කාත්තාවට රෝගය
උත්සන්න වීමෙන් ඇයට රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඇය මහියංගනයට
නුදුරු ගම්මානයක පදිංචි තිස්හත් හැවිරිදි කාත්තාවකි. කලක සිටම ඇය රෝග
තත්වයකින් පෙළී සිටියාය. කළ හැකි සියළු ප්‍රතිකාර ඇයට කළත්
සුව නොවූ නිසා ලද තොරතුරකින් පසු ගමට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් විසින්
පවත්වාගෙන යන භූතාත්මයෙන් රෝග සුව කරන ස්ථානයකට සැමියා සමඟ ගියේය. භූතාරූඬ
වූ කාන්තාව රෝගය සුව කරගැනීමට නම් තමන්ගේ අතින් දෙන තැඹිලි ගෙඩි 21 ක පැයක්
තුළදී පානය කළ යුතු බව කියැවිනි. භූතාරූඬ කාන්තාවගේ නියෝග මත ලැබුණු
තැඹිලි ගෙඩි 21 පානය කර පැයක් ගතවීමටත් පෙර ඇය දැඩි සේ රෝගාතුර විය. රෝගී
කාන්තාව වෙත නැවත භූතාත්මයෙන් පැමිණ ඇය ප්‍රකාශ කළේ වහාම රෝගී කාන්තාව
එතැනින් ඉවත් කර ගන්නා ලෙසත් එසේ නොකරන්නේ නම් ඇයට දැඩි දඩුවම් ලබා දෙන
බවයි. සිද්ධියෙන් බලවත් සේ කම්පනයට පත් රෝගියාගේ භාරකරුවන් වහාම රෝගියා
රැගෙන ගමේ රෝහලට ගිය විට රෝගියාගේ තත්වය බරපතල හෙයින් රෝගියා වහාම මහනුවර
රෝහලට මාරු කරන ලදී. දින 07 ක් රෝහලේ ප්‍රතාකාර ගැනීමෙන් පසු තැඹිලි පානය
කිරීමෙන් පසු ඇති වූ රෝගය සුව වී තිබේ. පෙර පැවති රෝගය ඒ තත්වය එලෙසම පවතින
බව එම පවුලේ අය පවසයි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........