Sunday, November 25, 2012

ලංකාවටම එකයි - ඩිලන්තගෙ “ලැම්බොගිනි ගලාඩෝ 550” මෝටර් රථය ගැනයි මේ

DJ Avantha Creations

R9-3ඩිලන්ත මාලගමුව කියන නම මෙරට මෝටර් රථ ධාවන තරග සඳහා උනන්දුවක් දක්වන අයට අලුත් නමක් නමෛයි. ඔහු ධාවන තරග වලට ප්‍රවේශ වුණේ 1980  අවුරුද්දෙ. යතුරු පැදි ධාවන ශූරයකු  ලෙස මුලින්ම තම ක්‍රීඩා දිවිය ඇරඹූ ඩිලන්ත අනතුරුව මෝටර් රථ  ධාවන ශූරයකු ලෙසත් ජාත්‍යන්තර වශයෙන් තම නම සනිටුහන් කිරීමට සමත් වුණා. මේ වන විට ඔහු මුල් පෙළේ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරතා 100 කට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. තම ක්‍රීඩා දිවිය තුළ ඩිලන්තගෙ එකම අපේක්ෂාව ලෝක ශූරතාවයක් දිනා ගැනීමයි. වසර
2014 දී ඩිලන්ත ඒ සඳහා ඉදිරිපත් වන බව පවසනවා.
ඇත්තෙන්ම අද මේ ලියන්න සූදානම් වන්නේ ඩිලන්තගෙ ක්‍රීඩා දස්කම් ගැන නමෛයි. ඒ දස්කම් නිසා ඔහුට ලැබුණු තිළිණයක් ගැනයි. මේ තිළිණය ගැන සටහන් කිරීම විශේෂයක් වූයේ මේ ජාතියේ තිළිණයක් ලංකාවටම ඇත්තේ එකක් වීම නිසයි. එය ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථයක්. ලැම්බොගිනි කියන්නෙ ලොව මිල අධිකම මෝටර් රථවලින් එකක්.
“ගලාඩෝ 550” කියන වර්ගයේ ලැම්බොගිනි මෝටර් රථයක් වන මෙය ඩිලන්තට ලැබි ඇත්තේ 2010 ආසියානු ශූරතාවය හිමි කර ගැනීම වෙනුවෙනුයි.
මෙම අපූරු මෝටර් රථය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඉඩ ලැබුණෙ ක්‍රීඩාව සඳහා ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දක්වන ලද සහයෝගයක ප්‍රතිඵලය නිසා බව ඩිලන්ත පවසනවා.  මොකද මෙවැනි රථයක් තීරු බදු ගෙවා ලංකාවට ගෙන ආවොත් එහි මිල ලක්ෂ 1100 ක් පමණ වන නිසා කෙසේ හෝ ඩිලන්ත කරන ලද ඉල්ලීමක් අනුව ඔහු රටට ජාත්‍යන්තරව අත්කර දී ඇති කීර්තිය ගැන සලකා  බැලූ ජනාධිපති තුමා ඩිලන්තට තීරු බදු රහිතව එය රැගෙන ඒමට විශේෂ අවසරයක් දුන්නා.R9-1
ලැම්බොගිනි ගලාඩෝ 550 2011 මෝස්තරයේ මෙම මෝටර් රථය දෑතින් නිමවන ලද (Hand Built) මෝටර් රථයක්. මෙම වර්ගයේ ධාවන තරග සඳහා විශේෂයෙන් නිමවන ලද මෝටර් රථත් තිබෙනවා. ඒත් ඩිලන්තගෙ මෝටර් රථය මහ මාර්ගයේ ධාවනයට සැදූ එකක්. මෙහි  ඇන්ජිම 200CC “ධාරිතාවයකින් යුක්තය.“Break Horse Power” 550 ක් බලයක් සහිතයි. පෙට්‍රල් ලීටරයකින් මෙම වාහනයට කිලෝමීටර් 5 ක පමණ දුරක් යා හැකියි. මෙම වර්ගයේ අධි ධාවන හැකියාවකින් යුත් වාහන සමග සැසඳුවාම එම ප්‍රමාණය ඉතා හොඳ මට්ටමේ එකක්.
සාමාන්‍යයෙන් කාපට් පාරක ධාවනය කරන විට චැසිය පහත මට්ටමේ තිබුණත් වළ ගොඩැලි සහිත පාරක යද්දී එය මඳක් ඔසවා ගැනීමේ හැකියාව මෙම මෝටර් රියේ තිබෙනවා. මෙහි ඇත්තේ “පෙඩ්ල් ෂිෆ්ට්” වර්ගයේ  ගියර් පද්ධතියක්. එහි ගියර් මෙහෙය වීම සුක්කානමටම සම්බන්ධ කොට තිබිම නිසා සුක්කානමෙන් දෑත නොගෙනම ඉතා පහසුවෙන් ගියර් මාරු කිරීම කළ හැකියි.
මෙහි වේගය 0-100 දක්වා ඉහළ නංවා ගැනීමට ගත වන්නේ තත්පර 3.9 ක පමණ කාලයක්. ඒ වගේම 100-0 දක්වා තිරිංග ක්‍රියාත්මක කිරීම තත්පර 2.8 කින් කළ හැකි බව ඩිලන්ත සඳහන් කරනවා. ඒ වගේම ඩිලන්තගෙ මෙම ලැම්බොගිනි මෝටර් රථයට පැයට කිලෝමීටර් 330 ක උපරිම වේගයකින් යා හැකියි.
ලැම්බොගිනි මෝටර් රිය නිපදවනු ලබන්නෙ වාහන සැලසුම්වලට නම් දැරූ ඉතාලියේයි. මෙහි ඇන්ජිම ඇතුළු අනෙකුත් සියලු තාක්ෂණයන් නිර්මාණය කොට ඇත්තේ ජර්මනියේ අවුඩි මෝටර් රථ සමාගමයි. මේ දෙරටේ සංකලනයේ එන මෙම ලැම්බොගිනි මෝටර් රථ අද ලොව වේගයෙන් මෝටර් රථ ධාවනය කිරීමට උනන්දුවක් දක්වන අය අතර ජනප්‍රියතම මෝටර් රථය බව ඩිලන්ත සඳහන් කරනවා.

R9-2

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........