Wednesday, November 28, 2012

නවසීලන්ත වේගපන්දු යවන්නෝ ශ්‍රී ලංකාව පරාජිත මාවතට ඇදදමති

DJ Avantha Creations
  
සවුති-බෝල්ට් සහ බ්‍රෙස්වෙල්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්ඉලක්කය ලකුණු 363 යි-දිනය අවසනදී 47/4 යි

16-2 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 363 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 47 ක් තුළ බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
ඊයේ නවසීලන්තය දෙවැනි ඉනිමේ කඩුලු 9ට ලකුණු 194 ක් ලබා ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට අසීරු
ඉලක්කයක් ලබා දුන්නේය.
මීට පෙර ශ්‍රී ලංකාව 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව සරා පිටියේදී ලකුණු 352 ක ඉලක්කයක් හඹා ගොස් ජයගත් අතර එම ඉනිමේදී මහේල ජයවර්ධන ශතකයක් වාර්තා කළේය.
දෙවැනි ඉනිමේ පළමු පන්දුවෙන්ම තරංග පරණවිතාන පිටියෙන් ඉවත් කිරීමට සවුති සමත්වීමෙන් නවසීලන්තයට සාර්ථක ආරම්භයක් හිමිවිය. මුළු ලකුණු සංඛ්‍යාව 35 ක්ව තිබියදී ඩිල්ෂාන් සවුතිට එරෙහිව එල්ල කළ දුර්වල පහරින් ශ්‍රී ලකාවේ දෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
සංගක්කාර ලකුණු 15 ක් ලබා සිටියදී ලබාදුන් උඩපන්දුවක් ගප්ට්ල් අතින් ගිලිහී ගියද සංගා ලකුණු 16 කට පිටියෙන් ඉවත් කිරීමට බ්‍රෙස්වෙල් සමත්විය.
සිය දෙවැනි කඩුල්ල ලෙස නායක මහේල ජයවර්ධන ලකුණු 5 කට දවා ගැනීමට බ්‍රෙස්වෙල් සමත්වීමෙන් ශ්‍රී ලංකා පරාජයේ මාවත විවර විය.
දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ට ලකුණු 47 ක් ලබා සිටි අතර තිලාන් නොදැවී ලකුණු 1 ක්ද, මැතිව්ස් නොදැවී ලකුණු 1 ක්ද ලබා සිටියේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සවුති ලකුණු 19 ට කඩුලු 2 ක්ද, ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 5 ට කඩුලු 2 ක්ද බිඳ හෙලූහ.16-3
මුල් ඉනිමේ ලකුණු 168 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්තයේ මුල් කඩුල්ල ලෙස ගප්ට්ල් ලකුණු 11 කට දවා ගැනීමට ෂමින්ද එරංග සමත්විය.
පන්දු 43 දී හතරේ පහර 7 ක් සහිතව ලකුණු 35 ක් ලැබූ මැකලම් පිටියෙන් ඉවත් කිරීමට රංගන සමත්වීමෙන් ලකුණු 56 දී දෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
එකම පන්දුවාරයකදී පිටපිට පන්දු දෙකකදී විලියම්සන් (18) සහ ඩැනියෙල් ෆ්ලින් (00) දවා ගැනීමට කුලසේකර සමත්වීමෙන් ශ්‍රී ලංකාව යළිත් සටනට අවතීර්ණ විය.
ඉන්පසු පිටියට පිවිසි කෲගර් වෑන් වික් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට රංගන හේරත් සමත්වීමෙන් නවසීලන්ත ලකුණු පුවරුව කඩුලු 5 ට ලකුණු 75 ක් ලෙස සටහන් විය.
ඉන් පසු පිටියේ එක්වූ නායක රොස් ටේලර් සහ ටොඩ් ඇස්ටල් නවසීලන්ත ඉනිම ගොඩ නංවමින්  6 වැනි කඩුල්ල වනුවෙන් ලකුණු 97ක සම්බන්ධතාවයක් තැබිමට සමත් වූහ.
තේ පානය වන විට නවසීලන්තය කඩුලු 5 ට ලකුණු 154 ක් ලබා සිටි අතර ටේලර් (53) සහ ඇස්ටල් (32) කඩුල්‍ලේ රැඳී සිටියහ.
තේ පානයෙන් පසු ඇස්ටල් ලකුණු 35 කට පිටියෙන් ඉවත් කිරීමට රන්දිව් සමත්වීමෙන් ලකුණු 172 දී 6 වැනි කඩුල්ල බිඳ වැටුණි.
බ්‍රෙස්වෙල් එක් ලකුණකට පිටියෙන් ඉවත් කිරීමට රංගන සමත්වීමෙන් ලකුණු 177 දී 7 වැනි කඩුල්ල දැවී ගියේය.
මිනිත්තු 166 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් ලකුණු 74 ක් ලැබූ රොස් ටේලර් දුවද්දී දැවී යාමකට හසුවූ අතර පටෙල් රන්දිව්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.
නවසීලන්තය කඩලු 9 ට ලකුණු 194 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමට රොස් ටේලර් තීරණය කළ අතර රංගන කඩුලු 3 ක්ද, කුලසේකර සහ රන්දිව් කඩුලු 2 බැගින් බිඳ හෙලා තිබුණි.
ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා මුල් ඉනිම බිඳ දැමීමට ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 3 ක් බිඳ දැමූ අතර ටිම් සවුති එක් කඩුල්ලක් ලබා ගත්තේය.
ලකුණු 76 ක් ලබා සිටි තිලාන් සමරවීර පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ බෝල්ට් සුරාජ් රන්දිව් ලකුණු 39 කට කඩුල්ල මුවා කිරීමට හසු කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්විය.
කුලසේකර ලකුණු 6කට දවා ගනිමින් සිය ටෙස්ට් දිවියේ තෙවැනි කඩුලු 5 ක් දවා ගැනීමේ අවස්ථාව සනිටුහන් කිරීමට ටිම් සවුති සමත් විය.
කේන් විලියම්සන් ගලී සිට රැක ගත් විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් රංගන හේරත් ලකුණු 5කට බෝල්ට්ගේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් ලකුණු 244 ක් තුළ ශ්‍රී ලංකා මුල් ඉනිම අවසන් විය.
පෙරවරුවේ පන්දුවාර 8ක් තුළ කඩුලු 4ක් බිඳ වැටුණු අතර සවුති ලකුණු 62ට කඩුලු 5ක්ද, බෝල්ට් ලකුණු 42 ට කඩුලු 4 ක්ද බිඳ හෙලා තිබුණි.

16-4
ලකුණු පුවරුව

නවසීලන්තය පළමු ඉනිම - 412යි
කේන් විලියම්සන් 135, රොස් ටේලර් 142, ඩැනියෙල් ෆ්ලින් 53, රංගන 103/6
ශ්‍රී ලංකාව පළමු ඉනිම
තරංග පරණවිතාන ඇ. වැන් වික් ප. සවුති40
ටී.එම්. ඩිල්ෂාන් ප. සවුති 5
කුමාර් සංගක්කාර ඇ. බෝල්ට් ප. සවුති0
මහේල ජයවර්ධන ඇ. විලියම්සන් ප. බෝල්ට්4
ඇන්ජලෝ මැතිව්ස් ඇ. ගප්ටිල් ප. සවුති47
තිලාන් සමරවීර ඇ. ගප්ටිල් ප. බෝල්ට්76
ප්‍රසන්න ජයවර්ධන ඇ. විලියම්සන් ප. පටෙල්12
සුරාජ් රන්දිව් ක.මු.ක. ප. බෝල්ට් 39
නුවන් කුලසේකර ඇ. ටේලර් ප. සවුති 6
රංගන හේරත් ඇ. විලියම්සන් ප. බෝල්ට් 5
ෂමින්ද එරංග (නොදැවී)3
අතිරේක 7
මුළු ලකුණු (පන්දුවාර 94 කදී සියලු දෙනා දැවී)244
කඩුලු බිඳ වැටීම :- 1-7, 2-7, 3-12, 4-102, 5-103, 6-128, 7-225, 8-232, 9-240, 10-244
පන්දු යැවීම :- සවුති 22-4-62-5, බෝල්ට් 21-7-42-4, පටෙල් 22-3-47-1, ඇස්ට්ල් 13-2-41-0, බ්‍රෙස්වෙල් 13-1-44-0, විලියම්සන් 3-1-5-0
නවසීලන්තය දෙවැනි ඉනිම
මාටින් ගප්ටිල් ඇ. ඩිල්ෂාන් ප. එරංග11
බ්‍රෙන්ඩන් මැකලම් ස්ට. ප්‍රසන්න ප. හේරත් 35
කේන් විලියම්සන් ඇ. පරණවිතාන ප. කුලසේකර18
රොස් ටේලර් දු.දැ.ගි. (කුලසේකර/හේරත්)74
ඩැනියෙල් ෆ්ලින් ක.මු.ක. ප. කුලසේකර 0
කෲගර් වෑන් වික් ඇ. පරණවිතාන ප. හේරත්0
ටොඩ් ඇස්ට්ල් ඇ. ඩිල්ෂාන් ප. රන්දිව් 35
ඩග් බේ්‍රස්වෙල් ඇ. කුලසේකර ප. හේරත් 1
ටිම් සවුති (නොදැවී)8
ජීතන් පටෙල් ස්ට. ප්‍රසන්න ප. රන්දිව් 0
ටේ‍රන්ට් බෝල්ට් (නොදැවී)6
අතිරේක 6
මුළු ලකුණු (පන්දුවාර 54කදී කඩුලු 9ක් දැවී) 194
කඩුලු බිඳ වැටීම :- 1-32, 2-56, 3-74, 4-74, 5-75, 6-172, 7-177, 8-180, 9-182
පන්දු යැවීම :- කුලසේකර 12-2-47-2, එරංග 10-1-39-1, හේරත් 21-3-67-3, රන්දිව් 11-1-37-2
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
තරංග පරණවිතාන ක.මු.ක. ප. සවුති0
ටී.එම්. ඩිල්ෂාන් ඇ. වෑන් වික් ප. සවුති14
කුමාර් සංගක්කාර ප. බ්‍රෙස්වෙල් 16
මහේල ජයවර්ධන ඇ. වෑන් වික් ප. බ්‍රෙස්වෙල්5
තිලාන් සමරවීර (නොදැවී)1
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)1
අතිරේක 10
මුළු ලකුණු (පන්දුවාර 15.4කදී කඩුලු 4ක් දැවී)47
කඩුළු බිඳ වැටීම :- 1-0, 2-35, 3-41, 4-46
පන්දු යැවීම :- සවුති 6-0-19-2, බෝල්ට් 5-2-12-0, බ්‍රෙස්වෙල් 4-3-5-2, පටෙල් 0.4-0-1-0

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........