Sunday, November 4, 2012

“කොට කොට යන” බස්වලට එරෙහිව පියවර

DJ Avantha Creations

Bus-newනියමිත නැවතුම් ‍පොළවලට පිටින් මගීන් බස් රථවලට නංවාගැනීමට සහ බැසීමට සලස්වන දුරගමන් සේවා බස් රථ නීතියේ රැහැනට හසුකර ගැනීමට ‍පොලීසිය  තීරණය කර ඇත. දුර ගමන් සේවා බස් රථවලට නතර කළ හැකි නැවතුම් ‍පොළවල් බලපත්‍රයේ පැහැදිලිවම සටහන්ව ඇති බවත්, ඒ ස්ථානවලට පිටින් නතර කරන බස් රථ නීතියේ රැහැනට හසුකර ගන්නට කටයුතු කරන බවත් බස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න “ලක්බිම ඉරිදා සංග්‍රහය” කළ විමසුමකදී කීය.
ඒ සමගම මහ මඟ කල්මරමින් තැන තැන නතර කර සිටින මගී බස් රථවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන ‍පොලීසියේ අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ නියෝග ළඟදීම බස්නාහිර පළාතේ සියලුම ‍පොලීසිවල රථවාහන අංශ නිලධාරීන් වෙත යොමු කිරීමට නියමිතව ඇත.විනාඩි 10කින් යන්න පුළුවන් ගමනට ඇතැම් මගී බස් රථ තැන තැන නතර කරමින් ධාවනය කිරීමෙන් පැයක් පමණ යනවා. මේ තුළින් මගී ජනතාවට පීඩා සිදු වෙනවා. බස් ධාවන බලපත්‍රයේ ගමන් වාරයන් අවසන් කළ යුතු කාලයක් තිබෙනවා, යැයි රථ වාහන අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
“කොට කොට යන” බස් රථ සම්බන්ධයෙන් තොරතුරු 011-2433333 හෝ 119 යන දුරකථන අංකවලට ලබාදීමට මගීන්ට හැකි බවද නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න සඳහන් කළේය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........