Wednesday, November 21, 2012

අසැබි දසුන් පෙන්වා එහෙම ඉන්න කියලා

DJ Avantha Creations


pone
රාත්‍රී කාලයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී බාලවයස්කාර දැරියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය රූප පෙන්වා ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ‍‍.එම්.එන්.පී අමරසිංහ මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහහුණුපිටිය පදිංචි මීගමුව මහනගර සභාවේ සේවකයකු බව කියන පුද්ගලයෙකි. දැරිය 10 වන වසරේ ඉගෙනුම ලබන අතර පසුගිය මාසයේ දිනක මීගමුව මහ නගරසභාවේ සෞඛ්‍ය පරික්ෂක මහත්වරු හා වෛද්‍යවරුන් එක්ව ඇය ඉගෙනීම ලබන විදුහලේ සෞඛ්‍ය වැඩසටහන් පවත්වා ඇත. එහිදී සැකකාර පුද්ගලයා නගර සභාවේ සේවය කරන බවට දැරියට හඳුන්වා දී දුරකථන අංක හුවමාරු කරගෙන ඇත. නගර සභා සේවකයා බව කයන තැනැත්තා 17 දින රාත්‍රියේ දැරියගේ නිවසට හොර රහසේ ඇතුළු වී ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන්වා ඔයාටත් මේ වගේ සිටීමට පුළුවන් දැයි අසමින් සිප වැලද ගත් බව දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. 




<SCRIPT language='JavaScript1.1' SRC="http://ad.doubleclick.net/adj/N7534.931584.LANKADEEPASINHALANE/B6924231;abr=!ie;sz=600x90;ord=[timestamp]?"> </SCRIPT> <NOSCRIPT> <A HREF="http://ad.doubleclick.net/jump/N7534.931584.LANKADEEPASINHALANE/B6924231;abr=!ie4;abr=!ie5;sz=600x90;ord=[timestamp]?"> <IMG SRC="http://ad.doubleclick.net/ad/N7534.931584.LANKADEEPASINHALANE/B6924231;abr=!ie4;abr=!ie5;sz=600x90;ord=[timestamp]?" BORDER=0 WIDTH=600 HEIGHT=90 ALT="Advertisement"></A> </NOSCRIPT>
 

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........