DJ Avantha Creations
මහනුවර නගරයේ ඇති
සාම්ප්‍රදායික බෞද්ධ පාසල් අභිබවමින් ප්‍රායෝගික වශයෙන්ම බෞද්ධ බව රැක
ගැනීම සිය අරමුණ කරගනිමින් බිහි වූ බෞද්ධ විද්‍යාලයක් ලෙස ශ්‍රී චන්දානන්ද
විදුහල හැඳින්විය හැකි ය. මේ යුගයේ සිදුවන බොහෝ දුරාචාර, හැඟීම් පාලනයට
අපොහොසත් හා කතුන් සහ පිරිමින් අතින් සිදුවන බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.
වඩා යහපත් හැසිරීම්, සදාචාරාත්මක අගැයීම්, මනුෂ්‍යත්වයේ උපරිම ස්ථාවරයන්
පිළිබඳ දර්ශනයක් පදනම්ව පිහිටුවන සම්මතයන් කොයි අතින් සැලකුවත් අභියෝගයට
ලක් කළ නොහැක. චන්දානන්ද විදුහල ද ෙදෙනික පැවතුම් රටාව තුළම සිය සිසුන්
බෞද්ධ සදාචාර ධර්ම පද්ධතිය අනුව හික්මවීමට ප්‍රයත්න දරන බව පෙනේ. එහි මූලික
පියවරක් ලෙස ඒ විදුහලේ දරුවන්ගේ මව්වරුන් කාන්තා ගෞරවය
හා පිරිපුන් සංස්කෘතික ප්‍රතිරූපයක් තහවුරු කරන පිරිසක් ලෙස හැසිරිය යුතු යැයි විදුහලේ පාලනාධිකාරිය මගින් නියම කොට තිබේ. මව්වරුන් විදුහල තුළට පිවිසීමේදී සාරියකින්, ඔසරියකින් සැරසී පැමිණිය යුතුව ඇත. එමගින් ඔවුන්ගේ තාරුණ්‍යය එකී ප්‍රතිරූපයෙන් තව තවත් ගෞරවනීය වන බව පෙනේ. සංස්කෘතියක් රැකීමට සංකේතමය ප්‍රඥප්ති (Symbolicordering) අවශ්‍ය බව මානව විද්‍යාඥ එඩ්මන්ඩ් ලීච් අවධාරණය කරයි. දේශීය සංස්කෘතියේ සංයත පසුබිම් තුළ හැදුණු මව්වරු ඒ පිළිවෙත ඉටු කරමින් හැසිරෙති. එය පළමුව කිව යුතුය. එහෙත්, විදුහලට සිය දරුවන් එවමින්, විදුහලේ ප්‍රඥප්ති දෙස අවඥාවෙන් බලමින් දණහිසට මඳක් පහළ තෙක් දිග් වුණු ‘තුන් කාලේ’ හිරවන කලිසම් හැඳ, ඇඟට හිරවන ස්කර්ට්ස් වලින් සැරසුණු තරුණ මව්වරු පිරිසක් ද මේ අතර වෙති. ඔවුන් තම ආත්ම රාගය පදනම් කරගත් සිය රූපලාවන්‍යය හා විලාසිතා ප්‍රදර්ශනයට එතැන වේදිකාවක් කරගන්නා අයුරු ද දක්නට තිබේ. ‘ගෙදර බුදුන්’ යන පොදු සම්මුතියකින් හැඳින්වෙන මෙම මව්වරුන්ගේ මානසික තත්ත්වය වයස අවුරුදු දහඅටේ ළමිස්සියන්ට සමාන බව අනුකම්පාවෙන් කිව යුතුව තිබේ. මෙහිදී මා දන්නා අවාසනාවන්ත නිදසුනක් කියමි.
එය මා හා සඳහන් කළේ මා වෙතින් පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියකි. ඈ උගන්වන විදුහලේ උසස් පෙළ සිසුවෙක්, විදුහලේම සිසුවකුගේ තරුණ මවකගේ අසංවර විලාසිතා දැක ඈ කෙරේ අනුරාගයෙන් බැඳුණි. ඇය දණහිසිනුත් ඉහළට අඟල් කීපයක් එසවුණු සායක් හැඳ සිටියාය. අවසානයේ ඔහු ඒ මව දෙස බලාගෙන යම් ක්‍රියාවක යෙදෙනු දුටු මෙම ගුරුවරිය විදුහල්පතිට ඒ බව පැමිණිලි කළාය. විදුහල්පති අවසාන වශයෙන් ඒ තරුණ මව වරදකාරියක කළේ හුණුවටයේ කතාව නාට්‍යයේ අසඩක්ගේ විනිශ්චය සිහිකරවමිනි. මෙවන් තත්ත්ව සලකමින් මහැදුරු දයා අමරසේකර සූරීහු සිය අපරාධ විද්‍යාව කෘතියෙහි මෙසේ සඳහන් කරති.
“සමාජයට යහපත් ලෙස පැන වෙන සම්මතයන් කැඩීම නිසා එතැන අපරාධයට අවශ්‍ය පසුතල සෑදේ.”
චන්දානන්ද විදුහල අවට පමණක් නොව සමස්ත මහනුවර නගරය පුරා වෙසෙන එක්තරා සංකර කාන්තා පැලැන්තියක් පිළිබඳව, සමාජ සමීක්ෂණවලදී අපට අනාවරණය වී තිබේ. මේ අය බේතකටවත් ගැඹුරු කරුණින් සමන්විත පොත් නොකියවති. කියවතොත් ගෘහ අලංකරණය හෝ ඒ රූපාලංකාරය, සූපවේදය හා මත්ද්‍රව්‍ය මගින් ලැබෙන මායාකාර වින්දනයක් ලැබෙන බොළඳ ප්‍රේමකතා පමණි. මේ කාන්තා සමාජය වර්තමානය දක්වා පරිණාමය වූ ආකාරය ඉංග්‍රීසි ජාතිකයකුගේ
නිරීක්ෂණ ඔස්සේ කීම සුදුසුය.
සර් අයිවර් ජෙනිංග්ස් (Sir Ivor Jennings) යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු කුලපතිවරයාය.
ඔහු ලියූ ““The Kandy Road’’ ’’ හි මෙම උඩරට සංකර කාන්තා පැලැන්තිය පිළිබඳ ඓතිහාසික පරිණාමයේ සමහර තොරතුරු ඇත. ඉංග්‍රීසීන් උඩරට අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් සමහරු උඩරට විසූ සාමාන්‍ය කතුන් හා කාම සේවනයේ යෙදුණහ. ඇතැම්විට ඒ ඉංග්‍රීසි නිලධාරීන්ගේ කුස්සි අම්මාවරුන් වැනි අය හෝ කම්කරු කතුන් වැනි අය සමග විය හැකිය. ඒ කාන්තාවන්ට උපන් දරුවන්ට පිහිටියේ කලවම් ජාන සම්මිශ්‍රණයකි. සුමිත්‍රා රාහුබද්ධගේ ඉටිපහන් නවකතාවේ ද මෙවන් පුවතක් ඇත. මේ අතරමැදි පරපුරට තමන්ගේ මව්වරුන්ගේ සංස්කෘතිය ප්‍රවේණියක් ලෙස කා නොවදී. එවන් පරපුරක අතු ඉති ශාඛා ප්‍රශාඛා මගින් විහිදී ගිය සංකර කාන්තා සමාජයක් කෙරෙන් අපට උරුම සාරගර්භ හැසිරීම් මතු කර ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් මෙනි.
ලන්දේසී යුගයේදී ඔවුහු සිංහල කතුන් හා ආවාහ විවාහ සිදුකළහ. එයින් උපන් ඉංග්‍රීසි පමණක් කතාකරන, බොහෝ විට පසුව කිතුණු ලබ්ධිය ගත් (බෞද්ධ අය ද සිටිය හැකිය) ලන්සි වශයෙන් හැඳින්වෙන (Dutchburghers) සමාජයක් ද උඩරට වෙසෙති. ඒ අයට ආවේණික වූ වත්‍පොහොසත්කම් හා වංශ කේන්ද්‍රීය නම්බුවකින් ද ඔවුහු සන්නද්ධව සිටිති. ඉහත විස්තර කළ සංකර සමාජයට මේ අය අයත් නොවෙති. මේ කියූ වඩා සංකර පිරිසට සමාජ විචාරයෙහිලා අවශ්‍ය උගත්කම් හෝ විෂය ඥානය නැති බැවින් හීනමානයෙන් පෙළෙන්නෝ වෙති. සාරි ඇඳීම, ඔසරි කාන්තා ගෞරවය රැකගැනීම වැනි සංස්කෘතිකාංග ඔවුනට හුදු විහිළු පමණි. මෙවන් සංස්කෘතික කරුණු පිළිබඳව ඔවුන් අතර ඇති ව්‍යවහාරය නම් “ධර්ම ටෝක්” යන්න ය.
මා දන්නා තව නිදසුනක් දක්වමි. මහනුවර ප්‍රදේශයේ එක් පෙර පාසලක දරුවකුට මව හා පියාගේ චිත්‍ර ඇඳීමට පැවැරිණි. දරුවා ඇඳි චිත්‍රයේ කලිසම් කමිස ඇදගත් කෙස් කොටට කැපූ පුද්ගලයන් දෙදෙනෙක් වූහ. “පුතේ මෙතන තාත්තලාම දෙන්නෙක්නෙ ඉන්නෙ. කෝ අම්මා, එයා ඉන්න එපාය සාරියක් ඇඳලා” ගුරුවරිය ඇසූ විට දරුවා දුන්නේ මෙවන් පිළිතුරකි.
“අම්මා සාරි අඳින්නේ නැති එකට මං මොනවා කරන්නද?”
මෙවන් කතුන් තුළ ඇත්තේ ඇතැම් උගත් කතුන් තුළ ඇති හිතුවක්කාරකම නොවේ. ස්ත්‍රීවාදය හැදෑරූ උගත් කාන්තා පිරිසක් තමන්ගේ සංස්කෘතික තත්ත්වය ගැන
විෂයානුබද්ධ තර්කයක් දරති. එය වෙනම කතා කළ යුතු විෂයකි. එහෙත් මේ සංකර වනිතාවන් ස්වභාවයෙන් අඥානය. ඔවුන් කරන්නේ මහ දැනමුත්තාගේ වැඩය. මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ සිට කොළඹ දක්වා දිවෙන සාමාන්‍ය මගී බස් රථ ඕනෑ තරම් තිබුණ ද, කැප්පෙටිපොළ විශ්‍රාම ශාලාව අසල සිට කොළඹ දක්වා දිවෙන නගරාන්තර බස් සඳහා පැය ගණන් වරු ගණන් පෝලිම්වල තැපීම ද එවැන්නකි. මේ බොහෝ කාන්තාවෝ Intercity එකක යාම තම ලොකු කමට හා මහන්තත්වයට කරුණකියි සිතති. සාරිය ඇඳ සංවරව යාම තමන් වයසට යාමකැයි සිතති. එවිට තරුණ කොල්ලන්ගේ ඇල්ම බැල්ම නොලැබෙතැයි ඔවුන් සිතනවා ද විය හැක. තවත් ළඟදී පොහොසත් වූ ඇතැම් කාන්තාවෝ, සිය ස්වාමිවරුන් ගෙන් මිදී පාසල් අවට ගැවසීමෙන් අභිනව පෙම්වතකු ළං කරගෙන තම රියෙන් ප්‍රේම සංචාර කරන කතා ද අසන්නට ලැබේ. මේ සෑම කාන්තාවක්ම සිතිය යුතු කරුණකි. තරුණ නමුදු තවත් දරුවකු හෝ දෙන්නෙකුගේ මවකි. තම අඟපසඟ කාට හෝ පෙන්වීම මහා අනතුරකට අතවැනීමකි. බාහිර අනතුරු පසෙක තිබියදී තම ලජ්ජානැතිකම ලෝකයට ප්‍රදර්ශනය වීම ශිෂ්ටාචාර ගත සමාජයක් තුළ කාන්තාවක මුහුණ දිය හැකි දරුණුතම අනතුරය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය සාලිය කුලරත්න අනාවරණය කරයි
ආචාර්ය සාලිය කුලරත්න අනාවරණය කරයි
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........