DJ Avantha Creations
මාස හයේ බිලිඳුන් පවා ඔබේ හැඟීම් හඳුනනවා!
දරුවන්ට “දරුවන්ට මෙන්” සලකන සමාජයක් මෙන්ම නොසලකන සමාජයක්ද අද තිබේ. ඇතැම්හු දරුවන් කවුරුන් දැයි නොදැන ඔවුන් කිසිත් නොදන්නා නොතේරෙන පිරිසක් ලෙස සලකා කටයුතු කරති. එහෙත් පසුගියදා ළමා මොළය ගැන පර්යේෂණ කළ විද්‍යාඥයන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.
ළමයින්ගේ ලෝකයේ අයිතිකරුවන් ළමයින්මය. එය වෙන කිසිවකුගේ හෝ ඕනෑ එපා කම් අනුව පාලනය නොවිය යුතුය. එය එසේ නොවුණහොත් එය “ළමා ලෝකයක්” නොවන්නේය. ළමයින් යාන්ත්‍රීකරණය සිදුවන මේ ලෝකයේ ළමා සිත් සතන් තේරුම් ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුව ඇත. වැඩිහිටියන්ගේ වගකීම සහ යුතුකම විය යුත්තේ ළමා ලෝකය ගොඩනැගීමට ළමයින්ට උදව් කිරීමය.
ඉතා කුඩා බිලිඳුන්ගේ මනස අප මතෛක් සිතා සිටියාට වඩා සංකීර්ණ චිත්ත රූපවලින් යුක්ත බවත්, මේ ගැන අනවබෝධයෙන් කටයුතු කිරීම දෙමාපියන් විසින් සිදු කරන විශාල වරදක් බව වරක් නිව්ස්වීක් සඟරාව වාර්තා කර තිබුණි. නවතම පර්යේෂණ මාලාවක ප්‍රතිඵල ඔස්සේ එම සඟරාව මනාව ළමා මනස විවරණය කර තිබුණි.
ඇමෙරිකාවේ ටෙක්සාස් තාක්ෂණික සරසවියේ මානවීය විද්‍යාගාරයට මොහොතකට පිය නගමු. මාස හයක් පමණ වයසැති කුඩා වික්ටෝරියා බිලිඳිය විශේෂ ආසනයක සිටින්නීය. ඈ අසලින් ඇගේ මවද සිටිති. පර්යේෂණ මෙහෙයවන්නේ මානව සංවර්ධන කටයුතු සම්බන්ධ සහය මහාචර්ය සිබිල් හාර්ට් ය. මහාචාර්ය සිබිල් විසින් පළමුව මවගේ අතට ළමා කතා පොතක්දී ඒ ගැන පමණක් අවධානය යොමු කරන ලෙස දන්වා සිටියාය. මවද ඊට අවනත වූවාය. ඉන්පසු මහාචාර්යවරිය මවත් සමග මේ පොත සම්බන්ධ කතා බහක යෙදුණාය. මේ කාලය තුළ දී දැරියගේ මව දැරිය දෙස කිසි ලෙසකින්වත් නොබලා සිටින්නට අමතක කළේ නැත. මව සහ මහාචාර්යවරිය කතා බහේ යෙදෙන අතර දැරිය කාමරය පුරා නෙත් යොමමින් අරමුණකින් තොරව කාලය ගත කර ඇත.
ඉන් පසුව මහාචාර්යවරිය අපූරු දෙයක් සිදු කළාය. මවගේ අතේ තිබුණ පොත වෙනුවට ඇයට මාස හයක් පමණ වයස බිලිඳියට සමාන බෝනික්කකු ලබා දෙන ලදී. මව බෝනික්කාට සෙනෙහස පාන්නට වූවාය. හයක් හතරක් නොතේරෙන්නේ යැයි සිතූ තම දැරිය මේ දුටු වහාම වෙනස් වූවාය. සුදු පැහැ සිඟිති මුව මඩල ජම්බු ගෙඩියක් මෙන් රතු විය. මවගේ අවධානය දිනා ගැනීමට දැරිය පෙරළි කරන්නට වූවාය. පාද සොලවන්නට වූවාය. දඟ කරන්නට වූවාය. අවසානයේ මහ හඩින් හඬන්නට වූවාය.
පසුගිය දස වසක කාල පරිච්ජේදය පුරා මහාචාර්යවරිය මෙවැනි පර්යේෂණ රැසක් මෙහෙයවන ලද අතර අවසානයේ ඇය සතු වූයේ සමාන නිරීක්ෂණයන්ය. මෙවැනි නිරීක්ෂණ අපේ දෙමාපියන්ද නිතර දෙවේලේ අත්දකින බවට සැක නැත. ඊර්ෂ්‍යාව ආදරය දිනා ගැනීමට සටන් කිරීම ආදිය කුඩා සිත්වල නැතැයි මතෛක් සිතා සිටියාට වඩා ළමා මනස සංකීර්ණ සිතුවිලිවලින් ගහණ තෝතැන්නකි.
කුඩා බිළිඳකු තොටිල්ල මත වාඩිවී පාදයක් තොටිල්ලෙන් බිමට දමාගෙන වේගයෙන් පද්දමින් හඬ නඟා කෑ ගසමින් තම “ඉල්ලීම්” ඉදිරිපත් කරන විට ඔහුගේ මොළය තුළ බොහෝ පෙරළි සිදු වෙයි. මේ නව පර්යේෂණවල ප්‍රතිඵල අනුව සියවස් ගණනාවක් පුරා ළමා රෝග විශේෂඥයින් ළමා මනෝ විශ්‍ලේෂකයින්ගේ මතවාද බොහෝ සේ වෙනස් කර ගැනීමට සිදුව ඇත. 1890 වසරේදී මනෝ විශ්‍ලේෂක විලියම් ජේම්ස් ප්‍රකාශ කළේ ළමා ලෝකය සුන්දර, ද්විමාන, පැහැදිලි, සුමට පරිසරයක් ලෙසිනි. දුක, සතුට, තරහ පමණක් එහි හැඟීම් ලෙස පැවැතුණි. එහෙත් නවීන විද්‍යා පර්යේෂණ මේ මතවාදයන් දැඩි ලෙස අභියෝගයට ලක් කරයි. සාමාන්‍යයෙන් කුඩා දරුවකු පළමුව වචනයක් කතා කරන්නේ වයස අවුරුද්දේ දී පමණය. එහෙත් ඊට බොහෝ කලකට පෙර සිටම ඔවුන්ගේ මොළය තුළ සංකීර්ණ හැඟීම් ක්‍රියාත්මක වෙයි. ඊර්ෂ්‍යාව, අනුකම්පාව, ආවේගශීලීත්වය මේ අතර ප්‍රමුඛය. ඉහත සංකීර්ණ ක්‍රියාදාමය ඇවිදින යුගයේ පසුකාලීනව ළමයින් ඉගෙන ගන්නා බවට මුලදී විශ්වාස කෙරිණි.
විවිධ ක්‍රියාකාරීත්වයන් සමායෝජනයට, අන්තර්ග්‍රහණයටද කුඩා දරුවන් මුල් අවධියේදීම හුරුවන බව දැනට සොයාගෙන ඇත. ඉතා සංකීර්ණ රටාවක් ගැන අවබෝධය මාස හතර තරම් කුඩා වයසේදී ඉගෙන ගන්නා බව හෙළි වී ඇත. වැඩිහිටියන් හෝ වැඩිහිටි ළමයින්ට මෙන් නොව මුහුණුවල ඉතා කුඩා වෙනසක් පවා වහා අවබෝධ කර ගැනීමට බිළිඳුන් සමත්ය. තමන්ගේ මව සිටින ඡායාරූපයක් ලබා දුන් විට එහි අනෙක් අයගෙන් තම මවගේ රුව වෙන් කර හඳුනා ගැනීමට පවා ඔවුන් සමත්ය. තම වැඩිමහල් සහෝදර, සහෝදරියන් කෙරෙහි තරහක්, ඊර්ෂ්‍යාවක් උපද්දවා ගැනීමට ඔවුන්ට හැකිය. අලුත් දෙමාපියන් බවට පත් වූ යුවළවලට මෙම පර්යේෂණ අපූරු අත්දැකීම හා අලුතින් සිතීමට අවස්ථාව ලබාදෙන බව කිව හැකිය. කුඩා ළදරුවන් සහජ බුද්ධියකින් යුක්තය.
නව පර්යේෂණ ප්‍රතිඵලවලින් සන්නද්ධව සිටින ළමා රෝග විශේෂඥයින් නව ආකාරයකට ළමා ලෝකය විශ්‍ලේෂණයට දැන් සූදානම්ය. ළමා අවධියේ සිදුවන කායික වෙනස්කම්වල වර්ධනය කෙරෙහිද දැවැන්ත අවධානයක් ඉදිරියේදී යොමු කරනු ඇත. පර්යේෂකයින් පෙන්වා දෙන අන්දමට මේ අයුරින් බලවත් චිත්ත වේග ඇතිවීම ළමයාගේ අනාගත සෞඛ්‍ය සම්පන්න බවට ඉතා වැදගත්ය.
මේ අනුව කිසියම් දරුවකු මේ හැඟීම් වර්ධන පිය සටහන් නිසි පරිදි පසු නොකරන්නේ නම් පසුකාලීනව කතාබහ කිරීම, කියවීම, ආදියේ ගැටලුවලට මුහුණ පාන අතර, කල් ගතවීමෙන් අනතුරුව නිසි පරිදි අකුරු කිරීමට පටන් ගනී.
ළදරුවන්ගේ හැඟීම් වර්ධනය ලෙස අවධානය යොමු කිරීමෙන් අනාගතයේදී ඔහුට උරුම වන මානසික රෝග ගැනද අනාවැකි පළ කළ හැකි බව මනෝ විශ්‍ලේෂකයෝ පවසති. මේ අනුය මානසික ආතතිය නොසන්සුන් බව ඉගෙනීමේ දුර්වලතා හා මන්ද බුද්ධිකතාව ප්‍රධාන වෙයි.
පූර්ව ළමා අවධිය සම්බන්ධ ඇමෙරිකානු ළමා රෝග ඇකඩමියේ සභාපති වෛද්‍ය චෙට් ජොන්සන් මේ පිළිබඳව අදහස් දක්වමින් “ඉස්සර අපි ඇහුවේ දරුවා බඩ ගෑවේ කවදාද? මුලින්ම සිට ගත්තේ කවදාද? මුලින්ම වචන කතා කරන්න පටන් ගත්තේ වයස මාස කීයෙන්ද? කියලා. ඒත් දැන් අපි දෙමාසියන් ගෙන් අහන්නේ ලෝකය බෙදා හදාගෙන ජීවත් වන්නේ කොහොමද කියලා” ලෙස පවසයි.
“ඔවුන් යමක් විශේෂ කර පෙන්වනවාද? අලුත් පුද්ගලයෙකු දැක්කම ඔවුන්ගේ ප්‍රතිචාරය මොන වගේද? සමාජය වශයෙන් භාෂා ප්‍රකාශ කිරීමෙන් හැඟීම් ප්‍රකාශ කිරීමෙන් ඔවුන් දක්වන කුසලතා මොන වගේද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් වැඩිහිටි අවධියේ ඔවුන්ගේ හැසිරීම ගැන අනාවැකි ප්‍රකාශ කළ හැකියි. “ලෙස ඔහු වැඩිදුරටත් අදහස් දක්වයි. නව පර්යේෂණ මාලාව හේතුවෙන් අදට වඩා බොහෝ කල් වේලා ඇතිව ළමයින්ගේ අඩුපාඩු, අවදානම් සාධක අදිය හඳුනා ගැනීමට දොරටුව විවර වෙයි. මෙමගින් දෙමාපියන්ට තම දරුවන්ගේ වර්ධන දුර්වලතා කල් ඇතිව නිවැරදි කිරීමට අවස්ථාව සැලසෙයි. කුඩාම ළදරුවන්ට දක්වන සංවේදිතා අතරම අනුන් කෙරෙහි දක්වන සංවේදිතාව වැදගත්ය. කෙසේ වුවත් මෙය ළමා මොළය තුළ වර්ධනය වන්නේ අසීරුවෙනි. අලුත් උපන් බිළිඳකු මොර හඬ නගමින් කෑ ගසන තවත් බිළිඳකු අසල තැබූ විට ඔහුද තරගයට මෙන් හඬන්නට පටන් ගනියි. මේ සම්බන්ධව අදහස් දක්වන නිව්යෝර්ක් සරසවියේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය මාර්ටින් හොෆ්මාන්” අ¼ඩන බබෙල් ළඟ තවත් බබෙක් තිබ්බම අඬන්නේ නැති බබත් අඬන්න ගන්නවා. මේක ගොඩක් දෙනා දැනටමත් දන්නා කාරණයක්, ඒත් ගැටලුව ඇයි එයාලා ඒ විදියට හඬන්නේ කියලා” ලෙස විමසයි.
“තමන්ගේ සගයා අඬන කොට ඒ ගැන ඇත්තටම සලකා බලලා අනෙක් බබාත් අඬනවාද එහෙම නැත්නම් අඬන්නන් වාලේ අඬනවාද කියලා හොයලා බැලීම වටිනවා” යයි ඔහු පවසන අතර මේ සම්බන්ධ වැඩි දුරටත් කෙරුණ අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ සත්‍ය වශයෙන්ම කුඩා දරුවන් අනෙක් අය කෙරෙහි සංවේදනයක් දක්වන බවය. මාස හයට වැඩි ළදරුවන් අනෙක් ළදරුවන් හඬන විට හඬන්නේ නැති නමුත් අපහසුතාවක් පෙන්වති. මාස 13ත් මාස 15ත් අතර බබාලා තම “මිතුරන් හඬන විට ඔවුන් සැනසීමට උත්සුක වෙති.” මවුවරු දෙදෙනා අසල සිටින්නේ නම් තමන්ගේ මවගෙන් උදව් අපේක්ෂා කරති.
තමා අවට සිටින පුද්ගලයින්ගේ මුහුණේ හැඟීම අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කිරීමට බිලින්දෝ සමත්කම් පාති. සතුටුදායක මුහුණකට එක් ආකාරයකටද දුක්මුසු මුහුණකට තවත් ආකාරයකටද තරහ ගිය මුහුණක් දුටු විට, ඊටත් වෙනස් ආකාරයකටද ප්‍රතිචාර දක්වති. මාස හයකට අඩු දරුවන් පවා මේ ප්‍රතික්‍රියා දක්වා ඇත.
ළමා ලෝකය සම්බන්ධ පර්යේෂණ විවිධාකාරයෙන් අභියෝගයකට ලක් වන්නකි. කුඩා බිලිඳුන්ට කතා බහ කිරීමට නොහැකිය. මේ නිසා කුඩා බිලිඳුන් විවිධ ප්‍රතිචාර දක්වන විට සත්‍ය ලෙසම ඔවුන්ගේ මොළය තුළ සිදුවන ප්‍රතික්‍රියාවන් අවබෝධය මේ නිසා අපහසුය. ජ්ජ්ට් , ර්අ හා ලේසර් කැමරා තාක්ෂණය පර්යේෂකයින්ගේ උදවුවට පැමිණෙන්නේ මේ නිසාය.
කාලය ගතවී වයස අවුරුද්ද පමණ වන විට කුඩා දරුවන් “හරි පණ්ඩිත” වන බව පර්යේෂක මතයයි. ඇමෙරිකාවේ වොෂින්ටන් සරසවියේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය ඇන්ඩෲ මෙල්ටිසොෆ් පවසන්නේ තමා අවට සිටින පුද්ගලයින්ගේ චර්යා අවබෝධයෙන් ඔවුන්ගේ මනස කියවීමට කුඩා බිළිඳුන්ට හැකියාවක් ලැබෙන බවය. විශේෂයෙන් පුද්ගලයෙකුගේ දෙඇස් දෙස බලා සිටීමෙන් පුද්ගලයෙකුගේ අදහස්, උනන්දුව දක්වන දේ, ඊළඟට කිරීමට අදහස් කරන දේ ආදිය පැවැසිය හැකිය. මේ අනුව තමා අවට පරිසරය අවබෝධයෙන් සංස්කෘතියට අනුගතවීමට කුඩා බිලිඳුන්ට හැකි වන බව මහාචාර්ය මල්ටිසොෆ්ගේ අදහසය.
මේ අනුව කුඩා දරුවන් ඔවුන්ට අභිමත පරිදි පුළුල් බුද්ධියකින් තම ලෝකය තේරුම් ගන්නා බව පෙනෙයි. එය බලහත්කාරයෙන් වෙනස් කිරීමට යාම අනුවණ කමකි. මේ ලෝකයේ හිමිකරුවා දරුවාමය. එයට අප අත නොපෙවිය යුතුය.
කුඩා ළමයින් මෙලොව බිහි වන්නේ තමා අවට පරිසරය සම්බන්ධව ජීවත් වීමට අවැසි අමුද්‍රව්‍යද සමගය. කාලය ගත වීම සමග මේ අමුද්‍රව්‍ය පරිසරයට අවශ්‍ය පරිදි වෙනස් වෙයි. පරිසරයේ ජීවත් වන විට විවිධ අත්දැකීම් ලබා ගන්නා විට මොළය අභ්‍යන්තරයේ හැඩ තල වෙනස් වෙයි. මේ අනුව පරිසරය තුළ හුදකලා නොකර විවිධ අත්දැකීම් ලබා ගැනීමට දරුවන්ට ඉඩහළ යුතුය. එය ඔවුන්ගේ පරිණත බව ලබා ගැනීමට බලපාන ප්‍රධානතම සාධකය වෙයි.
ළදරුවෙකු උපත ලබන විට ඔවුන්ගේ මොළයේ පැවැත්වීමට අවශ්‍ය කරන බොහෝ ෙසෙල වර්ග මොළය තුළ පවතියි. එහෙත් මේ අතර කිසිදු විශේෂ සබඳතාවයක් නොමැත. එහෙත් කාලයත් සමග අත්දැකීම් ලබා ගන්නා විට ෙසෙල අතර සබැඳියාවන් ඇති වෙයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ සබඳතා ගොඩ නැගෙන අතර පසුව අනවශ්‍ය ෙසෙල ඉවත් වෙයි.
ළදරු අවධිය පුරාම ස්නායු ෙසෙල වටා මයලීන් ආවරණ ඇති වෙයි. මේ ආකාරයට මයලීන් කොපු ඇතිවීම නිසා ස්නායු පණිවුඩවල වේගය ඉහළ යයි. මානසික ක්‍රියා වර්ධනය වෙයි. බහුවිධ කාර්යයන් කිරීමට අවස්ථාව උදා වෙයි. මේ තත්ත්වය මැදි වයස දක්වා පවතී.
ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ ආචාර්ය ස්ටැන්ලි ග්‍රීන්ස්පෑන් ළමයින්ගේ මානසික වර්ධනයේ පියවර රැසක් විස්තර කර ඇත. හැඟීම් ප්‍රකාශ කිරීම, සමාජ කුසලතා හා ක්‍රීඩා අංශයේ වර්ධනයෙන් මෙසේ ප්‍රධාන ලෙස විස්තර කර ඇත.
හැඟීම් ප්‍රකාශ කිරීම සැලකූ විට බිය හා සතුට යනාදිය උපතේ සිටම අත්දැකීම්වලට භාජනය වූ කරුණුය. මාස තුන පමණ වන විට තමා අවට සිටින පුද්ගලයින්ට ප්‍රතිචාර දක්වති. සිනහ වෙති. මාස පහ හය පමණ වන විට අවට පරිසරය සමග ප්‍රතිචාර දැක්වීම වැඩිවෙයි. ආවේගශීලීත්වය, සතුට, පුදුමය වැනි සංවේදතා දක්වති. මාස දහය පමණ වන විට තම දෙමාපියන්ගේ දෙඇස් අනුගමනයට පුරුදු වෙති. මෙමගින් ඔවුන්ගේ අරමුණු වටහා ගනිති. වයස අවුරුදු එක හමාර පමණ වන විට තවත් තමා සම්බන්ධ අවධානය වැඩි කරන අතර, ආඩම්බරකම ආරක්ෂාව ආදී සිතුවිලි ජනිත වෙයි.
සමාජ ක්‍රියා සම්බන්ධව අවධානය යොමු කිරීමේදී මාස තුන පමණ වන විට දෙමාපියන් විවිධ ශබ්ද නිකුත් කිරීමට නැතහොත් මුහුණෙන් හැඟීම් දනවන විට ඒ ගැන අවධානය යොමු කරති. තමන් කැමති පුද්ගලයෙකු දුටු විට සිනාසීමට පටන් ගන්නේ මාස පහක් පමණ ගත වූ විටය. මාස දහය පමණ වන විට අප වඩා ගැනීමට උත්සාහ කරන විට ඊට ප්‍රතිචාර ලෙස අප සමීපයට බිලිඳු දරුවෝ පැමිණෙති. වයස අවුරුදු එකහමාර වන විට තමන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කරති.
ක්‍රීඩා සඳහාද ළදරුවන් මාස තුන හතරේ සිටම උනන්දුව දක්වන බව පෙනෙයි. මේ තත්ත්වයද වයස් ගතවීම සමග වැඩි වර්ධනය වෙයි

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........