DJ Avantha Creations
විශ්වාසය
ඉතාම හොඳ ගුණධර්මයක්. විශ්වාසවන්ත භාවය උතුම්ම නෑයා ලෙසයි හඳුන්වන්නේ. ඔබ
මට විශ්වාසයි. මම ඔබට විශ්වාසද කියලයි විමසන්නේ. ඔබ මට විශ්වාස නම් ඔබටත්
මා විශ්වාස විය යුතුමයි.
විශ්වාසය නැතුව කිසිවක් කළ නොහැකියි. පෙම් කිරීමට විශ්වාසය තිබිය යුතුයි. එසේම යහපත් පවුල් ජීවිතයකට විශ්වාසය අවශ්‍යයි. අධ්‍යාපනය ලැබිමට මෙන්ම රැකී රක්ෂාවක් කිරීමටද ඉන් උසස් වීමටද අවශ්‍ය දේ තමා විශ්වාසය. විශ්වාසය නැති තැන සියල්ල අවුල් වෙනවා. අවිශ්වාසය පරම හතුරෙක්. එය අපව දුෂ්ටයෙක්, අපරාධකාරයෙක් කරනවා. අවිශ්වාසය නිසා දෙහදක්
අතර බැඳුණු ප්‍රේමය විනාශ වෙනවා. අඹුසැමි සම්බන්ධය බිඳී යනවා. දූ දරු දෙමාපිය සබැඳියාව, සහෝදර සහසම්බන්ධය අවිශ්වාසය නිසා පළුඳු වෙනවා.
විශ්වාසය ගොඩනැගිය යුතු තැන අවිශ්වාසය ඇති වුවහොත් සියල්ල උඩුයටිකුරු වෙනවා. ඒ නිසා අවිශ්වාසය වෙනුවට විශ්වාසය ගොඩනගා ගැනීමට අපි උනන්දු විය යුතුයි.
ඔබ නිතරම උත්සාහ කරනවා ඇත්තේ අනුන් තුළ විශ්වාසය ගොඩනගා ගැනීමට විය හැකියි. එම උත්සාහය යහපත්. අගය කළ යුතු ව්‍යායාමයක්. එහෙත් ඔබ කවදාවත් හිතුවද ඔබ තුළ ඔබ කෙරෙහි විශ්වාසයක් තිබෙනවාද කියලා. තමා තුළ තමා ගැන ඇතිවන විශ්වාසයට තමා ආත්ම විශ්වාසය කියලා කියන්නේ. වැදගත්ම විශ්වාසය තමා ආත්ම විශ්වාසය. මම එහෙම කියන්නේ තමා තුළ තමා ගැන විශ්වාසයක් නැතිනම් කවදාවත් අනුන්ගෙන් එය බලාපොරොත්තු විය නොහැකි නිසයි.
බොහෝ දෙනකුට අද තමා ගැන විශ්වාසයක් නැහැ. තමා කරන ක්‍රියාව ගැන විශ්වාසයක් නැහැ. උත්සාහය හරියයි කියල සැකයි. අවිශ්වාසයි.
කරන දේ හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හරියට ඇස් දෙක පියාගෙන ගලක් ගහනව වගේ. වැදෙන්නත් පුළුවන් නොවැදෙන්නත් පුළුවන්. උත්සාහය අසාර්ථක වීමේ සම්භාවිතාව සාර්ථක වෙනවට වඩා වැඩියි. එයට හේතුව ඔබට ඔබ ගැන විශ්වාසයක් නොමැති වීමයි.
රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයන් කණ්ඩායමක් එහි අවසන් වසරේ ශිෂ්‍යයන් කිහිපදෙනකු සම්බන්ධ කරගෙන විශ්වාසය ගැන පර්යේෂණයක් කරලා තිබෙනවා. තමන් ගැන වූ විශ්වාසය පදනම් කරගත් ප්‍රශ්න තිහකට පිළිතුරු ලබා ගත්තා. තමන්ගේ අනාගත අපේක්ෂා, ගමන් බිමන්, විනෝදය, ක්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි හැම අංගයක්ම පිළිබඳ මේ ප්‍රශ්නවලට අඩංගු වුණා. එහෙත් මේ ප්‍රශ්නාවලියට ලැබුණු පිළිතුරු වලින් සොයා ගන්නේ ශිෂ්‍යයන්ගෙන් සියයට 60ක් පමණ පිළිතුරු දී ඇත්තේ නිවැරදි නිගමනයකින් තොරව අවිශ්වාසය මත බවයි. තාර්කික ශක්තියකින් යුක්තව ආත්ම විශ්වාසය මත පදනම්ව පිළිතුරු ලැබි තිබුණේ හරියට සියයට 10කින් පමණයි. අනිත් සියයට තිහ අඩක් පමණ සාර්ථක පිළිතුරු දී තිබුණා. මෙයින් අදහස් වූයේ සාමාන්‍ය නූගතුන් නොව සරසවි සිසුන් තුළ පවා ආත්ම විශ්වාසයක් නැති බවයි.
කොච්චර පහසු වුණත් ආත්ම විශ්වාසය නැතිව කරන ක්‍රියාවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙත් ආත්ම විශ්වාසය ඇතිව කරන දුෂ්කර කාර්ය වුවත් සඵල කර ගැනීමට පුළුවන්.
“මම හරි ප්‍රතිඵලයක් ලැබෙනතුරු උත්සාහ අතහරින්නේ නැහැ” කියලා දැඩි විශ්වාසයකින් කටයුතු කළ විට මුල් අවස්ථාවෙ නැතිවුණත් දෙවන තෙවන හෝ සිවුවන අවස්ථාවලදී හෝ එය සාර්ථක විය හැකියි.
සමහරුන් සමහර දේවල් ඔහේ කරන්නන් වාලේ කරනවා. හරියයි කියලා කිසිම විශ්වාසයක් නැහැ. හරි ගියොත් හරි ගියා. වැරදුණොත් වැරදුණා. මෙහෙම හිතල වැඩ කරන අය ඉන්නවා. ගල් දහයක් ගහන කොට එකක්වත් වදීවි කියලා විශ්වාසයකින් යුතුව වැඩ කරන අයද දක්නට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ වුවත් ජය ලැබුවේ දැඩි ආත්ම විශ්වාසයෙන්. “මම බුදු වෙලා මිසක් නොනැගිටිමි” කියලා දැඩි අදිටනකින් යුක්තවයි උන්වහන්සේ බෝ මැඩ මුල වාඩි වුණේ. ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ තබා ඇණ ගසා මැරූ පසු යළි දින හතකින් ජීවමාන වූයේද දැඩි ආත්ම විශ්වාසය නිසයි.
ඒ නිසාම ඔබ අනුන් විශ්වාස කිරීමට පෙර ඔබ, ඔබම විශ්වාස කිරීමට පුරුදු වන්න. එවිට ජය නියතයි.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........