Thursday, October 18, 2012

ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් තරගාවලිය වසර 4 කට පසුව අද ඇරඹෙයි

DJ Avantha Creations

 වසර හතරකට පසුව ශී‍්‍ර ලන්කන් ගුවන්සේවා ගොල්ෆ් තරගාවලිය අද නැවතත් ආරම්භ වේ. මෙම තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී අද සහ හෙට (18 සහ 19) පැවැත්වෙන අතර තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය හෙට සවස් වරුවේදී පැවැත්වෙයි.
වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම ගොල්ෆ් තරගාවලියක් වූ මෙම තරගාවලිය වසර හතරක විරාමයකින් පසුව නැවතත් පැවැත්වීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සේවා සමාගම තීරණය කර ඇතැයි සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ඊයේ (17 වැනිදා) පැවසීය. මෙවර පැවැත්වෙන්නේ 13 වැනි ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් තරගාවලියයි.
මෙවර තරගාවලිය සඳහා විදේශීය තරගකරුවන් 120 දෙනකු සහ ශී‍්‍ර ලාංකීය ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයන් රැුසක් සහභාගි වන බවද සංවිධායකයෝ පවසති.
වැඩි වශයෙන්ම විදේශීය තරගකරුවන් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය සංවිධානය කෙරෙන්නේ කී‍්‍රඩානුබද්ධ සංචාරක ව්‍යාපාරය හරහා ‘ශී‍්‍ර ලංකාව’ ලෝකය තුළ වඩාත් ප‍්‍රචලිත කිරීමේ අටියෙනි.
තරගාවලිය පිරිමි සහ කාන්තා යන අංශ දෙකින්ම පැවැත්වෙන අතර ස්ටේබල්ෆඞ් ක‍්‍රමය අනුව තරග පැවැත්වේ. තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ලෝකයේ  ඕනෑම ගමනාන්තයකට යාමේ ගුවන් ප‍්‍රවේශපත් ත්‍යාග වශයෙන් පිරිනැමෙන අතර තවත් ආකර්ශනීය ත්‍යාග රාශියක් දිනාගැනීමේ අවස්ථාව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සතුය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........