DJ Avantha Creations
හොර නෝට්ටුවෙන් බේරෙන හැටි පොලීසිය කියයි
2012 ඔක්තෝබර් මස 07 15:23:48 | තරිඳු ජයවර්ධන
ව්‍යාජ මුදල් නෝට්ටුවලින් බේරෙන හැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා උපදෙස් දෙයි.
ඒ සඳහා මූලික කරුණු අටක් සැලකිල්ලට ගන්නැයි ඔහු කියයි.
1) නෝට්ටුවල දිය සලකුණ පිරික්සීම.
2) නෝට්ටුව ආලෝකයට ඇල්ලූ විට එහි වටිනාකම තිරස් අතට ඇද්දැයි බැලීම.
3) නෝට්ටුවේ හරස් පැති දෙකෙහි කුඩා ඉරි සහිත දාර දෙක අතට හසුවේදැයි පිරික්සීම.
4) කලු පැහැති බාරයක් වැනි පටියක් තිබේදැයි බැලීම.
5)හොර නෝට්ටුව බොහෝ විට සැබෑ නෝට්ටුවට වඩා ගණකම් විය හැකි වීම.
6) කොල දෙකක් අලවා තිබෙන්නට ද ඉඩ ඇත.
7) නෝට්ටු බණ්ඩලයක් මැද ව්‍යාජ නෝට්ටු තිබිය හැකි වීම.
8) කඩිමුඩියේ මුදල් නෝට්ටු මාරු කර ගැනීමට පැමිණෙන්නන් ගැන සැලකිලිමත් වීම.
ව්‍යාජ බවට සැක කළ හැකි නෝට්ටු හමුවූ විට වහා පොලීසියට දැනුම් දෙන්න

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........