DJ Avantha Creations
ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාස හා මහළු නිවාස ඉවත් කළ යුතු යැයි දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පැවැසීය.
මේ රට සහා සමාජය දියුණුයි කියල නායකයෝ කියනවා. හැබැයි
අම්මල තාත්තල වයසට ගියාම ඒ අයට සලකනවා වෙනුවට මහළු නිවාසවල ගිහින් දමනවා
නම් මේ සමාජය දියුණුයි කියනනේ කොහොමද?
රටේ හැම නගරයකම මහළු නිවාස සහ වැඩහිටි නිවාස ඉදිකරනවා වෙනුවට වැඩි හිටියනට සලකන යහපත් සමාජයක් බිහිකළ යුතුයි.
මාධ්‍යවේදීන් පිරිසක් දඹානේ දී හමුවූ අවස්ථාවේදී වැදි නායකයා මේ බව කීවේය.
වැදි පරම්පරාවේ අයට නොයෙක් තහංචි දමනවා. අපේ පරම්පාරාවේ
පැවත ආ හැටියට නිදහසේ දඩයමක් කරගෙන ජීවත්වීමේ අයිතිය අපට තියෙන්න ඕනෑ.
ලෝකයේ අනෙක් ජාතීන්වගේම අපටත් ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........