Thursday, October 18, 2012

ආශා බෝස්‍ලේගේ දියණිය වර්ෂා හිසට වෙඩි තබා ගත්තේ ඇයි ?

DJ Avantha Creations

Varsha-Bhosle2ඉන්දියාවේ පුවත්පත් තීරු ලිපි ‍ලේඛිකාවක වූ පනස්හය හැවිරිදි වර්ෂා බෝස්‍ලේ පසුගිය 8 වැනි සඳුදා පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන පෙඩාර් පාරේ පිහිටි තම ‘ප්‍රභූ කුන්ජ්’ නිවසේ දී සියදිවි නසා ගත්තාය. මෙම සියදිවි නසාගැනීම මහත් ආන්දෝලනයට හේතු වූයේ ඇය මාධ්‍යවේදිනියක වීම නිසාම නොවේ. සුප්‍රකට ගායන ශිල්පිනියක වූ ආශා බෝස්‍ලේගේ දියණිය වීම නිසාය. මුම්බායි නිවසේ දී රුධිරයෙන් නැහැවුණු වර්ෂාගේ සිරුර මුලින්ම දැක තිබුණේ ආශාගේ රියැදුරාය. ඒ අවස්ථාවේදී ආශා බෝස්‍ලේ සංගීත වැඩසටහනක් වෙනුවෙන් සිංගප්පූරුවට ගොස් සිටියාය. ඇය මීට පෙරාතුව ද තෙවරක් සියදිවි නසා ගන්නට උත්සාහ දරා ඇති බැව් වාර්තා විය. අනෙක ඇය සෑම විටම ගිනිඅවියක් සිය සන්තකයේ තබාගෙන සිටි බව ද වාර්තා වී තිබේ.
මීට පෙර නිදිපෙති වැඩි මාත්‍රාවක් ගෙන සියදිවි නසා ගන්නට ඈ තෙවරක්ම උත්සාහ ගෙන තිබේ. මුල් දෙවතාවේම පිළිවෙළින් 1998 දී සහ 2008 දී බොම්බේ රෝහ‍ලේ හා ජැස්ලොක් රෝහ‍ලේ දී ඇයට ප්‍රතිකාර කෙරිණි. ඇය තෙවැනි වරට සියදිවි නසා ගන්නට තැත් කළේ 2010දීය.
1956 මෙලොව එළිය දුටු වර්ෂා ඉන්දීය ගායිකාවක, පුවත්පත් කලාවේදිනිය හා මුම්බායි හි නිවැසි ‍ලේඛිකාවක්ද විය. ඇය සිය මව සමග බොහෝ අවස්ථාවලදී ගීත ගැයීම්වලට සහභාගි වී තිබේ. 1974 දී පාසල් ජීවිතයට සමුදුන් ඇය බොම්බේ සරසවියට අනුබද්ධ එල්ෆින්ස්ටන් කො‍ලේජ් හිදී දේශපාලන විද්‍යාව හැදෑරුවාය. ඉන්දියාවේද සන්ඩේ ඔබ්ස්වර් පුවත්පත, ජෙන්ට්ල්මන් සඟරාවට තීරුලිපි රචනා කළ අතර ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට ලිපි සම්පාදනයෙන් ද දායක වී තිබේ.
ක්‍රීඩා ‍ලේඛකයකු හා මහජන සම්බන්ධතා   වෘත්තිකයකුවූ හේමන්ත්  කෙන්කේ‍ර්  සමග විවාහ වී සිටියත් එම විවාහය 1998 දී කෙළවර විය.
ඉන්පසු ඇය ජීවත් වූයේ සිය මව වූ ආශා බෝස්‍ලේ සමගිනි. මිය යන අවස්ථාව වනවිට වර්ෂා මානසික ආතතිය වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇත. නමුත් වෙඩි තබාගෙන මියයන්නට තරම් ඇය තුළ පැවති පීඩනය කුමක් ද යන්න පිළිබඳව තවම හෙළි වී නැත. මේ පිළිබඳව අදහසක් ගැනීම සඳහා ‍පොලීසිය ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කරගෙන සිටින බව පවසා තිබේ. ඇගේ සායනික ඉතිහාසය අධ්‍යයනය කරන්නට ‍පොලීසිය අදහස් කරගෙන සිටී.
‍පොලීසිය පවසන්නේ ඇය වෙඩි තබාගත් බෙල්ජියමේ
නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය බලපත්‍රයක් සහිත එකක්ද යන්න
පිළිබඳවද සොයමින් පවතින බවයි. එහි නියම හිමිකරුවා සොයා ගැනීම ‍පොලීසියේ අරමුණයි. මෙවැනි එක් පිස්තෝලයක් ආශා බෝස්‍ලේගේ සොහොයුරකු වන රිදයිනාත් මංගේෂ්කාර් සතුව තිබූ බව ද පැවසේ. නමුත් මේ එයම බවට තහවුරු වී නැත.
පවු‍ලේ සාමාජිකයන් ද වර්ෂාගේ මරණය නිසා තවමත් සිටින්නේ වික්ෂිප්ත තත්ත්වයකය. ඇය ක්ෂණිකව මෙවැනි තීණයක් ගත්තේ හදිසියේ ඇයට ලැබුණු කුමක් හෝ දුරකතන පණිවුඩයක් නිසාද ? නැතහොත් පසුගිය දින කිහිපයේම ඇයට වද දුන් යම් කාරණාවක් තිබුණේද යන්න පිළිබඳවද ‍පොලීසියේ අවධානය යොමු වී තිබේ. ‍පොලීසිය පවසන්නේ ඇය සියදිවි නසා ගන්නට ඇත්තේ රාත්‍රී කාලයේදී බවයි.
පරීක්ෂණ අවසන්වන තුරු කිසිවක් පිළිබඳ අනාවැකි කීමට හැකියාවක් නැත. වර්ෂාගේ දිවි නසා ගැනීම පිළිබඳ තවත් බොහෝ තොරතුරු නුදුරු දිනෙක හෙළිවනු ඇත.

Varsha-Bhosle1 

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........