Tuesday, October 23, 2012

බලන් හෙට කොළඹ පුරවර

DJ Avantha Creations

 අහස් කුස සිඹින සුරපුර -


ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු  ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කැරකැරෙයි. නාන තටාක, නැරැඹුම් මැදිරි, ක‍්‍රීඩාගාර, ටෙනිස් පිටි ඇතුළු සියලූ පහසුකම්වලින් එම කුළුන සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.
ඉන්දියාවේ ක්රිෂ් ගෘප් සමාගම 2016 වන විට මහල් නිවාස හතරක් ඉදිකිරීමට යයි. උසම මහලේ තට්ටු 85කි. එය ඉදිකැරෙනුයේ කොළඹ කොටුවේ අක්කර හතරක භූමියකයි.
එක් කුළුනක මහල් 10ක්ම මෝටර් රිය ගාලකි. කොටුවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (ට‍්‍රාන්ස් වර්ක්ස් මන්දිරයේ) තරු හතේ බුටික් හෝටලයක් හෙවත් මහේසාක්‍ය අවන්හලක් විවෘත කිරීමට ද යයි.

ගාලූ මුවදොර හයිට් රිජන්සි සමාගම තරු පහේ හෝටලයක් ඉදිකිරීම දැනටමත් අරඹා ඇත. තට්ටු 45කින් සමන්විත එම හෝටලය සිනෝලංකා හෝටලය හා ස්පා සමාගම ඉදිකරයි.
දකුණු කොරියාවේ කියැංහාට් සමාගම මහල් 38කින් හා 42කින් සමන්විත තට්ටු නිවාස 174ක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට යයි.
2015දී විවෘත කිරීමේ අරමුණින් ෂැංගි‍්‍රලා හෝටල සමාගම ගාලූ මුවදොර තට්ටු 30ක තරු පහේ හෝටලයක් ඉදිකරයි.
හොංකොංහි ශැංග‍්‍රිලා හෝටල රිසෝට්ස් සමාගම එහි අයිතිකරුය.
ඉන්දියාවේ ඇකෝර් සමාගම කොළඹ කොල්ලූපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස 350ක් ඉදිකිරීමට යයි. එහි මහල් ගණන 47කි.
බේරේ වැව ඉදිරිපිට ඡායාරූප අනුග‍්‍රහය සප්ඩයි ගෘහනිර්මාණ ශිල්පියෝ හා ජෝන් හොර්නර්

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........