DJ Avantha Creations
හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු
වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට
පෙර ඔහු රන් පදක්කමක් දිනාගත් ජාත්‍යන්තර තරගාවලියෙන් පසුව පැවති තහනම්
උත්තේජන පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට වසර දෙකක තරඟ තහනමක් නියම කෙරිණ.
ඒ හේතුවෙන් ඔහුට දෙවසරක කාලයක් බොක්සිං ක‍්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට
සිදුවිය.
මංජු වන්නිආරච්චිගේ දෙවසරක තරග තහනම පසුගිය ඔක්තෝම්බර් 13 වැනිදා නිමා වූ අතර තහනම් කාල සීමාව තුළද ඔහු පුහුණුවීම්
කරමින්පසු විය.
මහනුවර පල්ලෙකැලේ පිිහිටි මාස් හෝල්ඩින් සමාගමේ අනුබද්ධිත
ආයතනයක් වන ලීනියා රෙදිපිළි ආයතනයේදී මංජු වන්නිආරච්චි විසින් බොක්සිං
ක‍්‍රීඩාවේ නියුතු පාසල් ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවන් අමතා විශේෂ කතාවක්ද
පැවැත්වීය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........