DJ Avantha Creations
ඇල්බට් අයින්ස්ටයින් (ක්‍රි.ව. 1879-1955)
1955
මාර්තු මාසයේ දිනකදී ගන්නා ලද මෙම ඡායාරූපය මහා විද්‍යාඥ අයින්ස්ටයින්
මියයාමට ප්‍රථම ගන්නා ලද අවසන් ඡායාරූපය ලෙස සැලකේ. නිව්ජර්සි
ප්‍රින්ස්ටන්හි පිහිටි සිය නිවස අසලදී මෙම ඡායාරූපයට පෙනී සිටීමෙන් මසකට
පමණ පසුව එනම් අප්‍රේල් 17 දා අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන්
අයින්ස්ටයින් රෝහල්ගත කෙරිණි. ඊශ්‍රායලයේ සත්වන සංවත්සරය සැමරීම සඳහා
අයින්ස්ටයින් විසින් සිදු කිරීමට නියමිත කතාවේ පිටපතක්ද, ඔහු රෝහලට යනවිට
රැගෙන ගියේ උත්සවයට සහභාගිවීම සඳහා සුවපත්ව පැමිණීමේ බලාපොරොත්තුව පිටය.
නමුත් අයින්ස්ටයින් නොමැතිව ඊශ්‍රායලයට සිය සංවත්සරය සැමරීමට සිදුවිය.
මියයන විට සැත්තෑහය වනවියේ පසුවූ අයින්ස්ටයින්ගේ මරණය සිදුවූ
වහාම ඔහුගේ
මොළය සිරුරින් ඉවත් කරගැනීමට පියවර ගන්නා ලද්දේ එබඳු අසාමාන්‍ය බුද්ධි
මහිමයකට හිමිකම් කී අයින්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනය ස්නායු
විද්‍යාවේ නවමං හෙළි කිරීමට සමත්වනු ඇතැයි සිතූ හෙයිනි.
ඇල්බට් අයින්ස්ටයින් (ක්‍රි.ව. 1879-1955)
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........