Thursday, October 25, 2012

අම්මා නැති බැටළු පැටවුන්ගේ සුනඛ කිරි අම්මා

DJ Avantha Creations

dog2අම්මාගෙන් කිරි උරා බි බඩකට පුරවා ගැනීමේ අවස්ථාව අහිමිව ගිය මේ අසරණ බැටළු ‍පෝතකයන්ගේ බඩගින්න නිවීමේ උදාර වගකීම සියතට ගත්තේ තවත් බැටළු අම්මෙක් නොව “ජෙස්” කියන “ස්ප්‍රින්ගර් ස්පැනියෙල්” වර්ගයට අයත් සුනඛයායි. අව් වැසි නොතකා දිනකට තෙවරක් අක්කර එකසිය අසූවක් පුරා පැතිරුනු ගොවි‍පොළ බිමේ කිරි බෝතලයක්ද සිය මුඛයේ රඳවාගනිමින් දුව පනිමින් අම්මා නැති පැටවුන්ගේ බඩගිනි නිවීමේ උදාරතර කර්තව්‍යයට ජෙස් දායක වන්නේ පිවිතුරු සිතින් බවයි ගොවි‍පොළ හිමිකාරිනිය වන “ලුවිස් මුවර්හවුස්” පවසන්නේ. 





dog1


ඇත්තෙන්ම ජෙස් තම භාරදුර මෙහෙය කෙතරම් සැලකිල්ලකින් හා වගකීමකින් යුතුව ඉටු කරන්නේද යත් ජෙස් නොමැතිව ගොවි‍පොළ කටයුතු ඉදිරියට කරගෙන යෑමට මේ වන විට ලුවිස්හට අභියෝගයක් වී තිබේ.
අම්මා නැති අසරණ බැටළු පැටවුන්ගේ කිරි මව වීමේ වගකීම ජෙස් භාරගෙන ඇත්තේ තමාද කුඩා සුනඛ ‍පෝතකයකු ලෙස පසුවන අවධියේමයි. සූප්පුවක් ගැසූ කිරි බෝතලයක් සිය මුවයේ සීරුවට රඳවාගනිමින් ක්‍රමාණුකූල ලෙස කුඩා බැටලු පැටවුන්ට කිරි පෙවීමට ජෙස්හට විශේෂ පුහුණුවක් ලබාදීමට සිදුනොවූ බව ලුවිස් කියා සිටින්නීය. බ්‍රිතාන්‍යයේ එක්සිටර් ප්‍රදේශයට යාබදව පිහිටි ලුවිස්ගේ ගොවි‍පොළ “ඩෙවොන් වනජීවී” පදනමට අනුබද්ධිත වන අතර, දුර්ලභ ගණයේ විශේෂිත බැටලු වර්ගයක් එහි ඇතිදැඩි වෙයි. තම මවගෙන් කිරි උරා බිමට තරම් හැකියාවක් නොවූ “ඩොසෙට් හෝන්” වර්ගයේ බැටලු පැටවුන් සිවුදෙනකුට මේ වන විට ජෙස් කිරි මව වී සිටින්නීය. 

dog3 

ජෙස්ට අමතරව මේ දිනවලදී ලීලී නමැති කොකර් ස්පැනියෙල් වර්ගයට අයත් තවත් සුනඛ ‍පෝතකයකුද බැටලුවන්ට කිරි පෙවීම සඳහා විශේෂ පුහුණුවක් ලබමින් සිටින්නීය. ඒ ජෙස් සිය වගකීමෙන් විශ්‍රාම ගත් දිනක බැටළු පැටවුන්ට අම්මා නැති අඩුව පුරවනු සඳහායි. කෙසේ වුවද, තම ගොවි‍පොළ පුරා උදේ‍යාගයෙන් යුතුව දුව පනිමින් තමාගේම දරුවන්ට තරම් ඉමහත් ස්නේහයකින් හා සැලකිල්ලකින් යුතුව කුඩා පැටවුන්ට ජෙස් කිරි ‍පොවන ආකාරය දුටු විට තවත් බොහෝ කාලයක් ජෙස් තමාට අපූරු සහායකයකු වනු ඇති බව ලුවිස් විශ්වාස කරන්නීය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........