DJ Avantha Creations
එක් පියෙක් පී.එස්.ඩීයේ - අනෙක් පියා මන්ත්‍රිවරයෙක්
ශ්‍රී
ලංකාවේ මේ වනවිට පස් දරු උපත් දෙකක් සිදු වී ඇති අතර එම දරු උපත් දෙකේ
අපූරු සමානතා කිහිපයක් දකින්නට ඇත. මුලින්ම පස්දරු උපතක් ශ්‍රී ලංකාවේ
වාර්ථා වූයේ 2004 වසරේ ඔක්තොම්බර් 06 වැනිදා ය. ශ්‍රී ලංකා
ඉතිහාසයේ ප්‍රථම වතාවට පස් දරුවන් බිහි කළ ආශ්චර්‍යමත් මාතාව වූයේ එවකට 29
හැවිරිදි වියේ පසු වූ චමිලා වීරසේකර මාතාවයි. ඇගේ සැමියා නිමල් පියතිස්ස
මහතාය. ඔහු එවකට ජනාධිපති ආරක්ෂත අංශයේ සේවය කළේය. නිමල් පියතිස්ස සහ චමිලා
වීරසේකර අඹුසැමි යුවළ වාසය කළේ මහනුවර, පිළිමතලාවේ ය. චමිලා මහත්මියට පස්
දරු උපතක් සිදුවන බව මුලින්ම අනාවරණය කරන ලද්දේ ඇගේ සායන කටයුතු ආරම්භයේ දී
සිදුකළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කපිල ගුණවර්ධන මහතාය.
චමිලා වීරසේකර මහත්මිය
පසුව කොළඹ කාසල් කාන්තා රෝහලේ දී පස් දරු උපත සිදුකළ අතර පසුව
ශිරන්ති රාජපක්ෂ මහත්මිය තෑගි බෝග ද රැගෙන ඇය දැකීම පිණිස ගියාය. ශ්‍රී
ලංකාවේ දෙවැනි පස් දරු උපත සිදු වූයේ අද (15) ය. පස් දරුවන් බිහි කළ
කාන්තාව වූයේ රසාංගිකා ශ්‍යාමන්ති මහත්මියයි. ඇයටද වයස අවුරුදු 29ක් බව දැන
ගන්නට ඇත. ඇගේ සායන කටයුතු සිදු කරමින් පස් දරු උපත දක්වා වෛද්‍ය උපදෙස්
ලබා දී අද දවසේ ඇගේ සිසේරියන් සැත්කමටද සහභාගී වූ එක් වෛද්‍යවරයෙක් වන‍්නේ
ශල්‍ය වෛද්‍ය විශේෂඥ කපිල ගුණවර්ධන මහතාය. රසාංගිකා ශ්‍යාමන්ති මහත්මියගේ
සැමියා වන ශිලන්ත විජේපාල මහතා කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ
මන්ත්‍රිවරයෙකි.
මුල්ම
පස් දරු උපත සිදු වී ටික කලකට පසු එම දරුවන් සහ චමිලා වීරසේකර මහත්මිය
දකින්නට ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම නිවසට ගොස් සිටි
අයුරු.
එක් පියෙක් පී.එස්.ඩීයේ - අනෙක් පියා මන්ත්‍රිවරයෙක්
අනුර හොරේෂස් සහ නිශානි දිසානායක
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........