Wednesday, October 31, 2012

කසුන්ට පරිගණකයක් තෑගි

DJ Avantha Creations

මාංශ පේශි වර්ධනය නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ්‍ය පීඨයේ පළමු වසරේ  කසුන් චාමර ශිෂ්‍යයාට ලැප්ටොප් පරිගණකයක් අද කොළඹ මහානාම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පරිත්‍යාග කැරිණි. ශ්‍රී ලංකා සෙනෙහස පදනම මගින් මෙම පරිත්‍යාගය කෙළේය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක  මහතා ප්‍රධාන ආරාධිතයා විය. සෙනෙහස පදනමේ අනුශාසක ගලගම ධම්මරාංසි, එහි සභාපති ඉතෝ කියො යන හිමියෝ ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ඊට එක් වූහ.

ලංකාදීප එසැණ පුවත් ඇතුළු සියළු මාධ්‍යවලින් අපේ පුතාගේ ධෛර්‍යය ගැන ලොකු ප්‍රචාරයක් ලබා දුන් නිසා දැන් පුතාට ලෝකේ හැම තැනින්ම කථා කරලා උදව් කරන්න සූදානම් කියල තියනවා. ඒක අපිට ලොකු හයියක් හැමටම ස්තූතිවන්ත වෙනවා. කසුන් චාමර ගේ මවුපියන් වන මංගලිකා රාජපක්ෂ සහ කේ.ඒ. පියසිරි යන දෙපළ පැවැසූහ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........