Thursday, October 25, 2012

රාජකීය දරුවෝ මෘදුකාංගයකින් ලොව දිනති

DJ Avantha Creations
 ඇමරිකා එක්සත් ජනපදයේ ඔරාකලී අධ්‍යාපන පදනම ( Oracle Education Foundation) සංවිධානය කළ Think quest 2012 තරඟාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවේ. කොළඹ රාජකීය විද්‍යාලයේ චමත් පිළිහවඩන, රොෂනල් ලිහිණිකඩු හා අදීශ ගම්මන්පිල මෙම ජයග්‍රහණය ලැබූ ශිෂ්‍යයෝ වෙති. දුරකථනයක සිට තවත් දුරකථනයකට එස්. එම්. එස් පණිවුඩයක් යැවීමේ දී රහස්‍ය භාවය සුරැකීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීම නිසා මෙම සිසුන් තිදෙනා
මෙම ජයග්‍රහණය ලබා ඇත. තමන් නිර්මාණය කළ මෘදුකාංගය තැන්පත් කර ඇති ජංගම දුරකථනයකින් එස්. එම්. එස් පණිවුඩයක් යවන විට එය වෙනත් රහස්‍ය භාෂාවකට හැරවෙන අතර එය කියවීම සඳහා‍ එම පණිවුඩය ලබන දුරකථනයේ ද අදාළ මෘදුකාංගය තැන්පත් කර තිබිය යුතු බව චමත් පලිහවඩන ගුවන් තොටුපළේ දී පැවසීය. ඔක්තෝම්බර් 5 සිට සතියක කාලයක් ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ නගරයේ පැවති වැඩ මුළුවකින් අනතුරුව සම්මාන උලෙළේ දී මෙම සම්මානය තම කණ්ඩායමට පිරිනැමුණු බව ඔහු වැඩි දුරටත් පැවසීය. මෙම තරඟාවලියේ පළමු ස්ථානය ඇමරිකාව හා ‍තෙවන ස්ථානය ඉන්දියාව දිනා ඇත.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........