DJ Avantha Creations
තණමල්විල ප‍්‍රාදේශීය ලේකම්ගේ
නිල කැබ් රථයෙන් ගංජා කිලෝ විස්සක් ප‍්‍රවාහනය කළ රියැදුරා ගංජා සමග
හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි.
ප‍්‍රාදේශීය ලේකම් බණ්ඩාරවෙලට ඇරලවා ආපසු එන ගමනේ දි
හම්බෙගමුව අරඹෙකෙම දී මාර්ග බාධක යොදා පොලිසිය කළ පරීක්‍ෂාවකින්
කිලෝග‍්‍රෑමය බැගින්වු ගංජා පාර්සල් විස්සක් කැබ් රථයේ තුබූ බවත් බණ්ඩාරවෙල
සිට කැබ් රථය හල්දුම්මුල්ල, බළන්ගොඩ, කල්තොට, වේලිඔය හරහා හම්බෙගමුවට
පැමිණ ගංජා තොගය පටවාගෙන දුර පාරකින් තණමල්විලට යන්නට ඇති බවත් පොලිසිය
කියයි. බණ්ඩාරවෙල සිට තණමල්විලට කෙටි පාර වැල්ලවාය පැත්තෙනි.
හම්බෙගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා මෙම වැටැලීම මෙහෙයවිය.
|
|
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........