Tuesday, October 16, 2012

ගිතෙල්, කිරි, එළවළු කෑමේ රහස 96දී හෙළිවේ

DJ Avantha Creations

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සොනිපත්හි අනූ හය හැවිරිදි රාම්ජිත් රගාව් ලොව වයස්ගතම පියා වී සිටියි. ඔහුගේ බිරිය සකුන්තලා දේවි (52) ඔහුගේ දෙවැනි දරුවා බිහි කළාය.
රගාව් මුලින්ම තාත්තා කෙනෙක් වූයේ වයස අවුරුදු අනූ හතරේදීය. දැන් යලිත් අනූ හයේ දී පියෙක් වී සිටී.
සකුන්තලා සමග ඔවු විවාහ වූයේ වසර 10කට පමණ පෙරය. සකුත්තලා වඳ සැත්කමකට ලක් කරන බව සැමියා කියයි.

ගොවියකු වූ රගාව් තරුණකාලයේ මල්ලවපොර ශූරයෙක් ද විය. ඒකාලයේ ඔහු ආමන්ඩ් කිලෝ බාගයක්, එළඟිතෙල් බාගයක්, කිරි ලීටර් තුනක්, චපාති හා කොල එළවළු ආහාරයට ගනී. අදික කැලරිවලින් සමන්විත වූ තම ආහාරය තමාගේ වාජීකරණ ශක්තියේ රහස බව ඔහු කියයි.
නිර්මාංශ ආහාරයක් ගත් ඔහු මත්පැණින්ද වැළකී සිටියේය.
මේ ගොවියා අලුයම අවදි වෙයි. රාත්‍රී අටට නින්දට යයි. දවල් කාලයේ වගා වැඩ කරයි. හවසට පැයක් දෙකක් නිදා ගනී. රගාව්ට ගොවිතැනින් ලැබෙන ආදායමට අමතරව ඉන්දියා රුපියල් 500ක පින් පඩියක් ලැබේ.
ඔහුගේ වයස හර්යානා ප්‍රාන්ත රජයේ සමාජ සුභසාදන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇත. ඔහුට පෙර මේ වාර්තාව තැබූවේ රාජස්ථානයේ අනූහැවිරිදි නැනූ රාම් ජෝගි නම් පුද්ගලයාය. වයස අවුරුදු 90දී ඔහුගේ බිරිය ඔහුගේ 21 වැනි දරුවා බිහි කළාය. ඒ 2007 දීය.

2012-10-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.127.4200 , විකුණුම් මිල රු.130.5000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.1800 , විකුණුම් මිල රු.210.0800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.164.2900 , විකුණුම් මිල රු.169.7500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.6000 , විකුණුම් මිල රු.140.7800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.128.9600 , විකුණුම් මිල රු.133.6200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.129.7600 , විකුණුම් මිල රු.134.7400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.7200 , විකුණුම් මිල රු.107.3000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6080 , විකුණුම් මිල රු.1.6663 |
ඡයාරූප ටයිම්ස් ඔෆ් ඉන්දියා අනුග්‍රහයෙනි

රගාව් සිය පළමු දරුවා සමග

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........