DJ Avantha Creations
ජනාධිපති රාජ්‍ය නායක සමුළුවේදී කියයි
අප
සතු ධනය, ස්වාභාවික සම්පත් සහ මානව සම්පත් සොයා එන බලවතුන්ට ආසියානු
මහාද්වීපය කෙළි පිටියක් නොවිය යුතුය. අව්‍යාජ මිත්‍රත්වය උඩ පැමිණෙන
අයවලුන්ගෙන් ලබාගත් දැනුම අපගේ සංස්කෘතිය මත පදනම් කොට ගෙන අපේ ප්‍රගතිය ගොඩනැගිය යුතුයැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
ආසියානු කලාපයට අයත් රටවල් 31ක රාජ්‍ය නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව ඊයේ (16) පෙරවරුවේ කුවේට්හිදී ආරම්භ විය.
ඒ කුවේට් එමීර්වරයා වන ෂේක් සභා අල් අහමඩ් අල් ජබාර් අල් සභා
මහතාගේ ප්‍රධානත්වයෙනි. අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය සමුළුව තුළ කැපී පෙනිණි.
වැඩිදුරටත් සමුළුව ඇමතූ ජනාධිපතිතුමා පැවැසුවේ අප මේ දකින්නේ ආසියාවේ අරුණාලෝකය බවයි. වෙනත් මහාද්වීපවල සාවද්‍ය ක්‍රියා නිසා අර්බුදවලට මුහුණ දී ඇති ලෝකය කරා නව ආලෝකයක් අප ගෙන ආ යුතු යැයිද ජනාධිපතිවරයා සමුළුව අමතමින් අවධාරණය කළේය.
විවිධ අංශවලින් අභියෝගයන්ට ලක්වී ඇති ස්වාධීනත්වය රැකගැනීමට ආසියානු කලාපය උත්සාහ ගත යුතුය. අපේ සංස්කෘතිය සෞභාග්‍යමත් ඉතිහාසය සහ අප සතු මානව සම්පත් පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව මහාද්වීපය යළි ගොඩනැගීමට ඉටා ගතහොත් එය සාර්ථක වනු ඇත.
ජනාධිපති රාජ්‍ය නායක සමුළුවේදී කියයි
ආසියානු කලාපයට අයත් රටවල් 31ක රාජ්‍ය නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව ඊයේ (16) පෙරවරුවේ කුවේට්හිදී ආරම්භ විය.
වැඩිදුරටත් සමුළුව ඇමතූ ජනාධිපතිතුමා පැවැසුවේ අප මේ දකින්නේ ආසියාවේ අරුණාලෝකය බවයි. වෙනත් මහාද්වීපවල සාවද්‍ය ක්‍රියා නිසා අර්බුදවලට මුහුණ දී ඇති ලෝකය කරා නව ආලෝකයක් අප ගෙන ආ යුතු යැයිද ජනාධිපතිවරයා සමුළුව අමතමින් අවධාරණය කළේය.
විවිධ අංශවලින් අභියෝගයන්ට ලක්වී ඇති ස්වාධීනත්වය රැකගැනීමට ආසියානු කලාපය උත්සාහ ගත යුතුය. අපේ සංස්කෘතිය සෞභාග්‍යමත් ඉතිහාසය සහ අප සතු මානව සම්පත් පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව මහාද්වීපය යළි ගොඩනැගීමට ඉටා ගතහොත් එය සාර්ථක වනු ඇත.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........