DJ Avantha Creations
වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29
වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකු
කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශූරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු පිල
ලකුණු 43 ක් ලැබීය. තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය
ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.ලකුණු 35 ක් ලබාගත් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අනුශූරතාව ලබාගත් අතර සෙලාන් බැංකුවට (ලකුණු 30) තෙවැනි ස්ථානය හිමිවිය.
ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ද්විත්ව ශූරතා
දිනාගත් අතර ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා
ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තාය. නිලූක, පිරිමි
කේවළ ඉසව්වේ අවසන් මහා
තරගයේදී සිය සොහොයුරු දිනුක කරුණාරත්න පරදවා ශූරතාව දිනා ගත්තේය. නිමා වු
60 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේද නිලූක ශූරතාව දිනා ගත්තේ දිනුක
පරදවමිනි.
නිලූක, මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය නියෝජනය කළ අතර දිනුක,
හැටන් නැෂනල් බැංකු පිලට ක‍්‍රීඩා කළේය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය
21/15, 21/17 ක් ලෙස පහසුවෙන් නිලූක ජය ගත්තේය. ඔහු පිරිමි යුගල ඉසව්ව
අයි. එදිරිසිංහ සමග ක‍්‍රීඩා කර ජය ලැබීය.
සෙලාන් බැංකුව නියෝජනය කළ චන්ද්‍රිකා ද සිල්වා, කාන්තා
කේවළ ඉසව්වේ අවසන් තරගයේදී නදීශා ගයන්ති (21/8, 21/13) පරාජය කළාය.
චන්ද්‍රිකා, කාන්තා යුගල ඉසව්ව ද ජයගත් අතර එහිදී ඇයගේ සහායිකා ලෙස තිළිණි
පරණවිතාන ක‍්‍රීඩා කළාය. ජාතික කාන්තා කේවළ ශූරතාව වැඩිම වරක් දිනා සිටින
චන්ද්‍රිකා, ප‍්‍රවීණයන්ගේ කාන්තා ඉසව්වේද ශූරිය වුවාය.
මෙවර තරගාවලියට ආයතන සහ සමාගම් 49 කින් ක‍්‍රීඩක
ක‍්‍රීඩිකාවෝ 275 ක වාර්තාගත පිරිසක් සහභාගිවුහ. තරගාවලියට ඞී. සැම්සන්
පුත‍්‍රයෝ සමාගම (ඞී.එස්.අයි.) බෙදාහරින ‘ලී නින්’ බැඞ්මින්ටන් ක‍්‍රීඩා
නිෂ්පාදන අනුග‍්‍රහය දැක්වීය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........