DJ Avantha Creations
මිරිස්සේ
නිවාස රැසකට ඊයේ (07) රාත්‍රියේ පහර දීමට එරෙහිව අද (08) උදේ වරුවේ සිට
මිරිස්සේ වෙරළාරක්ෂක බලකායට එරෙහිව එම කඳවුර ඉදිරිපිට පවත්වා ගෙන ගිය
විරෝධතාව අවසන් කරමින් විරෝධතාකරුවෝ විසිර
ගියහ. ඊයේ රාත්‍රියේ 20-20 ක්‍රිකට් තරගය නැරඹීම සදහා වෙරළාරක්ෂක බලකාය
පිහිටි මිරිස්ස මධ්‍ය මහා විදුහල් බිමේ විශාල තිරයක් සවිකර තිබූ අතර
වෙරළාරක්ෂක සෙබලුන් එය නරඹමින් විනෝද වෙමින් සිට ඇත. මෙම අවස්ථවේ දී
ක්‍රිඩා භූමියෙන් පිටත සිටි තරුණයින් රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන ඇති
අතර රතිඤ්ඤා කිහිපයක් ක්‍රිකට් තරගය නරඹමින් සිටි වෙරළාරක්ෂක භටයින් සිටි
දෙසට ද විසි වී ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී ඇත. ඉන් කෝපයට පත් වෙරළාරක්ෂක
භටයින් ගිනි අවි,පොලු රැගෙන පැමිණ ඒ අවට තිබූ නිවාසවලට පහර දී ඇත.
ගිනි අවිවලින් තැබූ වෙඩි පහර කිහිපයක් ද නිවාසවල බිත්තිවලට වැදී තිබෙන
අයුරු පරීක්ෂණවල දී සොයා ගෙන ඇත. මෙම සිද්ධිය පිළිඹඳ කළ විමසුමකදී පිළිතුර
දුන් වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චන්දන
බුලේගොඩආරච්චි මහතා පැවසුවේ ගම්වාසින් පිරිසක් මිරිස්සේ පිහිටි සිය බලකා
කඳවුරට ගල්මුල්වලින් පහර දෙමින් රතිඤ්ඤා දල්වා විසිකර තිබෙන බවට තොරතුරු
ලැබී ඇති බවයි. එම ප්‍රහාරයෙන් පසු යම් සිදුවීමක් වී ඇති බවත් ඒ
සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.


පසන් රාමවික්‍රම (මාතර)
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........