DJ Avantha Creations
බදුල්ලේ
සිට මහනුවර බලා ධාවනයකරවූ භාණ්ඩ රැගත් දුම්රියකට ඊයේ ( 15) පස්වරු 6.10 ට
පමණ අඹේවෙල හා නානුඔය දුම්රිය ස්ථාන අතර පැරකුම් ප්‍රදේශයේ දී හදිසියේ එල්ල
වූ ගල් ප්‍රහාර යකින් එම දුම්රියේ ඉදිරිපස වීදුරුවට අලාභ හානි සිදුව තිබේ.
ගල් ප්‍රහාරයෙන් කැඩී බිඳී ගිය දුම්රිය වීදුරුවේ කැබලි කොටස් තමන්ගේ දෑස්
වලද වැදුණ බව පවසන දුම්රියේ ප්‍රධාන නියාමක වරයා, ප්‍රහාරය එල්ල කළ අය
අල්ලා ගැනීමට සිද්ධිය වනවාත් සමඟම දුම්රිය නවතා , දුම්රිය කාර්‍ය මණ්ඩලය,
මැඳිරි දෙකක සිටී මගීන්ද සමඟ උත්සාහ කළ අවස්ථා වේ, රුවන් පැරකුම් ප්‍රදේශයේ
පිහිටි නිවාස පේළියකට පලාගිය බවට දුම්රිය ස්ථානයට දැනුම් දී ඇත. සිද්ධිය
වාර්තාවීමත් සමඟ ගල් ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට
කොටුකර ගැනීම සඳහා නානුඔය පොලිසිය අද (16) උදෑසන සිට මෙහෙයුමක් දියත් කර
ඇති බව පොලිසිය පවසයි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........